කොංගෝ රාජ්‍යයේ උතුරු ප්‍රදේශයේ ගංගාවක ගමන්ගත් බෝට්ටුවක් පෙරලීමෙන් 50ක් පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. බෝට්ටුවේ සියයකට අධික පිරිසක් ගමන් කර ඇති බවත් එයින් 50කගේ පමණ ජීවිත බේරා ගත් බවත් පොලිසිය පවසයි. යාත්‍රාව මොන්කොටො සිට මබැන්ඩකා දක්වා ගමන් කරමින් තිබී ඇත.
කොංගෝ රාජ්‍යයේ ජලමාර්ග දිගේ ගමනාගමනය ප්‍රචලිතව ඇතත් මෙම බෝට්ටුව නීති විරෝධී ලෙස රාත්‍රී කාලයේදී මගීන් ප්‍රවාහණය කර ඇති බව ප්‍රදේශයේ ආණ්ඩුකාරවරයා පවසයි.
බෝට්ටුව ආලෝකයෙන් තොරව ගමන් කර ඇති බවද මූලික පරීක්ෂණ වලින් හෙළිවී ඇත. කෙසේ වුවද පොලිසිය පවසන්නේ බෝට්ටුව පෙරලීමට හේතුව තවමත් අණාවරනය වී නොමැති බවයි.
මබැන්ඩකා ප්‍රදේශයේ මාරාන්තික ඉබෝලා වෛරසය ද දරුණු ලෙස පැතිරෙන අතර ජල මාර්ග ගමනාගමනය ඔස්සේ රෝගය කින්ශාසා අගනුවරට ද පැතිරීමේ අවදානමක් ඇතැයි බලධාරීහු අනතුරු අඟවා ඇත.
(බීබිසී ඇසුරිණි - 085)
ජනප්‍රිය කන්නඩ චිත්‍රපට නිළියක වන හර්ෂිකා පූණාචා සහ ඇගේ සැමියා ට කිසියම් කිරිසක් කරදර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.
උතුරු කොරියාවේ පාසල් දරු දැරියන් එක් වී, උතුරු කොරියා නායක කිම් ජොන් උන් අගයමින් ගැයූ ගීයක්, නායක කිම් ජොන් උන්ගේ ‘නිල ගීතය’ බවට පත් වී ඇතැයි උතුරු කොරි
ඉරානයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථම ඇමෙරිකාවට ඊශ්‍රායලය ඒ බව දැනුම් දුන් බව පැවැසෙයි. කෙසේ නමුත් තමන් ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාරයක් එල්
පාකිස්තානයේ පළාත් රැසකට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සහ අකුණු අනතුරු හේතුවෙන් 87 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 82 දෙනකු තුවාල ලබා ඇති බවත් පාකිස්තාන ජාතික
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි
ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කොංගෝ රාජ්‍යයේ බෝට්ටුවක් පෙරලීමෙන් 50ක් මියයති