IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කේට් කුමරියට ප්‍රශ්නයක්

ලන්ඩන්හිදීය (ඒ.එෆ්.පී)
 
බ්‍රිතාන්‍ය ඇකඩම් සම්මාන උලෙළට සහභාගී වීමේදී කේම්බ්‍රිජ් ආදිපාදවරිය වන කේට් කුමරියට අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි එරට පුවත්පතක් වාර්තා කරයි. 
 
ලිංගික හිරිහැර හා අඩත්තේට්ටම්කම්  වලට විරෝධය පළ කරමින් සම්මාන උලෙළට සහභාගීවන කාන්තාවන් කළු පැහැති ඇඳුම්වලින් සැරැසී පැමිණියහොත් කේට් කුමරියට එලෙස අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි පැවසේ. 
 
ලිංගික හිරිහැර හා අඩත්තේට්ටම්කම් වලට විරෝධය පළ කරමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවත ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලළේදී නිළියන්ද ඇතුළු සහභාගී වූ බොහෝ කාන්තාවෝ කළු ඇඳුමින් සැරසුණාහ. 
 
ඒ අනුව එය අනුගමනය කරමින් පෙබරවාරි 18 පැවත්වෙන 71 වැනි බ්‍රිතාන්‍ය ඇකඩමි සම්මාන උලළේදී (බැෆ්ටා) කාන්තාවන් කළු ඇඳුමින් සැරසීමේ සූදානමක් තිබෙන බව වාර්තා වේ. මේ අනුව විලියම් කුමරුට සහ කේට් කුමරියට සම්මාන උලෙළට සහභාගී වනවාද නැද්ද යන්න තීරණය කිරීමට සිදු වේ. 
 
රාජකීය කාන්තාවන් සම්පූර්ණ කළු ඇඳුමින් සැරසෙන්නේ ශෝක අවස්ථාවලදී පමණි. ඒ හැර අනෙකුත් රාජ්‍ය උත්සව, පොදු උත්සව යනාදියේදී රාජකීය කාන්තාවෝ සම්පූර්ණ කළු ඇඳුම් නොඅඳිති. එමෙන්ම රාජකීය පවුල්වල සාමාජිකයෝ පොදු විරෝධතාවලට ද සහභාගී නොවෙති. 
 
“කේට් කුමරිය රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය, කවදාවත් ඇති නොවූ අර්බුදකාරී අවස්ථාවක්” යනුවෙන් බි්‍රතාන්‍යයේ ‘ද ඬේලි ටෙලිග්‍රාෆ්’ පුවත්පත මේ කරුණ වාර්තා කර තිබිණි. 
 
055



අදහස් (1)

කේට් කුමරියට ප්‍රශ්නයක්

laksman Saturday, 10 February 2018 04:39 AM

කළු ඇඳුම කෙට් කුමරියට ප්‍රශ්නයක් වුණාට අපේ රටේ බොහෝ දෙනෙක් කළු ඇඳුමට කැමැතියි. නමුත් එම අයගේ චර්යාවනුත් කලුය. මහරගම අපේක්ෂා රෝහලේ සායනවලට එන බොහෝ රෝගීනුත් එම පාටට කැමතිය.

:       247       2

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 20 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 30 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 27 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 11 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 282 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 124 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1688 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site