IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කිර්ගිස්ථානයේ ජනාධිපති ඉල්ලා අස්වෙයි

මධ්‍යම ආසියානු රටක් වන කිර්ගිස්ථානයේ ජනාධිපති සුරොන්බායි ජින්බෙකොව් සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.

පසුගිය 04 වෙනිදා පැවැත්වුණු මතභේදාත්මක පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්දයෙන් ඇතිවූ ජනතා නොසන්සුන්තාවයෙන් පසුව මෙම ඉල්ලා අස්වීම සිදුවිය.

මැතිවරණයෙන් ජින්බෙකොව්ගේ පක්ෂය ජයග්‍රහනය ප්‍රකාශයට පත්කළ අතර විපක්ෂය ප්‍රථිපල ප්‍රතික්ෂේප කළේය.
 
 තමා ධූරයෙන් ඉවත්කරන ලෙස ඉල්ලා සිටින විරෝධතාකරුවන් හා ආරක්ෂක අංශ අතර ගැටුම් වලක්වාගැනීම සඳහා ඉල්ලා අස්වූ බව ජින්බෙකොව් ජනාධිපතිවරයා පවසා ඇත. ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ තමා ප්‍රචණ්ඩත්වයට අකමැති බවයි. "රාජ්‍ය දේපල ආරක්ෂා කිරීම සඳහා ආයුධ භාවිතා කිරීමට ආරක්ෂක අංශ බැඳී සිටී. රුධිරය අනිවාර්යයෙන්ම වැගිරෙනු ඇත.
 
ප්‍රකෝපකිරීම් වලට හසු නොවන්නැයි මම දෙපාර්ශවයෙන්ම ඉල්ලා සිටිමි. කිර්ගිස්ථාන ඉතිහාසය තුළ ලේවැගිරවූ සහ තමන්ගේම පුරවැසියන්ට වෙඩිතැබූ ජනාධිපතිවරයෙකු ලෙස මගේ නම සඳහන් වනවාට අකමැතියි" යනුවෙන් ජින්බෙකොව් පවසා ඇත.
 
පසුගිය සතියේ බන්ධනාගාරයෙන් නිදහස් කළ සාදීර් ජපරොව් නැමැති පුද්ගලයෙකු කිර්ගිස්ථාන පාර්ලිමේන්තුව විසින් අගමැති ධූරයට තෝරාගත් අතර ජින්බෙකොව්ට ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස බලකර ඇත්තේ පපරොව් සහ ඔහුගේ අනුගාමිකයන් විසිනි.
 
 චීනයට මායිම්ව පිහිටි, රුසියානු සමූහාණ්ඩුවට අයත්ව තිබූ රටක් වන කිර්ගිස්ථානයේථානයේ රුසියානු හමුදා කඳවුරක් සහ කැනඩාවට අයත් විශාල රන් ආකරයක් පවතී.
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085) 

 



අදහස් (1)

කිර්ගිස්ථානයේ ජනාධිපති ඉල්ලා අස්වෙයි

විජිත් Thursday, 15 October 2020 06:25 PM

"ප්‍රකෝපකිරීම් වලට හසු නොවන්නැයි මම දෙපාර්ශවයෙන්ම ඉල්ලා සිටිමි. කිර්ගිස්ථාන ඉතිහාසය තුළ ලේවැගිරවූ සහ තමන්ගේම පුරවැසියන්ට වෙඩිතැබූ ජනාධිපතිවරයෙකු ලෙස නම සඳහන් වනවාට අකමැතියි ".... ඒ රටේ දේශපාලන අර්බුදයේ සැබෑ වැරදි කරුවෝ කවුරුන් වුණත්, මේ ඉල්ලා අස්වූ රාජ්‍ය පාලකයාගේ "කියමනට" මම බෙහෙවින් ගරු කරනවා. ඔහු ඔහුගේ අතේ ලේ ගාගන්න අකමැති බව ඉන් කියැවෙනවා. අපේ රටේ පාලකයින්ගෙන් අතේ ලේ නොගෑවුණු පුද්ගලයෙක් වේ නම් ඒ ඩී.බී. විජේතුංග ජනාධිපතිවරයා පමණයි. අද සිට මේ මොහොත වෙනකම් රට පාලනය කරන පාලකයාත් අතුලුවම.. සියලුම පාලකයින්ගේ අත්වල මිනිස් ලේ තැවරී ඇත..

:       0       2

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 73 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 163 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 128 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1413 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 430 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


ඉරාන ජනාධිපතිට පුටින්ගෙන් ඇමතුමක්
2024 අප්‍රේල් මස 17 685 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1503 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site