වොෂින්ටන්හිදීය (රොයිටර්)
උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ තමන් අතර දෙවැනි හමුව නොවැම්බර් මස පැවැත්වෙන කොංග්‍රස් මැතිවරණයෙන් පසුව සිදුවන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය.
ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රස් සභාවේ මීළඟ සභා වාරය සඳහා මෙම මැතිවරණය පැවැත්වෙයි. නොවැම්බර් 6 වැනිදා පැවැත්වෙන මෙම මැතිවරණය ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩල මැතිවරණය ලෙස ද හැඳින්වේ.
මෙය ඇමෙරිකා එක්සත් ජනපදයේ මහ මැතිවරණය යනුවෙන් ද හැඳින්විය හැකිය.
අයිවා හි පැවැත්වෙන දේශපාලන රැළියකට යාමට පෙර මාධ්‍යවේදීන් අමතමින් ඇමෙරිකා ජනාධිපතිවරයා ඒ බව කීවේය.
“මැතිවරණයෙන් පසු මම උතුරු කොරියානු නායකයා හමුවීමට බලාපොරොත්තු වෙනවා” යැයි හෙතෙම කීය.
තමන් පසුගිය ජූලි මාසයේදී උතුරු කොරියානු නායකයා හමුවීමෙන් පසු ඇමෙරිකා එක්සත් ජනපදය සහ උතුරු කොරියාව අතර සබඳතා සැළකිය යුතු ප්‍රගතියක් පෙන්නුම් කර ඇතැයි ඇමෙරිකා ජනාධිපතිවරයා මීට පෙර අවස්ථාවකදී පැවැසීය.
“ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ පසුගිය සතියේදී උතුරු කොරියා නායක කිම් ජොන්ග් උන් හමු වී සාකච්ඡා පැවැත්වූවා. ඔවුන්ගේ සාකච්ඡා සාර්ථකයි. මීළඟ හමුව පිළිබඳ ස්ථාන කිහිපයක්ම සැලකිල්ලට ගෙන තිබෙනවා” ජනාධිපති ට්‍රම්ප් වැඩිදුරටත් කීය.
055
ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ
රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.
මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින
ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කිම්-ට්‍රම්ප් අතර දෙවැනි හමුව නොවැම්බරයේ