තායිලන්තයේ උතුරු දිග වනෝද්‍යානයක මියගොස් සිටියදී හමුවූ කැළෑ මුවෙකුගේ උදරයේ තිබී කැළි කසළ කිලෝගෑම් හතක් හමුවූ බව බලධාරීහු පවසති.
ප්ලාස්ටික් බෑග්, පිරිමි යට ඇඳුම්, ක්ෂණික කෝපි හා නූඩ්ල්ස් අසුරණ, රබර් අත්වැසුම්, කුඩා තුවායක් සහ ප්ලාස්ටික් කඹයක කොටසක් මුවාගේ උදරයේ තිබී හමුවී ඇත.
කුන් සාතන් වනෝද්‍යානයේ නිලධාරියකු පවසා ඇත්තේ මුවා මිය යෑමට පෙර, දිගු කාලයක් තිස්සේ ප්ලාස්ටික් ආහාරයට ගෙන ඇති බවයි.
ප්ලාස්ටික් හේතුවෙන් මුවාගේ ආහාර මාර්ගය අවහිර වී තිබූ බවත් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් බලධාරීහු පවසති.
මෙම සිද්ධියෙන් පසු වනෝද්‍යානයේ කැළිකසළ කළමනාකරණය සම්බන්ධ නව නීති පැනවීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ.
(බීබීසී ඇසුරිණි - 085)
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි
ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ
රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.
මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින
ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කැළෑ මුවකුගේ උදරයෙන් කසළ කිලෝග්‍රෑම් 7 ක්