ඩොලර් බිලියන 8.9 ක වත්කමක් හිමි සීමාසහිත ක්‍රවුන් රිසෝට්ස් පුද්ගලික සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ලෝ පතළ ඔස්ට්‍රේලියානු කැසිනෝ ව්‍යාපාරිකයකු වන ජේම්ස් පැකර් ඉල්ලා අස්වී ඇති බව ඔස්ට්‍රේලියානු පුවත්පත් පවසා සිටී. මෙයට හේතුව වී ඇත්තේ ඔහුගේ මානසික සෞඛ්‍ය තත්ත්වය බව පැවසේ.
ලොව 7 වැනි විශාලතම කැසිනෝ සමාගම වන ක්‍රවුන් සමාගමේ 47% ක කොටස් හිමි 50 හැවිරිදි පැකර් ඉවත්වීමට මූලික හේතුව වී ඇත්තේ ගායිකාවක වන මාරියා කේරි සමග තිබූ සම්බන්ධය කඩාවැටීම සහ ක්‍රවුන් සමාගමේ ව්‍යාප්ත වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්ත්වයක් උඩ ඇතිවූ මානසික කඩාවැටීමත් බව එම වාර්තා වැඩිදුරටත් සදහන්කරයි.
පැකර්ගේ ප්‍රකාශකයකූ කියා සිටියේ '' මේ අවස්ථාවේ පැකර් මහතාගේ මානසික සෞඛ්‍ය තත්ත්වය හොද නෑ. එමනිසා ඔහු තීරණය කර තිබෙනවා. ක්‍රවුන් සමාගමේ ඔහු දැරූ සියලු තනතුරු වලින් සහ වගකීම් වලින් ඉවත්වන්න." යනුවෙනි.‘
මෙම තත්ත්වය මත සමාගමේ කොටස් 1.4% කින් පහත බැස ඇත.එසේම මේ වනවිට සීමාසහිත ක්‍රවුන් රිසෝට්ස් සමාගමේ කොටස්කරුවන් විසින් සමාගමේ චීනයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ඔවුන්ට කිසිවක් නොදැන්වීම පිළිබදව සමාගමට විරුද්ධව නඩුවක්ද පවරා තිබේ.
ජේම්ස් පැකර් කැසිනෝ ව්‍යාපාරය ලංකාව තුල ව්‍යාප්ත කිරීමට මීට කලකට පෙර ප්‍රභල උත්සාහයක නිරතවිය.
(255)
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි
ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ
රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.
මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින
ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කැසිනෝ රජු ක්‍රවුන් රිසෝට් සමාගමෙන් ඉවත්වේ
sam Thursday, 22 March 2018 06:17 AM
මේවා තනිකරම වෙළඳ උපායයන් . මෙයාගේ තාත්තා ක්‍රවුන් කැසිනෝ ඒක ගොඩ නගලා, කොටස් වලට ඉහලම මිලක් ලැබුන වෙලාවේ කොටස් සියල්ලම විකුණා එයින් ඉවත් උනා . කෙරී පැකර් ඉවත් උනේ මේක අනාගතේ පාඩු ලබන නිසායි කියලා හැමෝම ඒකේ කොටස් විකුනන්න ගත්තා . වසර කිහිපයකින් ක්‍රවුන් කොටස් මිල තිබුන මිලෙන් බාගයකටත් වඩා අඩු උන විට කෙරී පැකර් නැවතත් කොටස් සියල්ලම (විකුණු මුදලින් බාගයකටත් අඩුවෙන්) නැවත මිලදී ගත්තා .