IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කැපිටල් හිල් පොලිස් නිලධාරීන් යට කරලා

මෝටර් රථයකින් පැමිණි අයකු ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර කැපිටල් හිල් ගොඩනැගිල්ල ඉදිරිපිට ආරක්ෂාවට රැදී සිටින පොලිස් නිලධාරීන් දෙදෙනකු යට කළ බවත් එක් පොලිස් නිලධාරියකු ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.

තුවාල ලැබූ අනෙක් පොලිස් නිලධාරියා රෝහල් ගත කෙරුණි. මියගියේ බිලී එවන්ස් නමැති පොලිස් නිලධාරියාය.

මෝටර් රථයෙන් ආ තැනැත්තා, යට කර ඇත්තේ, කැපිටල් හිල් ගොඩනැගිල්ල ඉදිරිපිට උතුරු දෙසින් පිහිටි මාර්ග බාධකය අසල සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකුය.

පොලිස් නිලධාරීන් අනතුරට ලක් කිරීමෙන් පසු මෝටර් රථයේ රියදුරු පිහියක් ද අතැතිව රථයෙන් පිටතට පැමිණ ඇත. සිද්ධිය වූ තැනට පැමිණි සෙසු නිලධාරීන් ඔහුට වෙඩි තැබූ බව පැවැසෙයි.

බරපතල ලෙස තුවාල ලැබූ රියැදුරු රෝහල් ගත කෙරුණි. පසුව වාර්තා වූයේ ඔහු මියගිය බවය.

සැකකාර රියැදුරා කළු ජාතික, මුස්ලිම් සම්භවයක් සහිත 25 හැවිරිදි තරුණයෙකි. ඔහුගේ නම නෝවා ග්‍රීන් බවත් වර්ජීනියා පදිංචිකරුවකු බවත් මාධ්‍ය වාර්තා කර තිබේ.

පසුගිය ජනවාරි 6 වැනිදා, පරාජය බාර ගැනීමට අකමැති වූ ජනාධිපති ධුරයේ සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් කළ උසි ගැන්වීම් හේතුවෙන්, දහස් ගණනින් ඔහුගේ ආධාරකරුවන් සහ සුදු අන්තවාදීන් කැපිටල් හිල් ගොඩනැගිල්ලට කඩා වැදුණි.

කැපිටල් හිල් යනු ඇමෙරිකානු කොංග්‍රසය (පාර්ලිමේන්තුව) රැස්වන ගොඩනැගිල්ලය.

ජනවාරි 6 වැනිදා සිද්ධිය ඇමෙරිකාවට කළු පැල්ලමක් වූ අතර, ඉන්පසු කැපිටල් හිල් ගොඩනැගිල්ලට විශේෂ ආරක්ෂාවක් යොදවා ඇත.

පොලිස් නිලධාරීන් යට කිරීමේ සිදුවීමෙන් පසු කැපිටල් හිල් ගොඩනැගිල්ලේ ආරක්ෂාව තවත් තර කළ බව කැපිටල් හිල් වැඩ බලන පොලිස් ප්‍රධානී යෝගනන්ද පිට්මන් මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.

කැපිටල් හිල් පොලිස් නිලධාරීන්ට එල්ල වුණු 'ප්‍රහාරය' සම්බන්ධයෙන් කොංග්‍රස් කථා නායිකා නැන්සි පෙලොසි සොව පළ කර තිබේ.

ප්‍රහාරය හෙලා දකිමින් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත්තේ මියගිය සහ තුවාල ලැබූ පොලිස් නිලධාරීන් සිහි කරමින් අගනුවර ජාතික ධජ ලබන 6 වැනිදා තෙක් අඩකුඹුකර තබන ලෙසය.

ඩේලිමේල්



අදහස් (0)

කැපිටල් හිල් පොලිස් නිලධාරීන් යට කරලා

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

කන්නඩ නිළියට කරදර කරලා
2024 අප්‍රේල් මස 20 126 0

ජනප්‍රිය කන්නඩ චිත්‍රපට නිළියක වන හර්ෂිකා පූණාචා සහ ඇගේ සැමියා ට කිසියම් කිරිසක් කරදර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.


උතුරු කොරියා නායකයා වෙනුවෙන් ගීතයක්
2024 අප්‍රේල් මස 20 89 0

උතුරු කොරියාවේ පාසල් දරු දැරියන් එක් වී, උතුරු කොරියා නායක කිම් ජොන් උන් අගයමින් ගැයූ ගීයක්, නායක කිම් ජොන් උන්ගේ ‘නිල ගීතය’ බවට පත් වී ඇතැයි උතුරු කොරි


ඉරානයට පහර දුන්නේ ඇමෙරිකාව දැනුවත්ව
2024 අප්‍රේල් මස 20 96 0

ඉරානයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථම ඇමෙරිකාවට ඊශ්‍රායලය ඒ බව දැනුම් දුන් බව පැවැසෙයි. කෙසේ නමුත් තමන් ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාරයක් එල්


පාකිස්තානයට මහ වැසි: 87 ක් මරුට
2024 අප්‍රේල් මස 20 35 0

පාකිස්තානයේ පළාත් රැසකට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සහ අකුණු අනතුරු හේතුවෙන් 87 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 82 දෙනකු තුවාල ලබා ඇති බවත් පාකිස්තාන ජාතික


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 861 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 126 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1546 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1435 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site