කැනඩාවේ, අවුරුදු 12 ත් 15 ත් අතර වයස් කාණ්ඩයේ දරුවන්ට ‘ෆයිසර්’ ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීම ඊයේ (5) සිට ආරම්භ විය.
අවුරුදු 12 ත් 15 ත් වයස් කාණ්ඩයේ දරුවන්ට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබා දීමට පියවර ගත් පළමු රට කැනඩාය.
‘ෆයිසර්’ ප්‍රතිශක්තිකරණ එන්නත අවුරුදු 16 ට වැඩි ඕනෑම කෙනකුට සුදුසු යැයි ‘ෆයිසර්’ ආයතනය පෙන්වා දී ඇති අතර, කැනඩාවේ, ඇමෙරිකාවේ සහ මහා බ්‍රිතාන්‍යයේ මේ වනවිටත් අවුරුදු 16 ට වැඩි ඕනෑම අයකුට එන්නත ලබා දීම සිදුවෙයි. කොරෝනා වයිරසයට එරෙහිව මෙතෙක් නිපදවා ඇති අතුරු ආබාධ අඩු, සාර්ථක එන්නත ලෙස සැලකෙන්නේ මෙම ‘ෆයිසර්’ එන්නතය.
මේ වනවිට කැනඩාවේ කොරෝනා ආසාදිතයන් ගණන මිලියන 1.2 කි. එයින් සියයට 20 ක් අවුරුදු 19 ට අඩු දරුවන් යැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. ඒ අනුව, සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශය වූයේ කඩිනමින්, අවුරුදු 12 ත් 15 ත් වයස් කාණ්ඩයේ දරුවන්ට එන්නත ලබා දිය යුතු බවය.
කැනඩාවේ එන්නත්කරණ වැඩසටහනට එන්නත් කීපයක් යොදා ගැනෙයි. ‘ෆයිසර්’, ‘මොඩර්නා’, ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ සහ ‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’ යනු එම එන්නත්ය.
රුධිර කැටි ගැසීමේ බියක් පවතින බැවින්, ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ සහ 'ජොන්සන් ඇන්ඩ් ජොන්සන්' එන්නත් ලබා ගැනීමට කැනඩා වැසියෝ මැලිකමක් දක්වති.
කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ සහ බිරිඳ පසුගිය දා ලබා ගත්තේ මෙම ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නතය. ඒ, එය ලබා ගැනීමට බිය නොවන්නැයි කැනඩා වැසියන්ට පවසමිනි.
කැනඩාවේ එන්නත්කරණ වැඩසටහන ආරම්භ කළ දා පටන් එය සිදුවන්නේ ඉතා මන්දගාමීව ය. ඊට එක් හේතුවක් වී ඇත්තේ ප්‍රමාණවත් තරම් එන්නත් එරටට නොලැබීමය.
මේ වනවිට ‘ෆයිසර්’, ‘මොඩර්නා’, ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’යන එන්නත්වල පළමු මාත්‍රාව ලබාගෙන ඇත්තේ කැනඩා වැසියන්ගෙන් සියයට 34 ක ප්‍රතිශතයක් පමණි.
‘ෆයිසර්’ එන්නත නිපදවන්නේ ඇමෙරිකාවේ ‘ෆයිසර්’ ඖෂධ නිෂ්පාදන සමාගමය. ඒ, ජර්මනියේ ‘බයෝ ඇන්ටෙක්’ සමාගම සමඟ අත්වැල් බැඳ ගනිමිනි. මාත්‍රා දෙකකින් යුත් ‘ෆයිසර්’ එන්නත සියයට 95 ක් සාර්ථක බව පැවැසෙයි.
නව විකෘති වයිරස ප්‍රභේදවලට එරෙහිව ද ‘ෆයිසර්’ එන්නත සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරන බවත්, එම විකෘති ප්‍රභේදවලින් ආරක්ෂා වීමට නම් මාත්‍රා 3 ක් ලබා ගැනීම කළ යුතු බව ‘ෆයිසර්’ වෛද්‍ය පර්යේෂකවරු පෙන්වා දෙති.
මේ අතර ඇමෙරිකා එක්සත් ජනපදය මෙන්ම මහා බ්‍රිතාන්‍යය ද එම රටවල අවුරුදු 12 ත් 15 ත් වයස් කාණ්ඩයේ දරුවන්ට 'ෆයිසර්' එන්නත් ලබා දීම සූදානමින්සිටින බව වාර්තා වේ.
ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පසුගිය දා මාධ්‍ය හමුවතක් කැඳවමින් කියා සිටියේ, ලබන ජූලි 4 වැනිදා ඇමෙරිකානුවන් නිදහස් දිනය සමරද්දී, එරට වැසියන්ගෙන් සියයට 70 කට එන්නත් දී අවසන් කිරීමට බලාපොරොත්තු වන බවය
ඔන්ටෙරියෝහිදීය (රොයිටර්)
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කැනඩාවේ අවුරුදු 12 ත් 15 ත් දරුවන්ට ’ෆයිසර්’ එන්නත