IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


කැනඩා අගමැතිට ඇනුම්පදකී චෝදනා ඉන්දීයාව ප්‍රතික්ෂේප කරයි

නවදිල්ලියේදීය (ද හින්දු ඇසුරිනි)
 
දින හතක නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ සිටින කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝට ඇනුම් පද කී බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ඉන්දීය මධ්‍යම ආණ්ඩුව ප්‍රකාශ කරයි. 

 
නිල සංචාරයක් සඳහා ඉරිදා (18) ඉන්දියාවට පැමිණි කැනඩා අගමැතිවරයා ‘මහත්මා ගාන්ධිගේ සබාර්මති ආශ්‍රමයට’ (ගාන්ධි ආශ්‍රමය) ප්‍රණාමය පුද කළ අතර අක්ෂාර්දාම් විහාරස්ථානයටත් අහ්මෙදාබාද්හි ඉන්දීයානු කළමනාකරණ ආයතනයේ සංචාරයකත් නිරත විය. 
 
කැනඩා අගමැතිවරයා, බිරිඳ ග්‍රෙගොරි සහ දරු තිදෙනා සමඟ සඳුඳා (19) ගුජරාට ප්‍රාන්තයේ සංචාරය කළ අවස්ථාවේදී ඔහු පිළිගැනීමට ප්‍රාන්ත මහ ඇමතිවරයා නොපැමිණීම සම්බන්ධයෙන් ද ආණ්ඩුවට චෝදනා එල්ල වී තිබේ. 
 
“මහ ඇමැතිවරයාට පැමිණීමට නොහැකි වුණා. ප්‍රාන්ත සභාවේ අයවැය සැසිවාරයේ පළමු දිනය යෙදී තිබූ නිසා මහ ඇමැතිවරයාට කැනඩා අගමැතිවරයා පිළිගැනීමේ අවස්ථාවට සහභාගී වීමට නොහැකි වුණා. එහෙත් රජය කැනඩා අගමැතිවරයාට සියලු පහසුකම් සපයා දුන්නා. ඒ සම්බන්ධයෙන් ඔහු සතුටෙන් සිටියේ” යැයි චෝදනාවලට පිළිතුරු දෙමින් ප්‍රාන්ත මහලේකම් ජේ.එන්. සිංග් මාධ්‍යවේදීන් හමුවේ පැවසීය. 
 
කැනඩා අගමැතිවරයාගේ සංචාරය සම්බන්ධයෙන් ඉන්දීය අගමැති මෝදි නිහඬ පිළිවෙතක් අනුගමනය කර තිබීම සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී තිබේ. විදෙස් නායකයන්, රාජ්‍ය තාන්ත්‍රිකයන් ඉන්දියාවේ සංචාරය කරන විටදී ඔවුන් පිළිගනිමින් ඉන්දීය අගමැතිවරයා සාමාන්‍යයෙන් ට්විටර් පණිවිඩයක් යොමු කළත් කැනඩා අගමැතිවරයා පිළිගනිමින් එසේ නොකිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබේ. 
 
කැනඩාවේ සිටින කාලිස්තානි බෙදුම්වාදී කණ්ඩායම්වලට කැනඩා රජය සහාය දැක්වීම සහාය දැක්වීම නිසා මෙම අර්බුදය හටගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 
 
කැනඩා අග්‍රාමාත්‍යවරයා අග්‍රාවේ සංචාරය කළ අවස්ථාවේදී උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත මහ ඇමැති ආධිත්‍යනාත් ද ඔහු මුණ ගැසීම මග හැරීය. 
 
චීන ජනාධිපති ෂී ජින්පින්ග්, ජපාන අගමැති ෂින්සෝ අබේ සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු තමන්ගේ ප්‍රාන්තය වන ගුජරාටයේ සංචාරය කළ අවස්ථාවේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඔවුන් සමඟ ගුජරාට ප්‍රාන්තයේ සංචාරය කළේය. එහෙත් මෙවර ඉන්දීය අගමැතිවරයා කැනඩා අගමැතිවරයා සමඟ සංචාරයට එක් නොවීය. 
 
ඉන්දීය අගමැති මෝදි කැනඩා අගමැතිවරයා හමුවනු ඇත්තේ පෙබරවාරි 23 වැනිදා නිල වශයෙන් පැවත්වෙන සාකච්ඡාවලදී පමණක් බව වාර්තා වේ. 
 
055



අදහස් (5)

කැනඩා අගමැතිට ඇනුම්පදකී චෝදනා ඉන්දීයාව ප්‍රතික්ෂේප කරයි

KANDEPOLA Thursday, 22 February 2018 03:58 AM

කැනඩාව ලෝකයේ තිබෙන සියලු ත්‍රස්තවාදී සංවිධාන සාමාජිකයින්ට රැකවරණ සපයන රටක්. එල් ටී ටී ඊ සාමාජිකයින් පවා විශාල පිරිසක් ඒ රටේ රැකවරණය ලබනවා. ඉන්දීය නායකයින්ට එලෙස තම අප්‍රසාදය පල කරන්න තරම් කොන්දක් තිබෙන බව පෙන්නලා තියෙනවා.

:       9       435

SAM Thursday, 22 February 2018 03:09 PM

ඉන්දියාව කලදෙට අපේ ආචාරය. කැනඩාව එහෙ ඉන්න ලංකාවේ කොටින්ටත් උදඋ කරන්නේ ඔය වගේ තමි.

:       0       0

අචලා Thursday, 22 February 2018 11:42 PM

කැනඩාව උඩින් හොද මූන පෙන්වගෙන හිටියට, කැනඩාව තමයි ලෝකයේ හැම රටකම බෙදුම්වාදී, ත්‍රස්තවාදීන්ට රැකවරණය සහා ප්‍රතිපාදන සපයන්නේ. කැනඩාව කියන්නේ භායනක රටක්. ඒක නිසා ඒක අපිත් ලං නොකර ගත යුතුයි.

:       0       0

Ranjith Silva Friday, 23 February 2018 01:16 AM

මිනිස් ශ්‍රමයෙන් හිඟ කැනඩාව ඕනේ රටක මිනිස්සු බාර ගන්නවා. ඒ අය යක්කුද කවුද කියල බලන්නේ නැහැ. ලෝකෙම කුණුගොඩ කැනඩාවයි. සමහර හොද අයත් ඉන්නවා ඒත් ටිකක් පමණයි.

:       0       0

Saranga Friday, 23 February 2018 04:24 AM

මේක කැනඩාවේ ප්‍රශ්නයක් නෙමෙයි. ලිබරල් මතධාරී ආණ්ඩුව සහ ට්‍රුඩෝ අගමැතිගේ වැරැද්ද. කිසිම දෙයක් විනිවිධ භාවයෙන් නොකරන කෙනෙක්. මොහු ත්‍රස්තවාදීන් ලෙස හිරේ සිටි කැනඩා ජාතිකයින් 3කට නඩු නොඅසා මිලියන 50 බැගින් පිරිනැමුවා ගිය වසරේ. මේ ඉන්දීය සංචාරය ගියේ ඉන්දියානු ඡන්ද ගන්න.

:       0       49

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 34 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 645 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 369 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


ඉරාන ජනාධිපතිට පුටින්ගෙන් ඇමතුමක්
2024 අප්‍රේල් මස 17 492 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ


ඔලිම්පික් ගිනි සිළුව ප්‍රංශය බලා එයි
2024 අප්‍රේල් මස 17 515 0

ජූලි මස 26 වැනිදා සිට අගෝස්තු මස 11 වැනිදා දක්වා ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වීමට සැලසුම් කර තිබෙන 2024 ඔලිම්පික් උලෙළේ ගිනි සිළුව ප්‍රංශය බලා රැගෙන යෑමේ ස


ඩුබායි ගුවන්තොටුපොළ ජලයෙන් යටවෙයි
2024 අප්‍රේල් මස 17 5067 5

නොකඩවා ඇද හැලෙන මහ වැසි සහ තද සුළංවලින් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය බැටකයි. ඩුබායි නගරය මේ වනවිට ජලයෙන් යටවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 190 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1480 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1390 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site