IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කැටලෝනියා ජනමත විමසුම උණුසුම් වෙයි

බාසිලෝනාහිදීය (ඒ.එෆ්.පී/රොයිටර්)
 
ස්පාඤ්ඤයෙන් වෙන්වී වෙනම රාජ්‍යයක් බවට පත්වෙනවා ද නැද්ද යන්න තීරණය කිරීමේ අරමුණින් පැවැති ජනමත විමසුමෙන් කැටලෝනියාවට වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමට අවශ්‍ය අයිතිය දිනාගත් බව එම ප්‍රාන්තයේ නායක කාල්ස් පුයිජේමොන්ට් අද (2) ප්‍රකාශ කළේය. 
 
ස්පාඤ්ඤ ආණ්ඩුවේ දැඩි විරෝධය හා ප්‍රචණ්ඩ ක්‍රියා මධ්‍යයේ ඉරිදා (1) ජනමත විමසුම පැවැත්විණි. නිදහස ප්‍රකාශ කිරීම සඳහා ඒකපාර්ශවීය අයිතිය දැන් විවෘත වී ඇතැයි ද කැටලෝනියා ප්‍රාන්තයේ නායකයා ජනමත විමසුමේ ප්‍රතිඵල නිකුත් වන අතරවාරයේදී ප්‍රකාශ කළේය.  
 
ජනමත විමසුමට සහභාගි වූ පිරිසෙන් සියයට 90කට වැඩි පිරිසක් කැටලෝනියාව වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමට සහාය දක්වමින් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි එම ප්‍රාන්තයේ බලධාරීහූ ප්‍රකාශ කළහ. ඡන්දය ප්‍රකාශ කළ පිරිස සියයට 42.3ක් යැයි ද එම බලධාරීහූ කීහ. 
 
ස්පාඤ්ඤයේ ව්‍යවස්ථා අධිකරණය ජනමත විමසුම පැවැත්වීම තහනම් කර තිබු අතර ඡන්දය ප්‍රකාශ කිරීම වැළැක්වීමට පොලිසය ගත් උත්සහයෙන් සියය ගණනක් තුවාල ලැබූහ. ඡන්ද පත්‍රිකා හා ඡන්ද පෙට්ට තම භාරයට ගැනීමට බලධාරීන් කටයුතු කර තිබිණි. 
 
කැටලෝනියාවේ ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නොමගා යවා ඇතැයි ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය මරියානෝ රාජෝයි පවසා තිබේ. 
 
කැටලෝනියානු ප්‍රාන්ත බලධාරීන්ට අනුව මිලියන 2.2 ක් ඡන්දය ප්‍රකාශ කර තිබෙන සමස්ත ලියාපදිංචි ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව මිලියන 5.3ක් යැයි ද ඔවුහු කියති. ඡන්ද පොළවල් වසා දැමීම හා ඡන්ද පෙට්ටි රාජසන්තක වීම නිසා ඡන්ද 750,000කට ආසන්න සංඛ්‍යාවක් ගණනය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයි කැටලෝනියා ප්‍රන්තයේ ප්‍රකාශකයා කීය. 
 
“බලාපොරොත්තු අපේක්ෂා සහ පීඩාව මධ්‍යයේ  ස්වාධීන රාජ්‍යයක්, ජනරජයක් පිහිටුවීම සඳහා කැටලෝනියා ජනතාවට අයිතිය ලැබී ඇතැයි” රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් කාල්ස් පුයිජේමොන්ට් ප්‍රකාශ කළේය. 
 
“ඉදිරි දින කිහිපයේදී ජනමත විමසුමේ ප්‍රතිඵල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ස්වෛරීත්වය සහිත ජනතාව සිටින්නේ එහි බව කිව යුතුයි. ජනමත විමසුමට අදාළ නීති රීති අනුව ඔවුන් කටයුතු කරාවි” ප්‍රාන්ත නායකයා කීය.
 
මෙම අවස්ථාවේදී යුරෝපා සංගමයට ඉවත බැලිය නොහැකි යැයි ද කැටලෝනියා ප්‍රාන්ත නායකයා තවදුරටත් කීවේය. ඡන්දය ප්‍රකාශ කිරීම වැළැක්වීම සඳහා පොලිසිය බැටන් පොලුවලින් සහ පා පහර දෙන අයුරු දක්නට ලැබුණු බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. 

055



අදහස් (1)

කැටලෝනියා ජනමත විමසුම උණුසුම් වෙයි

wickrama Monday, 02 October 2017 12:22 PM

මේවා අපිට හොඳ පාඩම්!

:       0       1

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 227 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 98 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 224 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 151 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1497 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 444 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1509 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1414 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site