ශ්රීනගර්හිදීය (රොයිටර්)
ඉන්දීය ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රහාරයකින් කාශ්මීරයේ සිවිල් වැසියන් තිදෙනකු මියගොස් 70කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
සටන්කාමීන් බව කියන පිරිසකට එරෙහිව මෙහෙයුමක් දියත් කිරීමට යෑම නිසා ඇති වූ ගැටුම් හේතුවෙන් සිවිල් වැසියන් එලෙස ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය සහ එහි ජනතාව පැවසූහ.
මෙම ගැටුම්වලින් සටන්කාමීන් ඇතුළු තවත් 17 දෙනකු ද ජීවිතක්ෂයට පත්වූ බව පොලිස් නිලධාරියකු ප්‍රකාශ කළ අතර මෙම ගැටුම් දකුණු කාශ්මීරයේ මේ වසරේ ඇති වූ ප්‍රචණ්ඩකාරීම ගැටුම් යැයි ද පැවසේ. දකුණු කාශ්මීර ප්‍රදේශයේ ගම්මානයක මෙම ගැටුම් ඇතිවිය.
දකුණු කාශ්මීරයේ ෂෝපියන් දිස්ත්‍රික්කයේ කච්දූරා ගම්මානයේ සටන්කාමීන් සහ ආරක්ෂක අංශ අතර වෙඩි හුවමාරුවක් ඇති වී තිබෙන අතර එය නැවැත්වීම සඳහා ගම් වැසියන් සිය ගණනක් විදීවලට පැමිණ තිබේ. එම අවස්ථාවේදී ඔවුන් විසුරුවා හැරීම සඳහා ආරක්ෂක අංශ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ. ආරක්ෂක අංශ ඉන් අනතුරුව වෙඩි තබා තිබේ.
විරෝධතා අවසන් වූ පසු ආරක්ෂක අංශ මෙහෙයුම නැවැත්වූ බව ගම්වාසී කීහ. ගැටුම්වලින් සටන්කාමීන් පස් දෙනකු සහ සොල්දාදුවන් තිදෙනකු මියගිය බව පොලිසිය සඳහන් කළේය.
මුස්ලිම් බෙදුම්වාදීහු 1980 වසරේ අග භාගයේ සිට ඉන්දියාවට අයත් කාශ්මීර ප්‍රදේශයේ ඉන්දීය පාලනයට එරෙහිව ප්‍රචණ්ඩකාරී ලෙස විරෝධතා පවත්වති. ඉරිදා, (1) මෙම කලාපයේ තවත් ගම්මාන දෙකක ද ගැටුම් ඇති වූ බව වාර්තා විය.
නැවත ප්රචණ්ඩ ක්‍රියා ඇතිවීමේ අවධානමක් ඇති බැවින් ආරක්ෂක පියවරක් ලෙස කාශ්මීරයේ පාසල් වසා දැමීමට බලධාරීන් කටයුතු කළ අතර ප්‍රදේශ කිහිපයක විවිධ සීමා කිරීම් පැනවීමට ද බලධාරීන් කටයුතු කර තිබිණි.
දකුණු කාශ්මීරයට ගමන් කරන දුම්රිය තාවකාලිකව නවතා දැමීමට කටයුතු කළ බව දුම්රිය බලධාරියකු කී අතර දිස්ත්‍රික්ක පහක අන්තර්ජාල සේවා අවහිර කටයුතු කිරීමට බලධාරීන් කටයුතු කර තිබිණි.
055
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කාශ්මීරයේ නැවත ප්රචණ්ඩ ක්‍රියා