IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කාශ්මීරයේ කැරලිකරුවන් - පොලිසිය අතර ගැටුමකින් දෙදෙනෙක් මරුට

ඉන්දීය පරිපාලනය යටතේ තිබෙන කාශ්මීරයේ සිදු වූ වෙඩි හුවමාරුවකින් පොලිස් නිලධාරියකු ඇතුළු දෙදෙනකු මියගොස් ඇතැයි ඉන්දීය පොලිසිය සඳහන් කරයි. 

මතභේදාත්මක කාශ්මීර ප්‍රදේශයේ බරාමුල්ලා දිස්ත්‍රික්කයේදී සන්නද්ධ කැරැලිකරුවන් හා පොලිසිය අතර මෙම වෙඩි හුවමාරුව සිදුව තිබෙන අතර ඉන්දීය රජය කාශ්මීරයට ලබා දී තිබූ විශේෂ බලතල ඉවත් කිරීමෙන් පසු ගැටුමක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය විය. එම පියවර ගැනීමෙන් පසුව සිය පාලනය යටතේ තිබෙන කාශ්මීර කොටසට ඇඳිරි නීතිය පැනවීමටත් සන්නිවේදන ජාල අවහිර කිරීමටත් ඉන්දීය රජය පියවර ගත්තේය.

ඉන්දියාව සහ පාකිස්තානය අතර දේශසීමාවේ පාලන සීමාවේ සිදු වූ ගැටුමකින් සිවිල් වැසියන් තිදෙනකු ජීවිතක්ෂයට පත්වූ බව පාකිස්තානය සඳහන් කළේය. ඉන්දියාව සහ පාකිස්තානය අතර අර්බුද පවතින කාශ්මීරයේ පාලන සීමාව නැතහොත් දේශසීමාවේදී වෙඩි තැබීම සිදුව ඇතැයි පාකිස්තාන බලධාරීහු කීහ.

පාලන සීමාවේ සහ පූන්ච් දිස්ත්‍රික්කයේ ඉදිරිපෙළ මුරපොළවලට සහ ගම්මානවලට පාකිස්තාන හමුදා කළ වෙඩි තැබීම්වලින් ඉන්දීය සොල්දාදුවකු මියගොස් තවත් සිවුදෙනකු තුවාල ලැබුවේ යැයි ඉන්දීය නිලධාරීන් උපුටා දක්වමින් පී.ටී.අයි. පුවත් සේවය වාර්තා කළේය.

ඉන්දීය රජය එරට පාලනය යටතේ තිබෙන කාශ්මීරයට ලබා දී තිබූ විශේෂ බලතල ඉවත් කිරීමත් සමඟ එම ප්‍රාන්තයේ ප්‍රධාන නගරය වන ශ්‍රී නගර් හි විරෝධතා ආරම්භ විණි. ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 වගන්තියෙන් ඉන්දීය පාලනය යටතේ තිබෙන ජම්මු සහ කාශ්මීර ප්‍රාන්තයට ස්වයං පාලන බලතල ලබා දී තිබිණි. ඉන්දීය රජය ඉකුත් දා අහෝසි කරන ලද්දේ එම වගන්තියයි.

එයින් පසුව ඉන්දියාව මතභේදාත්මක කාශ්මීර ප්‍රදේශයට අමතර බළඇණි යැවීමටත් ඇඳිරි නීතිය පැනවීමටත්, සන්නිවේදන ජාල අවහිර කිරීමටත් පියවර ගත්තේය. ඊට අමතරව කාශ්මීරයේ දේශපාලන නායකයන් ද අත්අඩංගුවට ගත්තේය.

ආරක්ෂක අංශ සහ රජයේ ආරංචි මාර්ගවලට අනුව ඉන්දීය පාලනයේ තිබෙන කාශ්මීරයේදී 4,000කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

පාකිස්තානයද කාශ්මීරයට අයිතිවාසිකම් කියයි. ඉන්දීය පාලනය යටතේ තිබෙන කාශ්මීරයට ලබා දී තිබූ විශේෂ බලතල ඉවත් කිරීමට ඉන්දියාව ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ජාත්‍යන්තර අධිකරණයට යන බව පාකිස්තානය අඟහරුවාදා සඳහන් කළේය.

(අල්ජසීරා ඇසුරිනි සහ ඒ.එෆ්.පී. ඇසුරිනි)

 055


 



අදහස් (0)

කාශ්මීරයේ කැරලිකරුවන් - පොලිසිය අතර ගැටුමකින් දෙදෙනෙක් මරුට

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 166 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 103 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 96 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 26 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 292 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 134 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site