චීනය පිට කරන හරිතාගාර වායු ප්‍රමාණය (කාබන් විමෝචනය) ලෝකයේ සියලුම සංවර්ධිත රටවල් ඒකාබද්ධව පිට කරන හරිතාගාර වායු ප්‍රමාණයට වඩා වැඩි යැයි නවතම වාර්තාවකින් අනාවරණය වී ඇත.
රෝඩියම් කණ්ඩායම සිදු කරන ලද පර්යේෂණයකට අනුව ලෝකය පිට කරන ලද හරිතාගාර වායු ප්‍රමාණයෙන් සියයට 27ක් නිකුත් කර ඇත්තේ චීනය යි.
රෝඩියම් පර්යේෂණ ආයතනයට අනුව ඇමෙරිකාව පිට කර ඇති හරිතාගාර වායු ප්‍රමාණය සියයට 11 කි. එහි තෙවැනි තැන සිටින්නේ ඉන්දියාව යි. ඉන්දියාව නිකුත් කර ඇති හරිතාගාර වායු ප්‍රමාණය සියයට 6.6කි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ චීනයේ එකඟතාවයකින් යුතුව දේශගුණික විපර්යාස වැළැක්වීම අපහසු යැයි විද්‍යාඥයෝ අනතුරු අඟවති.
චීනයෙන් පරිසරයට නිකුත් වන හරිතාගාර වායු ප්‍රමාණය පසුගිය දශක තුනක කාලයේ දී තුන් ගුණයකින් වැඩි වී ඇතැයි රෝඩියම් පර්යේෂණ ආයතනය සඳහන් කරයි.
රෝඩියම් යනු ඇමෙරිකා එක්සත් ජනපදය කේන්ද්‍ර කරගෙන පිහිටි පර්යේෂණ ආයතනයකි.
ආසියාවේ බලවතා වන චීනය ලොව වැඩිම ජනගහනයක් සිටින රට ද වේ. එම නිසාම ඒක පුද්ගල වායු විමෝචනය අතින් චීනය ඇමෙරිකාවට පසුපසින් පසුවෙයි. කෙසේ නමුත් එම වායු විමෝචනය ද වැඩි වී ඇතැයි පර්යේෂකයෝ පෙන්වාදෙති. පසුගිය දශක දෙකක කාලයේ දී එම වායු විමෝචනය ද තුන් ගුණයකින් වැඩි වී ඇත.
වසර 2060 වනවිට හරිතාගාර වායු විමෝචනය අවම කිරීමට චීනය අවධාරණය කර ඇත. කෙසේ නමුත් චීනයේ හරිතාගාර වායු විමෝචනය 2030 කලියෙන් උච්ඡතටම අවස්ථාවට පැමිණෙන්නේ නැතැයි පර්යේෂකයෝ පෙන්වාදෙති.
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සංවිධානය කළ දේශගුණික සමුළුව ඉකුත් මාසයේ දී පැවැත්විණි.
සිය පොරොන්දුව ඒ අයුරින්ම ඉටු කරන බව එම සමුළුව ඇමතූ චීන ජනාධිපති ෂී ජින්පින්ග් පැවැසීය.
“මනුෂ්‍ය වර්ගයාට බෙදාහදාගත් අනාගතයක් සහිත ප්‍රජාවක් ගොඩනැගීමේ අපගේ වගකීමත් තිරසර සංවර්ධනය සුරක්ෂිත කිරීමේ අපගේ අවශ්‍යතාවත් වෙනුවෙන් අපි මෙම උපායමාර්ගික තීරණය ගත්තා” යැයි චීන ජනාධිපතිවරයා එහිදි පැවැසීය.
කෙසේ නමුත් චීනය ගල් අඟුරු මත විශාල වශයෙන් යැපෙයි.
චීනය වර්තමානය වනවිට ගල් අඟුරු බලාගාර 1,058ක් පවත්වාගෙන යන අතර එය ලෝකයේ ගල් අඟුරු බලාගාර ධාරිතාවයෙන් අඩකටත් වඩා වැඩි ය.
වසර 2015 දී අත්සන් තබන පැරිස් සම්මුතියට අනුව ලොව රටවල් 197ක් ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශකට දෙකට වඩා අඩු අගයක පවත්වාගෙන යෑමට පොරොන්දු විය.
කෙසේ නමුත් ලෝකය එම ඉලක්කයට ළඟා වීමට බොහෝ ඈතින් සිටියි.
බී.බී.සී.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කාබන් විමෝචනය වැඩිම රට චීනය
kapila Sunday, 16 May 2021 11:54 AM
චීනෙට මඩ ගහන්න එපා... අපිත් දැන් චීන වැසියන් වගේ.