2019 ජනවාරී 1 වැනි දා සිට ඉන්ධන මිල යුරෝ සෙන්ටිම් 7 කින් ඉහළ දැමීමට ප්‍රංශ රජය තීරණය කළේය. වර්තමාන ප්‍රංශ රජය විසින් මෙම ප්‍රකාශය කරනු ලැබුවේ පසුගිය ඔක්තෝබර් පළමු සතියේය. ඒ අතරතුර විශ්‍රාමිකයන්ගේ මාසික වැටුපට අනුබද්ධ දැනට අයකර ගන්නා බදු ප්‍රතිශතය 1.7% කින් ඉහළ දැමීමට තීරණය කළේය.
ඔක්තෝබර් 1 වැනිදා සිට ගෑස්මිල හා විදුලිබිල ඉහළ දැමීය. පසුගිය ජුලි මස 7.45% ඉහළ ගිය ගෑස් මිල ඔක්තෝබර් මස තවත් සියයට 3.25% ඉහළ දැමීය. අවසානයේ නොවැම්බර් 1 වැනි දා සිට එම මිල නැවතත් 5.79% කින් ඉහළ දැමීය.
මේ අනුව එක වසරක් තුළ පමණක් ගෑස් මිල 20% කින් ඉහළ ගියේය. ඊට අමතරව මහජනයාට බලපාන වෙනත් බදු කිහිපයක් ද ඉහළ දැමීය. වාහනයක් පාවිච්චි කරන අයකු තාක්ෂණ පාලන බදු වැඩි විය. වාහන නැවැත්වීමේ ගාස්තු ද වැඩි කළේය.
අධිවේගී මාර්ග පිවිසුම් ගාස්තු වැඩි කළ අතර සාමාන්‍ය ජනයාගේ අතවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිල ද ඉහළ ගියේය. ජනයාගේ ජීවන බර නොදැනුවත්වම ඉහළ යද්දී ධනවතුන්ට බදු සහන ලබා දීමට රජය පියවර ගත්තේය. යුරෝපයේ රටවල් අතර විවිධ ක්‍රම හරහා මහජනතාවගෙන් වැඩි පුරම බදු අය කරන රට ප්රංශයයි.
ගොවියා, ගුරුවරයා, හෙදිය, රාජ්‍ය සේවකයා විශ්‍රාමිකයාගේ සිට ජනගහනයෙන් වැඩි කොටසකට ඉහළ මිල සමීකරණය ඔරොත්තු දුන්නේ නැත. ඒ හේතුවෙන් ප්‍රංශ ජනතාව තුළ ආණ්ඩුව කෙරෙහි විශාල විරෝධයක් ප්‍රති නිර්මාණය විය.
මෙම තත්වය හා ඒ අවට ජනතාවට එතරම් තදබල නොවුණත් ඈත පිටිසර ප්‍රදේශ ආශ්‍රිතව ජීවත්වන ජනතාවට එය තදින්ම දැනෙන්නට විය.
ඈත පිටිසර ප්‍රංශ ජනතාව ආණ්ඩුවට එරෙහිව මහ මඟට බැසීමට තීරණය කළේය. විරෝධතාකරුවන්ගෙන් බහුතරයක් ගොවියෝ විය. ඔවුන්ගෙන් වැඩි පිරිසක් මෙවැනි විරෝධතාවයකට එක් වන්නේ ද ප්‍රථම වතාවටය.
කිසිම සංවිධාන එකමුතුවකින් තොරව දේශපාලන පක්ෂ හෝ වෘත්තීය සමිති සංවිධාන නොමැතිව අන්තර්ජාලයට සම්බන්ධ සමාජජාලා ඔස්සේ වාද විවාද කරමින් එකිනෙකා හඳුනා ගනිමින් මේ වන විට ප්‍රංශය පුරා ව්‍යාප්ත කහ කබා උද්ඝෝෂණය ආරම්භ විය.
‘ජනාධිපති මැක්රොන් එලවනු’, ‘මැක්රොන් බොනපාට්’, ‘ධනවතුන්ගේ ජනාධිපති ගෙදර යවනු’, උඹට ප්‍රංශය භාර දුන්නේ විකුණන්න නොවේ’ ආදි සටන් පාඨ කහ කබාකරුවන්ගේ ප්‍රධාන සටන් පාඨ බවට පත්වී ඇත්තේය.
පසුගිය නොවැම්බර් 17 වැනි සෙනසුරාදා ප්‍රංශයේ ස්ථාන 2500 දී ආරම්භ කළ විරෝධතාවයට 2,87,710 ක් සහභාගී වී ඇතැයි වාර්තා වෙයි.
ප්‍රධාන ගමනාගමන මරමස්ථාන බාධක යොදා අවහිර කර තිබූ අතර ආර්ථික කටයුතු බොහෝමයක් අඩපණ විය. අධිවේගී මාර්ගවලට මුදල් ගෙවා ඇතුළු වන දොරටු සියල්ල නොමිලේ ඇතුළු වීමට සැලැස්වීමටද විරෝධතාකරුවන් කටයුතු කළහ. මෙම උද්ඝෝෂණයේ දී ඇතිවූ විවිධ හේතූන් මත 795 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඉන් 190 නිදහස් කෙරිණි.
උද්ඝෝෂණය හේතුවෙන් මරණ දෙකක් සිදුවිය. තුවාලකරුවන් 606 ක් අතර ආරක්ෂක භටයන් 134කි. එදින උද්ඝෝෂණයට ආණ්ඩුව නිසි ප්‍රතික්‍රියා නොදැක්වීම නිසා උද්ඝෝෂණය ඉදිරියට ගෙන යෑමට උද්ඝෝෂකයෝ තීරණය කර පසුගිය 24 වැනි සෙනසුරාදා පැරීසිය වටලන බවට අනතුරු හඟවා උද්ඝෝෂණ පැවැත්වුහ.
ලෝකයේ අලංකාරම මාවත හෙවත් ඇවනිව් ෂොම් ශෙලිසේ, කොන්කෝඩ් චතුරශ්‍රය අවට, හා ජනාධිපති මන්දිරය අවට හා ඊට සමාන්තර ප්‍රධාන මාර්ග වසා දමා දැඩි පොලිස් රැකවල් යොදා තිබුණේ එම ප්‍රදේශ විරෝධතාකරුවන්ට තහනම් කරමිනි.
එදින දහවල් 11 පමණ වන විට ෂොම් ශෙලිසේ මාවත උද්ඝෝෂකයන්ගේ පරාදීසයක් බවට පත්විය. උද්ඝෝෂකයන් අතර රාජ්‍ය දේපළ විනාශ කරන්නෝ ද රිංගා ගත්හ. අවසානයේ කහා කබාකරුවන් ද මවිතයට පත් කරමින් රාජ්‍ය විරෝධීහූ ලස්සන මාවත දෙපස කඩ සාප්පු කඩා කුඩු පට්ටම් කිරීමටත් මාවතේ විවිධ ස්ථාන කිහිපයක ටයර් දමා ගිනි අවුළුවා මහා විනාශයකට මුල පිරුවෝය.
කළහකාරී ලෙස හැසිරුණු හා මහජන දේපලවලට හානි කළ කැරලිකරුවන් 123 දෙනෙකු අත්අඩංගුවට ගෙන 23 දෙනෙකුට නඩු පවරා තිදෙනෙකුට යුරෝ 15000 ක දඩයක් හා මාස හයක සිර දඬුවම් ආරක්ෂක අංශ කටයුතු කළේය.
ප්‍රංශය පුරා 106301 කට ආසන්න පිරිසක් උද්ඝෝෂණයට සහභාගී වී ඇතැයි වාර්තා වේ. පැරීසියට 20000ක් පමණ කහා කබාකරුවෝ පැමිණ ඇතැයි ද කියයි.
ප්‍රංශය පුරා ඇති අධිවේගී මාර්ග අතරින් අධිවේගී 12ක් දකුණු දිග ප්‍රංශයේ මාර්ග බාධක යොදා අවහිර කර තිබිණි.
මේ අතර ජනතාවගේ හඬට ඇහුම්කන් නොදී ජනතාව බලාපොරොත්තු වන සහන නොලැබුණොත් මීටත් වඩා දැවැන්ත උද්ඝෝෂණයකට දෙසැම්බර් 1 වැනි දා සූදානම් බව කහ කබාරුවෝ ආණ්ඩුවට අනතුරු හඟවා සිටියහ. එබැවින් කහ කබාකරුවන් සාකච්ඡා කිරීමට තමන් සුදානම් බව ප්‍රංශ ජනාධිපති ප්‍රකාශ කර සිටියේය.
ඒ අනුව 1 වැනිදා විරෝධතාකරුවෝ පැරීසියට පැමිණ සිටියහ. එදින ලස්සනම මාවතට ඇතුළුවීම සම්පූර්ණ අවහිර කර තිබූ හෙයින් නන්දෙසින් පැමිණි උද්ඝෝෂකයෝ පැරීසියේ සුවිශේෂි ස්ථානයක් වූ චාර්ල්ස් ඩිගෝල් චතුරශ්‍රයේ පිහිටි නොහඳුනන සොල්දාදුවන්ගේ ඓතිහාසික ස්මාරකය වටා රොක් වුහ.
එහෙත් එදින ද සෙනසුරාදා මෙන් උද්ඝෝෂකයන් අතරට රිංගා ගත් රාජ්‍ය දේපළ විනාශ කරන්නන් විසින් ප්රචණ්ඩ ක්‍රියා සිදුකළහ.
ස්මාරකයේ වටා ඇති බිත්තියේ විවිධ සටන් පාඨ වැකිවලින් වැසී ගියේය. උදේ 10 ට පමණ ආරම්භ වූ මෙම ප්රචණ්ඩ ක්‍රියා රාත්‍රී 09 පමණ වනතුරු පැවතිණි. ස්මාරකය පිහිටි චතුරශ්‍රයෙන් විහිදෙන වෙනත් මංමාවත් වලට රොක්වූ උද්ඝෝෂකයෝ එහි නවතා තිබූ වාහන, කඩ සාප්පු, බැංකු ශාඛා, ආපනශාලා, ෆාමසි, බස් නැවතුම් ආදිය කඩා බිඳ ගිනි තබා විනාශ කෙරිණි. එදින පැමිණි විරෝධතාකරුවෝ සංඛ්‍යාත්මකව ඊට පෙරට වඩා අඩුවුවද සිදුවූ විනාශය පෙරට වඩා 50 ගුණයකින් වැඩි වී තිබන බව බලධරයෝ පවසති.
එදින කළහකාරී තත්වයන් තුළ 412 දෙනෙකු අත්අඩංගුවට ගෙන 378 දෙනෙකු රඳවා ගෙන ඇත. තුවාලකරුවන් 133 දෙනෙකු අතරින් 20 දෙනෙකු පොලිස් භටයන්ය. ප්‍රංශයේ ප්‍රධාන නගර වන මාර්සෙයි , ලීල්, බොර්ඩෝ, නන්ත්, තුලූස්, ලියෝන් යන නගරවලට අලාභ හානි සිදුවිය.
මෙම කළබලකාරී දිනයේ ප්‍රංශ ජනාධිපති ආර්ජන්ටිනාවේ ජී20 සමුළුවට සහභාගී වී සිටි අතර 2 වැනිදා සියරට පැමිණ සිදුවීම් නැරඹීමට පැරීසියේ සංචාරය කළේය. ඒ අතර තුර මඟ දෙපස ජනයා සමහරක් හූ කීවේය. මේවන විට ප්‍රධාන ඇමැතිවරු ප්‍රධාන පක්ෂ නායකයන් අගමැති සමඟ ප්‍රශ්නයට විසඳුම් සෙවීමේ සාකච්ඡාවක් පැවැත්විණි.
ප්‍රංශයේ ඉදිරි අනාගතය බොහෝ සෙයින් අනතුරට පත්වී ඇති බව වියපත් ප්‍රංශ ජාතිකයෝ පවසති. වසර 1789 දී සිදුවු ඓතිහාසික ප්‍රංශ විප්ලවයේ ආරම්භය ද මේ හා සමාන බව ප්‍රංශ පුරවැසියෝ අතීතය සිහිපත් කරමින් පවසති. එබැවින් කහ කබා උද්ඝෝෂණය විශේෂ සැළකිල්ලකට භාජනය වීම නොවැළැක්විය හැකිය. ඉදිරියේ දී ප්‍රංශ කහ කබාකරුවන් ඉතිහාසයට එක්වීම ද නොවැළැක්විය හැකිය.
සටහන - සුනිල් ආනන්ද පැරීසියේ සිට
තුර්කියේ ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ලබන ඉරිදා (31) පැවැත්වීමට නියමිතය. දශක ගණනක් තිස්සේ තුර්කියේ බලයේ සිටින්නේ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ජා
වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැව
පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් ප
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කහ කබාකාරයන්ගේ විප්ලවය
jaanaka Thursday, 06 December 2018 05:59 PM
ශ්‍රී ලංකාව ගිනිගන්නවා මෙයාලා පැරිස් ඉදන් විනා වයනවා නැසන්ල්ටි ප්‍රංශ නේ
kamal pereraa Thursday, 06 December 2018 06:01 PM
ලංකාව විනාශයි මෙයාලා පැරිස් ගැන ලියයි
thrindikaa Thursday, 06 December 2018 06:06 PM
කහ කබාකාරයන්ගේ විප්ලවය එතකොට ලංකාවේ .ඉඩීහමින් ,මාකෝස් , මුගාබි , හිට්ලර් ලගේ ඒකාධිපති විප්ලවය ඒ ගැන ලියන්න ඇලි මැලි අයි ...?
janaka Friday, 07 December 2018 01:02 PM
තරින්දුකා එයා හිට්ලර්ලා ,ගඩාපිලා, මාකෝස් , මුගාබි , ලා ගැන ලියන ගියොත් පන්සල් යන්න බැරිවේවි එතකොට නිවන්යන්න පිං මදිවේවි එකයි නොලියන්නේ ඇගිලි තවම හොදට වැඩකරනවා ඇති ...