කසළ පිර වූ කන්ටේනර් පෙට්ටි 50 ආසන්න සංඛ්‍යාවක් ප්‍රංශය සහ තවත් සංවර්ධිත රටවල් කිහිපයකට යැවූ බව ඉන්දුනීසියාව සඳහන් කරයි.
ජාත්‍යන්තර කුණු කසළ බැහැර කරන ස්ථානයක් බවට අග්නිදිග ආසියානු රටක් වන ඉන්දුනීසියාව පත්ව තිබේ. ඉන්දුනීසියාවට එසේ සැලකීමට ප්‍රතිචාර දක්වමින් මෙලෙස කසළ පිර වූ ට්‍රක් රථ සංවර්ධිත රටවලට යවා තිබේ.
බටම් දූපතෙන් මෙම කසළ පිර වූ කන්ටේනර් පෙට්ටි යවා තිබේ. කන්ටේනර් පෙට්ටි 49ක් එලෙස යවා තිබෙන අතර කසළ, ප්ලාස්ටික් සහ උපද්‍රව සහිත ද්‍රව්‍යවලින් එම පෙට්ටි පුරවා තිබේ. ආනයන නීති ද උල්ලංඝණය කරමින් එලෙස කන්ටේනර් පෙට්ටි පිරවූ බව රේගු බලධාරීහූ සඳහන් කළහ.
“ආපසු යැවීමේ ක්‍රියාවලිය සමඟ සම්බන්ධ වීම සඳහා අපි ආනයනයකරු සමඟ ඉක්මනින් සහ සහයෝගයෙන් කටයුතු කරනවා” යැයි බලධාරියෙක් කීය.
ඇමෙරිකාව, ඔස්ට්‍රේලියාව, ප්‍රංශය, ජර්මනිය සහ හොංකොං යන රටවලින් හරවා යැවූ එම කසළ පැමිණි බව එම නිලධාරියා කීවේ පසුගිය මාසයේදී ද ඉන්දුනීසියාව මෙලෙස කන්ටේනර් පහක් එක්සත් ජනපදයට ආපසු හරවා යැවීය. බටහිර රටවල කසළ දමන ස්ථානයක් බවට පත්වීම සම්බන්ධයෙන් ඉන්දුනීසියාව දැඩි නොසතුටකින් පසුවෙයි.
චීනය 2018 වසරේදී විදේශීය ප්ලාස්ටික් ආනයනය කිරීම තහනම් කළ අතර ඒත් ගෝලීය අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ ක්‍රියාවලිය අර්බුදයකට පත්විය. ඒත් සමඟ සංවර්ධිත රටවල් දැඩි අර්බුදයකට පත්වූ අතර ඔවුන් ඔවුන්ගේ කසළ යැවීම සඳහා ස්ථාන සොයන්නට විය.
චීනයේ එම තීරණයෙන් පසුව කසළ විශාල තොගයක් අග්නිදිග ආසියාවේ රටවලට එවීමට බටහිර රටවල් පියවර ගත්තේය.පසුගිය මාර්තු මාසයේදී ප්ලාස්ටික් කසළ ටොන් සිය ගණනින් ආපසු හරවා යවන බවට මැලේසියාව අවධාරණය කළේය.
ඒ අතරවාරයේදී මැලේසියාව පසුගිය මාසයේදී කසළ පිර වූ කන්ටේනර් 69ක් කැනඩාවට ආපසු හරවා යැවීය. ඒත් සමඟ දෙරට අතර තිබූ රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය ද නිමාවට පත්විය.
සොබාදහම සඳහා වූ ලෝක ව්‍යාප්ත අරමුදලට අනුව වාර්ෂිකව ප්ලාස්ටික ටොන් මිලියන 300කට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කෙරේ. එයින් අතිවිශාල ප්‍රමාණයක් කසළ ලෙස ගොඩබිම්වලට එකතු වන අතර තවත් අතිවිශාල ප්‍රමාණයක් මුහුදට එකතු වේ. එයින් සිදුවන පරිසර හානිය විශේෂයෙන් සාගරවලට සිදුවන හානිය ඉතා විශාලය. ප්ලාස්ටික් කසළ ලෙස බැහැර කිරීම මේ වනවිට ජාත්‍යන්තර අර්බුදයක් බවට පත්ව තිබේ.
ඒ.එෆ්.පී ඇසුරිනි
055
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කසළ කන්ටේනර් 50 ක් සංවර්ධිත රටවලට යවයි
රවින් Thursday, 04 July 2019 11:09 AM
අන්න අපේ අයියලාට සම්තින් එකක් සොයාගන්න විදියක්. පැනලා ගිහිල්ලා ගනියිද දන්නේ නැහැ මුළු කසල තොගයම යටින් ගණනක් අරගෙන...