IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


කශෝග්ජි ඝාතනයේ සැකකරුවන් 5කට මරණ දඬුවම

සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝග්ජිගේ ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයන් පස්දෙනෙකුට සෞදි අරාබිය මරණ දඬුවම නියම කර ඇතැයි රජයේ ප්‍රකාශකයෙක් අද(23) පැවසීය.
 
අද පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය.
 
වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ තීරු ලිපි රචකයකු වූ ජමාල් කෂෝග්ජි, සෞදි අරාබියේ ඔටුන්න හිමි  මුහම්මද් බින් සල්මාන් කුමරු සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක අදහස් දැරුවේය.
 
2018 ඔක්තෝම්බර් 2 වන දිනයේ ඉස්තාන්බුල්හි පිහිටි සෞදි තානාපති කාර්යාලයේදී, කෂෝග්ජි ඝාතනය කෙරිණි. සෞදි රජයේ ඉහළ ම තනතුරු හා සම්බන්ධතා පවත්වන පිරිසක් විසින් මෙම ඝාතනය කරන ලදැයි පැවසේ.
 
සෞදි රාජකීය අධිකරණයේ ජ්‍යෙෂ්ඨ උපදේශක  සවුල් අල් කටානි සම්බන්ධයෙන්ද මෙම ඝාතනයට අදාළ පරීක්ෂණ ක්‍රියාත්මක වූ නමුත් ඔහුට එරෙහිව කිසිදු සාක්ෂියක් හමු නොවූ බවද, සාක්ෂි ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විත්තිකරුවන් 10 දෙනෙකු මුදාහැරිය බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
 
(සී එන් එන් ඇසුරිනි)

16844



අදහස් (5)

කශෝග්ජි ඝාතනයේ සැකකරුවන් 5කට මරණ දඬුවම

විජිත් Monday, 23 December 2019 02:36 PM

පහත් තැනින් ජලය ගලායයි... කියන්නේ මේවගේ අවස්ථාවලටයි. මේ නඩුවේ පළමු චූදිතයා වන්නේ සෞදි කුමාරයයි. ඔහු තමයි මේ පුද්ගලයාව මරන්න වධකයින්ව තුර්කියට එවන්නේ. මේ බව 100% ක් ඔප්පුවෙලා තියෙද්දිත් ඇමෙරිකාවේ ජනාධිපති ට්‍රම්ප් කියනවා මේ ප්‍රශ්නය නිසා ඩොලර් බිලියන 100ක යුද ආයුධ බිස්නස් එක නැතිකරගන්න බැහැ.. ඒ නිසා මම කුමාරයට චෝදනා කරන්නේ නැහැ කියලා. (අන්තිමට කශෝගිව මරලා, කොටස් වලට කපලා තියෙන්නේ ශල්‍ය වෛද්‍ය වරයෙක්, ඒ සියලුම කොටස් ඇසිඩ් වල දමා සම්පුර්ණයෙන් දියකොට ඔහුගේ මිනිය අතුරුදහන් කළා.) මුලින්ම තුර්කියේ සෞදි තානාපති කාර්යාලය මේ ගැන කිසිවක් කිව්වේ නැහැ. තානාපති කාර්යාලයේ ඇතුළත තිබූ වීඩියෝ කැමරා ක්‍රියා විරහිත කර තිබුණත් පිටත තිබු කැමරාවක ඔහු තානාපති කාර්යාලයට ඇතුල්වන බව පෙන්වූවා. නමුත් ඔහු නැවත පිටව ගියේ නැහැ. නමුත් කශෝගී පළන්දන් හිටපු ඇපල් ස්මාර්ට් වොච් එකෙන් ..ඔහුට වද දෙද්දී නැගෙන, වේදනාවෙන් කෑගසන හඬවල් සියල්ල ඔහුගේ ෆේස් බුක් අඩවියේ වර්තාවුණා.. ඔහුගේ පෙම්වතිය ඒ සියල්ල ලබාගෙන තමයි සෞදියට චෝදනා එල්ලකලේ. බලන්න කොයි තරම් සියුම්ව මේ අපරාධය කළත් අන්තිමේදී සුළුදෙයක් නිසා එලිවුණා.

:       1       97

Kumar Monday, 23 December 2019 04:42 PM

මෙරට ආරංචි මාර්ගවලට අනුව කශෝග්ජි මරන්න අණකල මූලිකයා තවම අත්අඩංගුවට අරගෙන නඩු පවරා නැති වගයි.

:       0       2

don kuru Tuesday, 24 December 2019 02:19 AM

අවි ගත්තෝ අවියෙන් නසී

:       8       1

eresh S kumara Tuesday, 24 December 2019 03:19 AM

ජමාල් කශෝග්ජි ඉතා කුරිරු අන්දමින් මරා දමා තිබුණා. ත්‍රස්තවාදීන් ලෝකේ හැමතැනම මේකට සම්බන්ද උන හැම දෙනාටම දැඩි දඩුවම් දෙන්න ඕනි.

:       1       4

Walter White Tuesday, 24 December 2019 03:48 AM

ඔන්න සෞදි ක්‍රමය! එකෙක් මැරුවා කියලා හතර දෙනෙක්ම මරල දාන එක.

:       14       25

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 109 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 69 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 5336 11

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


කේට් ට චාල්ස් රජුගෙන් පැසැසුම්
2024 අප්‍රේල් මස 24 69 0

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ මෙන්ම, වේල්සයේ කුමරිය යන ගෞරව නාමයෙන් ද හැඳින් වෙන, කේට් මිඞ්ල්ටන් කුමරියට චාල්ස් රජුගේ ප්‍රසංශා හ


හිස්බුල්ලා ඊශ්‍රායලට පහරදෙයි
2024 අප්‍රේල් මස 23 393 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 727 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 296 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1668 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1527 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site