දකුණු ආසියානු රටවල රාජ්‍ය නායකයන්ගේ සහභාගීත්වයෙන් කලාපීය සමුළුවක් පැවැත්වීම කෙරෙහි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ අවධානය යොමු වී ඇත.
නව වසරට සුබ පැතුම් එක් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, නේපාල අග්‍රාමාත්‍ය කේ.පී. ෂර්මා ඕලි, භූතානයේ ජිග්මි කේසාර් නම්ජයාල් වොන්ග්චක් රජු, මාලදිවයිනේ ජනාධිපති ඊබ්‍රහිම් මොහොමද් සෝලි යන මහත්වරුන්ට සහ බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා මහත්මියට දුරකතන ඇමතුම් දෙමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඒ බව දැනුම් දී ඇත.
ශ්‍රී ලංකාව, භූතානය, මාලදිවයින සහ බංග්ලාදේශය යන රටවල නායකයන්ට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දුරකතන ඇමතුම් ලබාදුන්නද පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාට හෝ ජනාධිපතිවරයාට හෝ දුරකතන ඇමැතුමක් දී නැතැයි ද ‘ද හින්දු’ පුවත්පත වාර්තා කරයි.
දකුණු ආසියානු කලාපයේ නායකයන්ට දුරකතන ඇමතුම් දුන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහිදි එරට “අසල්වැසියාට ප්‍රමුඛත්වය” යන විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් එම නායකයන් දැනුවත් කර ඇත.
ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි අනාගත කලාපීය සබඳතා සම්බන්ධයෙන් ද දකුණු ආසියානු කලාපයේ නායකයන් සමඟ සාකච්ඡා පවත්වා ඇති අතර පාකිස්තානය නොමැතිව කලාපීය සමුළුවක් පැවැත්වීම සම්බන්ධයෙන් ද අදහස් දක්වා තිබේ.
“කලාපීය සාමය, ආරක්ෂාව, සහයෝගීත්වය, ප්‍රගතිය සහ සෞභාගත්වය යන කරුණු සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කලාපීය නායකයන් සමඟ සාකච්ඡා කළා. එහිදි ඉන්දියාවේ “අසල්වැසියාට මුල්තැන” ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් එම නායකයන් දැනුවත් කළා” යැයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා 2014 වසරේ මැයි මාසයේදී අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් “අසල්වැසියාට මුල්තැන” ප්‍රතිපත්තිය ආරම්භ කළේය.
ද හින්දු ඇසුරිනි
055
ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද
යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.
ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.
බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ මෙන්ම, වේල්සයේ කුමරිය යන ගෞරව නාමයෙන් ද හැඳින් වෙන, කේට් මිඞ්ල්ටන් කුමරියට චාල්ස් රජුගේ ප්‍රසංශා හ
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.
දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කලාපීය සමුළුවකට මෝදිගේ අවධානය