සෝල්හිදීය (රොයිටර්)
කල් දමන ලද ඒකාබද්ධ යුද අභ්‍යාස කඩිනමින් පවත්වන බව දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යවරයා අද (20) ප්‍රකාශ කළේය.
ශීත ඍතු ඔලිම්පික් උළෙල හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව අතර පැවැත්වීමට නියමිතව තිබූ ඒකාබද්ධ යුද අභ්‍යාස කල් දැමීය. කල් දැමුණු එම යුද අභ්‍යාස පවත්වන දින සහ සැලසුම් අප්‍රේල් මාසයට පෙර නිවේදනය කරන බව දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යවරයා අද (20) කීවේය.
ශීත ඍතු ඔලිම්පික් උළෙල සහ පැරා ඔලිම්පික් උළෙල දකුණු කොරියාවේ මේ වනවිට පැවැත්වෙමින් තිබෙන අතර ඒවා අවසන් වීමට නියමිතව ඇත්තේ මාර්තු 18 වැනිදාය. ශීත ඍතු ඔලිම්පික් උළෙල සහ පැරා ඔලිම්පික් උළෙල නිසා වාර්ෂිකව පවත්වන ඒකාබද්ධ යුද අභ්‍යාස කල් දැමීමට ඇමෙරිකා එක්සත් ජනපදය එකඟත්වය පළ කළේය.
ඒකාබද්ධ යුද අභ්‍යාස කල් දැමීමට ගත් තීරණයට එකඟවීමත් සමඟ වසර දෙකකට පසුව උතුරු කොරියාව දකුණු කොරියාව හා සාකච්ඡා පැවැත්වීය. එම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ශීත ඍතු ඔලිම්පික් උළෙලට උතුරු කොරියාවෙන් කණ්ඩායමක් ද සහභාගී විය. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක ලේකම් ජිම් මැටිස් සමඟ සාකච්ඡා කර කඩිනමින් ඒකාබද්ධ යුද අභ්‍යාස පවත්වන බව දකුණු කොරියානු විදේශ අමාත්‍ය සොන්ග් යන්ග් මූ පැවසීය.
“ඔලිම්පික් උලළේ ජීව ගුණය පවත්වාගෙන යෑම සඳහා අපි ඒකාබද්ධ යුද මෙහෙයුම් කල් දැමුවා. මාර්තු 18 වැනිදා ක්‍රීඩා උලෙළු දෙක අවසන් වීමට නියමිතයි. ඉන් අනතුරුව අපි ඉදිරි සැලසුම් නිවේදනය කරනවා. මේ සම්බන්ධයෙන් ඇමෙරිකාවේ ආරක්ෂක ලේකම්වරයා සමඟ සාකච්ඡා කළ යුතු” යැයි හෙතෙම කීය.
මේ අතර කල් දැමූ ඒකාබද්ධ යුද අභ්‍යාස පැවත්වුවහොත් පැත්තකට වී බලා නොසිටින බවට උතුරු කොරියාව අනතුරු ඇඟවීය.
055
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්
ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද
යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කල් තැබූ යුද අභ්‍යාස යළිත් - දකුණු කොරියාව කියයි