ෆෝබ්ස් බිලියනපතියන්ගේ ලැයිස්තුවට අනුව කයිල් ජෙනර් ලොව ලාබාලතම තනිව ගොඩනැගුණු බිලියනපතිනිය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇමෙරිකානු ජනප්‍රිය රංගන ශිල්පිනියක වන ඇය තමන්ගේම රූපලාවන්‍ය නිෂ්පාදන ව්‍යාපාරයකින් බිලියනපතිනියක් වී ඇත.
21 හැවිරිදි ඇයගේ අවුරුදු 3ක් පැරණි කයිල් ජෙනර් රූපලාවන්‍ය නිෂ්පාදන සමාගම පසුගිය වර්ෂයේ ආදායම ඩොලර් මිලියන 360ක ආදායමක් ලැබූ බව ඇස්තමේන්තු ගතකර ඇත.
21 වැනි වියේදී බිලියන පතිනියක් වූ ඇය 23 හැවිරිදි වියේදී ප්‍රකෝටිපතියෙකු බවට පත් වූ ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග්ට වඩා ඉදිරියෙන් සිටී.
“මම කිසි දෙයක් අපේක්ෂා කළේ නැහැ. අනාගතය ගැන මම කිසිවක් දන්නේ නැහැ. නමුත් මේ ලැබූ තත්ත්වය ඇත්තෙන්ම හොඳයි" ඇය පැවසුවේය.
ඇමේසන් නිර්මාතෘ ජෙෆ් බෙෂෝස් ලොව ධනවත්ම පුද්ගලයා ලෙස තවමත් ඉදිරියෙන් සිටින්නේය.
ෆෝබ්ස් සඟරාව පවසන ආකාරයට ජෙෆ් බෙෂෝස් සතු වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 131ක් වන අතර එය පසුගිය වසරට සාපේක්ෂව බිලියන 19කින් වැඩි වී ඇත.
ෆේස්බුක් ආයතනයේ හිමිකරු මාක් සකර්බර්ග් වත්කම පහළ මට්ටමේ පවතින පුද්ගලයන් අතරට පත්වී ඇත.
63226
(බීබීසී ඇසුරෙනි)
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්
ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද
යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කයිල් ජෙනර් ලොව ලාබාලතම බිලියනපතිනිය වෙයි
chathuri Friday, 08 March 2019 03:52 PM
අපේ රටේත් ඉන්නවා ඉගෙනීමක් නැතිව එකරැයින් බිහි වෙච්ච. කෝටිපති බේබිලා... මේ අය ප්‍රසිද්ධියට බයයි. එ්ක විනාඩියෙන් ඒවා නැතිවෙයි කියලා...