IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


එකමුතුකමෙන් තොර පැවැත්මක් නෑ - එජා මහ ලේකම්

නව වසර උදාවේදී ලෝකයට අනතුරු ඇඟවීම් කරන බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් අවධාරණය කරයි. 
 
එකමුතුකමෙන් තොර පැවැත්මක් නැතැයි ද එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා පෙන්වා දෙයි. 
 
නව අවුරුදු උදාව වෙනුවෙන් සුබ පැතුම් එක් කිරීම වෙනුවෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා එම අනතුරු ඇඟවීම කළේය.
 
එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා තවදුරටත් මෙසේ කීය.
 
“ලොව පුරා සිටින දයාබර මිතුරනි. සුබ අලුත් අවුරුද්දක් වේවා. මින් වසරකට පෙර මා තනතුර භාරගන්නා විට 2017 වසර සාමකාමී වසරක් කිරීම සඳහා එකතු වන්නැයි මා සියලු දෙනාගෙන් ඉල්ලා සිටියා. අවාසනාවකට පසුගිය වසරේදී ලෝකය ගමන් කර ඇත්තේ විරුද්ධ අතටය. මේ 2018 නව වසර උදාවේ මම කිසිදු ඉල්ලීමක් කරන්නේ නැහැ. මම අනතුරු ඇඟවීමක් කරනවා.
 
ලොව පුරා ගැටුම් උග්‍ර වී තිබේ. අන්තරාදායක තත්ත්ව නිර්මාණය වී තිබෙනවා. අපටත් වඩා වේගයන් දේශගුණික විපර්යාස සිදුවෙනවා. සීතල යුද්ධයෙන් පසු අද වන විට න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවීමේ අවදානමක් ගෝලීයව නිර්මාණය වී තිබේ. ලොව පුරා සෑම තැනකම පාහේ අසමානකම් දක්නට තිබෙනවා. අප ඇස් ඉදිරියේ භයානක සහ දරුණු අයුරින් මානව හිමිකම් උල්ලංඝණය වෙනවා. 
 
වසර 2018 උදා වෙද්දි සියලු දෙනාගෙන් එකමුතු වන්නැයි මා ඉල්ලා සිටිනවා. ගැටුම් නිරාකරණය කර ගැනීමෙන් ලොව වඩාත් ආරක්ෂිත සහ සුරක්ෂිත කළ හැකි යැයි මා විශ්වාස කරනවා. වෛරය තුරන් කර බෙදා හදා ගැනීමෙන් වටිනාකම් ආරක්ෂා කර ගත හැකි යැයි මා විශ්වාස කරනවා. ලෝකය වඩාත් ආරක්ෂිත තැනක් කළ හැකි යැයි මා තරයේ විශ්වාස කරනවා. එහෙත් ඒ සඳහා අප සියලු දෙනා එකතු විය යුතුයි. සහයෝගයෙන් වැඩ කළ යුතුයි. වෙනස්කම් බෙදීම් අතර පාලම් ගොඩ නගමින් ජනතාව පොදු අරමුණක් වෙනුවෙන් මෙහෙයවමින්  මිනිසුන් එකතු කරන්නැයි මා ලෝක නායකයන්ට අවධාරණය කරනවා. අපි අතර විශ්වාසය ගොඩනගන්නැයි මා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. අපට තිබෙන එකම මාර්ගය සමගියයි. අපේ අනාතය රඳා පවතින්නේ අපි අතර තිබෙන එකමුතුකම හා සමගිය මත” යැයි ද එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනිය ගුටරෙස් තවදුරටත් පැවැසීය. 
 
055



අදහස් (0)

එකමුතුකමෙන් තොර පැවැත්මක් නෑ - එජා මහ ලේකම්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 106 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 68 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 5204 10

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


කේට් ට චාල්ස් රජුගෙන් පැසැසුම්
2024 අප්‍රේල් මස 24 68 0

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ මෙන්ම, වේල්සයේ කුමරිය යන ගෞරව නාමයෙන් ද හැඳින් වෙන, කේට් මිඞ්ල්ටන් කුමරියට චාල්ස් රජුගේ ප්‍රසංශා හ


හිස්බුල්ලා ඊශ්‍රායලට පහරදෙයි
2024 අප්‍රේල් මස 23 392 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 727 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1668 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1527 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site