ඇමෙරිකා එක්සත් ජනපදය දිගින් දිගටම තම න්‍යෂ්ටික අවි ආයුධ එකතුව අත්හරින්නැයි බලපෑම් කළහොත් තම නායක කිම් ජොන්ග් උන් සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුව අවලංගු කරන්නේ යැයි උතුරු කොරියාව අද (16) අනතුරු ඇඟවීය.
ට්‍රම්ප් පරිපාලනය දිගින් දිගටම න්‍යෂ්ටික අවි අත්හළ යුතු යැයි බලපෑම් කළහොත් තම රටට ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ සාකච්ඡා පැවැත්වීමේ කිසිදු අවශ්‍යතාවක් නැතැයි උතුරු කොරියාවේ පළමු නියෝජ්‍ය විදේශ අමාත්‍ය කිම් කයි ග්වෝන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
උතුරු කොරියාව සම්පූර්ණ න්‍යෂ්ටික අවිහරණයකට ගමන් කළ යුතු යැයි ඇමෙරිකා එක්සත් ජනපදය නොකඩවා ප්‍රකාශ කරන නමුත් උතුරු කොරියාව ඒ සම්බන්ධයෙන් කිසිදු පැහැදිලි ප්‍රකාශයක් කර නොමැත.
දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් පසුගිය අප්‍රේල් 27 වැනි දා හමු වී සාකච්ඡා පැවැත්වූ අතර එහිදි උතුරු කොරියානු නායකයා කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත්කරන බවට සහතිකයක් දුන්නේය.
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් අතර හමුව ජූනි 12 වැනිදා සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිතය.
ඒ.එෆ්.පී
055
ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද
යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.
ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.
බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ මෙන්ම, වේල්සයේ කුමරිය යන ගෞරව නාමයෙන් ද හැඳින් වෙන, කේට් මිඞ්ල්ටන් කුමරියට චාල්ස් රජුගේ ප්‍රසංශා හ
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.
දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
උතුරු කොරියාවෙන් ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක්
ruwan Wednesday, 16 May 2018 07:48 PM
එතකොට ඇමෙරිකාව එයාලගේ තුප්පහි දේවල් නතර කරන්නේ කවද්ද