IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


උතුරු කොරියාවට එරෙහිව ට්‍රම්ප් අවසන් තුරුම්පුව සොයයි

උතුරු කොරියාව සමඟ රාජ්‍ය තාන්ති‍්‍රක අයුරින් අර්බුඳ විසඳීමට ගත් සෑම උත්සහායක්ම අසාර්ථක වූ බවත් ඒ නිසා දැන් දැන් ඉතිරිව ඇත්තේ එක් කි‍්‍රයාමාර්ගයක් පමණක් බවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මහතා ප‍්‍රකාශ කරයි.

පසුගිය දින කිහිපයේදීම ඇමෙරිකා ජනාධිපතිවරයා හා උතුරු කොරියා නායකයා අතර උණුසුම් වචන හුවමාරු දක්නට ලැබුණු අතර ඔවුන් දෙදෙනා එකිනෙකාට අපහාස හා උපහාස කරන අයුරු ද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබිණි. ඇමෙරිකාව සහ උතුරු කොරියාව යන රටවල් දෙකම න්‍යෂ්ටික අවි ආයුධවලින් සන්නද්ධය.

‘‘ජනාධිපතිවරු සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැති සෑම පරිපාලනයක්ම වසර 25ක් තිස්සේ උතුරු කොරියාව සමඟ සාකච්ඡා කළා. ගිවිසුම් අත්සන් කළා. විශාල වශයෙන් මුදල් ගෙව්වා. අත්සන් තබන ලද ගිවිසුම් කිසිවක් නිසි අයුරින් කි‍්‍රයාත්මක වූයේ නැහැ. අත්සන් තබන ලද ගිවිසුම්වල තීන්ත වියළි යන්නටත් පෙර ඒවා උල්ලංඝණය වුණා. ඇමෙරිකා නියෝජිතයන් මෝඩයන් බවට පත් කරලා. කනගාටුයි කියන්නේ. මේ අර්බුදය නවතා දමන්නයි එක් දෙයයි වැඩ කරන්නේ’’ යැයි ’’ යැයි ජනාධිපති ට‍්‍රම්ප් ට්විටර් පණිවිඩ දෙකක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

සෙනසුරාදා දිනයේදී රූපවාහිනි වැඩසටහනකට එක්වෙමින් ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මහතා පසුගිය ඇමෙරිකානු පරිපාලන විවේචනයට ලක් කළේය. උතුරු කොරියා අර්බුදය සම්බන්ධයෙන් පැවැති පරිපාලන ප‍්‍රමාණවත් පරිදි අවධානය යොමු නොකළ බව ද ඒ මහතා  එහිදි කීය.

‘‘මේ ප‍්‍රශ්නය මීට වසර 25කට ප‍්‍රථම විසඳන්න තිබුණා. එය මීට වසර 10කට පෙර විසඳන්න තිබුණා. මෙය ඔබාමා පරිපාලනය සමයේදී විසඳන්න තිබුණා’’ යැයි රූපවාහිනි වැඩසටහනේදී අදහස් දක්වමින් ඇමෙරිකා ජනාධිපතිවරයා කීය.

මේ අතර පසුගිය දිනකදී ඉහළ පෙළේ හමුදා නිලධාරීන් හමු වී ඉරානය, උතුරු කොරියාව සහ අයි.එස් සංවිධානය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබේ. ඉන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවෙමින් වත්මන් කාලපරිච්ඡේදය ‘‘කුණාටුවකට පෙර තිබෙන සන්සුන් සමය’’ යනුවෙන් පවසා තිබේ.

(ඒ.එෆ්.පී -055)



අදහස් (5)

උතුරු කොරියාවට එරෙහිව ට්‍රම්ප් අවසන් තුරුම්පුව සොයයි

සමන්- ඕමානය Sunday, 08 October 2017 01:32 PM

දෙන්නම විකාර කියන්නේ. ඒක නිසා කොතනින් කෙලවර වෙයිද දන්නේ නෑ. ඒකයි බය.

:       2       57

sanjeevaSunday, 08 October 2017 03:27 PM

දෙන්නම බොරු කරන්නේ.. දෙන්නට දෙන්න හොද ෆිට් එකේ ඉන්නේ...

:       0       30

ravin Monday, 09 October 2017 03:05 AM

අපි දන්නා හැටියට නම් දෙන්නම මෝඩයෝ, කුහකයෝ,දුෂ්ටයෝ, කොටින්ම කියතොත් මානසික රෝගීන් දෙන්නෙක් .

:       1       24

nanda Monday, 09 October 2017 02:55 PM

ජනාධිපතිවරු සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැති සෑම පරිපාලනයක්ම වසර 25ක් තිස්සේ උතුරු කොරියාව සමඟ සාකච්ඡා කළා. ගිවිසුම් අත්සන් කළා. විශාල වශයෙන් මුදල් ගෙව්වා. අත්සන් තබන ලද ගිවිසුම් කිසිවක් නිසි අයුරින් කි‍්‍රයාත්මක වූයේ නැහැ. අත්සන් තබන ලද ගිවිසුම්වල තීන්ත වියළී යන්නටත් පෙර ඒවා උල්ලංඝණය වුණා. ඇමෙරිකා නියෝජිතයන් මෝඩයන් බවට පත් කරලා. කනගාටුයි කියන්න. මේ අර්බුදය නවතා දමන්නයි... එක් දෙයයි වැඩ කරන්නේ’’ ලංකාවෙත් තිබ්බේ ඕක තමයි .....මහින්දට විතරයි තේරුනේ...

:       5       25

TILAK Monday, 09 October 2017 03:06 PM

අපේ ජනාධිපතිතුමාගෙන් ඇහුවානම් ටක් ගාලා විසඳුමක් දෙයි..

:       5       21

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 799 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 121 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 297 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 154 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1516 2

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 475 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site