මිසයිලයේ ගමන් මඟ තහවුරු කර ගත් සැණින්, ජපාන රජය හොකයිඩෝ දූපත් වැසියන්ට විශේෂ අනතුරු ඇඟවීමක් කළේය. මිසයිලය දූපතට පතිත වූයේ නම්, එය පහර දී උඩු ගුවනේදීම පුපුරුවා හැරීමට ජපාන හමුදාව සීරුවෙන් සිටියේය. වාසනාවකට මිසයිලය පතිත වූයේ හොකයිඩෝ ආසන්නයේ මුහුදටය. කිසිවකුටත් අනතුරක් සිදු නොවිණි. කෙසේ නමුත් මිසයිලය ජපානයට අයත් ගුවන් සීමාව පසු කරද්දී මගී ගුවන් යානයකට වැදීමේ අවදානමක් පැවැතිණි.
උතුරු කොරියාව ජපානයට ඉහළින් මිසලයක් යැවූ පළමු අවස්ථාව මෙය නොවෙයි. මීට පෙර ද උතුරු කොරියාව අත්හදා බැලූ මිසයිලයක් ජපාන දූපත් පසුකොට මූදට පතිත විය. කෙසේ නමුත් උතුරු කොරියාව පසුගිය 15 වැනිදා එම මිසයිල අත්හදා බැලීම සිදු කළේ පහර දී ජපාන දූපත් මුහුදේ ගිල්වනවා යැයි තර්ජනය කරමින් පැය කීපයක් ගතවෙද්දීය. ‘ජපානය අප අසල්වැසියා ලෙස තවදුරටත් සිටිනු දැකීමට අපේ කැමැත්තක් නැහැ. ජපාන දූපත් මූදේ ගිල්වීමට අපි න්‍යෂ්ටික බෝම්බ යොදා ගන්නවා’ යැයි ද උතුරු කොරියානු රජය නිකුත් කළ නිවේදනයක සඳහන් විය.
උතුරු කොරියාව එසේ ජපානයට තර්ජනය කළේ, ජපානය ඇමෙරිකාව එක් වී, එක්සත් ජාතීන්ගේ සංවිධානයට බලකරමින්, උතුරු කොරියාවට නව සම්බාධක පැනැවීමට කටයුතු කළ නිසාය. එක්සත් ජාතීන්ගේ සංවිධානය උතුරු කොරියාවට අංශ කිහිපයකින් සම්බාධක පැනැවීම සිදු කළේය.
මිසයිල අත්හදා බැලීම සිදුවූයේ උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ අධීක්ෂණය යටතේය.මිසයිලය සාර්ථකව, ජපානය පසුකර පැසිෆික්සාගරයට පතිත වෙද්දී තරුණ නායක කිම් ජොන් උන්, සිය හමුදා ප්‍රධානීන් ද කැටුව ප්‍රීති ප්‍රමෝදයට පත් වී සිටින අයුරු දැක්වෙන ඡායාරූප මේ වනවිට ප්‍රසිද්ධියට පත් වී ඇත.
‘අපේ ප්‍රධාන අරමුණ ඇමෙරිකාවට අභියෝගයක් වීමයි. ඇමෙරිකාව අභිබවා යෑමයි. අද අපි අපේ මිසයිල වැඩසටහන හරහා ඇමෙරිකාවට තර්ජනයක් වීමට සමත් වී සිටිනවා. එය අපේ ජයග්‍රහණයක්’ යැයි උතුරු කොරියානු නායක කිම් ජොන් උන් පවසා තිබේ.
ඇමෙරිකාවේත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේත් සම්බාධකවලින් මිරිකී සිටිද්දී, උතුරු කොරියාව ඇමෙරිකාවට අභියෝගයක් වීම, උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ ‘වීරකමක්’ යැයි ඇතැමුන්ගේ අදහස විය. ‘ඇමෙරිකාවට අභියෝගයක් වුණු පුංචි නායකයා’ යැයි ඔවුහු කිම් ජොන් උන් හඳුන්වන්න වූහ. කෙසේ නමුත් දිගින් දිගටම ලෝක ආරක්ෂාවට තර්ජනයක් වෙමින් සිදු කරන මිසයිල අත්හදා බැලීම් හේතුවෙන් උතුරු කොරියා නායක කිම් ජොන් උන් ‘පිස්සෙකු’ ‘මෝඩයකු’ ආදී වශයෙන් ලෝක වැසියන්ගේ අප්‍රසාදයට පත් වෙමින් සිටින බව ජගත් පුවත් සේවා පෙන්වා දෙයි.
මිසයිලයක් යනු නියමිත ඉලක්කයකට විදිය හැකි කුඩා රොකට්ටුවකි. ‘මිසයිල්’ යන ඉංග්‍රීසි වදන ලතින් වදනක් වන ‘මිටේරේ’ යන්නෙන් බිඳී ආවකි. ‘මිටේරේ’ යනු ‘යැවීම’ යන අදහස කියාපන වදනකි. ලොව පළමු වරට මිසයිල භාවිතා කිරීමක් සිදු කළේ ජර්මන් නාසි හමුදාවය. ඒ, දෙවැනි ලෝක යුද්ධයේදීය. එසේ භාවිතා කළ මිසයිල අතරින් වඩාත් ජනප්‍රිය වූයේ ‘වී1’ සහ ‘වී2’ යන මිසයිල යැයි යුද විශ්ලේෂකයෝ පැහැදිලි කරති.
ඉලක්කය හසුකර ගැනීමේ පද්ධතිය, පියසැරි පද්ධතිය, ඇන්ජිම, සහ යුද ශීර්ෂය මිසයිලයේ ප්‍රධාන කොටස්ය. පුපුරන ද්‍රව්‍ය අඩංගු වන්නේ යුද ශීර්ෂයේය. මහා විනාශයන් සිදු කිරීමට අවශ්‍ය නම්, න්‍යෂ්ටික යුද ශීර්ෂ මිසයිලවලට සවි කළ හැකිය. උතුරු කොරියානු හමුදාව පවසන්නේ, ඔවුන් සතු න්‍යෂ්ටික යුද ශීර්ෂයක් ඔවුන්ගේ ඕනෑම මිසයිලයකට සම්බන්ධ කළ හැකි බවය. උතුරු කොරියාව මිසයිල අත්හදා බැලීම් සිදු කරන්නේ, යුද ශීර්ෂ මිසයිලවලට සම්බන්ධ නොකරය.
යොදා ගන්නා කාර්යය අනුව මිසයිල වර්ග කෙරේ. ඒ, පොළොව මතුපිට සිට පොළොව මතුපිට ඇති ඉලක්කවලට විදිය හැකි මිසයිල, ගුවනේ සිට බිම ඉලක්කවලට විදිය හැකි මිසයිල, පොළොවේ සිට ගුවනට විදිය හැකි මිසයිල සහ ගුවනේ සිට ගුවනේ ඉලක්කවලට විදිය හැකි මිසයිල ආදී වශයෙනි.
ගුවනට යවා යළි පොළොවේ ඉලක්කයකට විදිය හැකි මිසයිල අතරට බැලැස්ටික් මිසයිල, කෲස් මිසයිල, මිසයිල නාශක මිසයිල ආදිය අයත් වෙයි. කෲස් මිසයිල යනු වේගය අඩු වැඩි කිරීමක් නොමැතිව නියමිත වේගයකින් නියමිත ඉලක්කය කරා ගමන් කළ හැකි ප්‍රමාණයෙන් කුඩා මිසයිල වර්ගයකි.
උතුරු කොරියානුවන්ගේ දිගු දුර බැලැස්ටික් මිසයිල වැඩසටහන දිනෙන් දින වර්ධනය වෙමින් පවතිනවා පමණක් නොව, එය දිනෙන් දින ලෝකයට තර්ජනයක් බව පැහැදිලිය. උතුරු කොරියානුවන් සතු මිසයිල වර්ග කිහිපයකි. ඒ අතරින් ප්‍රබලතම මිසයිල වර්ගය ‘වසොං 14’ නමැති මිසයිලය.
වසොං 14’ යනුවෙන් උතුරු කොරියානුවන් විසින් හඳුනා දී ඇති මෙම මිසයිල ඇමෙරිකාව නම් කර ඇත්තේ ‘කේ.එන්.20’ යනුවෙනි. මෙය බැලැස්ටික් මිසයිලයකි. උතුරු කොරියානුවන් මෙම මිසයිලය සාර්ථකව අත්හදා බැලුවේ 2017 ජූලි 4 වැනිදාය. උතුරු කොරියාව අත්හදා බලා ඇති මිසයිල අතරින්, වැඩිම දුරකට විදිය හැකි මිසයිලයක් ලෙස මෙය සැළකෙයි. එපමණක් නොව, උතුරු කොරියාව අත්හදා බැලූ පළමු අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලය වන්නේ ද මෙයයි. ‘කේ.එන්.20’ මිසයිලය කිලෝ මීටර් 10,000 ක දුරක් ගමන් කර ඇත. ඒ අනුව, මෙම මිසයිලයට පහසුවෙන් ඇමෙරිකාවට ළඟා විය හැකිය. උතුරු කොරියානුවන් පවසන්නේ, ඔවුන් තවමත් මෙම මිසයිලය වැඩි දියුණු කරමින් පවතින බවය.
වසොං 6 නමැති මිසයිලය රුසියානුවන් භාවිතයට ගන්නා ‘ස්කඞ් සී’ වර්ගයේ මිසයිල ඇසුරින් එම ආකෘතියට අනුව නිර්මාණය කර තිබේ. ‘ස්කඞ්’ යනු බැලැස්ටික මිසයිල වර්ගයකි. මෙම මිසයිල නිර්මාණය සිදු කළේ සෝවියට් සමූහාණ්ඩුවය. ඒ, නිරවි යුද සමයේදීය. මෙම මිසයිල දෙවැනි සහ තෙවැනි ලෝක රටවලට විකිධෑම පසුව සිදුවිය. මෙම මිසයිල ‘ස්කඞ්’ යනුවෙන් නම් කළේ නේටෝ බුද්ධි අංශය. රුසියානුවන් මෙය හඳුන්වන්නේ ‘ආර්’ වර්ගයේ මිසයිල හෝ ‘එල්බ්‍රස්’ මිසයිල යන නමිනි.
උතුරු කොරියාව ඔවුන්ගේ මිසයිල වැඩසටහන ආරම්භ කළේ සෝවියට් රුසියාවෙන් ලබා ගත්
මෙම ‘ස්කඞ්’ මිසයිල යොදා ගෙන අත්හදා බැලීම් කරමිනි. එම අත්හදා බැලීම් සිදු කළේ 1976 වසරේ සිට 81 තෙක් කාලයේය. අත්හදා බැලීම් කිරීම ඊජිප්තු රජයේ සහාය ලබා ගැනීමට උතුරු කොරියාවට සිදුවුණු අතර, අත්හදා බැලීම් කළේ ද ඊජිප්තුවේදීය. ඒ වනවිට උතුරු කොරියාවේ උත්තරීතර නායකයා ලෙස කටයුතු කළේ
වර්තමාන නායක කිම් ජොන් උන්ගේ සීයා කිම් ජොන් සුන් ය.
1984 වසරේ දී උතුරු කොරියාව ඔවුන් විසින් නිර්මාණය කළ ‘ස්කඞ් බී’ වර්ගයේ මිසයිලයක් පළමු වරට අත්හදා බැලුවේය. 1988 වසර වෙද්දී, ‘ස්කඞ් බී’ සහ ‘ස්කඞ් සී’ වර්ගයේ මිසයිල අත්හදා බැලූ අතර ඒවා සාර්ථක විය.
උතුරු කොරියාව පළමු වරට ‘රොඩොංග්’ වර්ගයේ මිසයිලක් අත්හදා බැලීම සිදු කළේ 1990 වසරේදීය. වර්තමානයේ වසොං යනුවෙන් හැඳින්වෙන්නේ ද වැඩිදියුණු කරණු ලැබූ මෙම මිසයිලයකි. ‘රොඩොංග්’ මධ්‍ය දුර මිසයිලයකි.
උතුරු කොරියාව පළමු වරට දිගු දුර බැලැස්ටික මිසයිලයක් අත්හදා බැලුවේ 1993 වසරේ මැයි 29 සහ 30 යන දෙදිනය. උතුරු කොරියාවේ බැලැස්ටික් මිසයිල වැඩසටහන ආරම්භ වූයේ ඒ සමඟය. ‘ටේපොඩොං 1’ යනු එම මිසයිලයයි.
මෙම මිසයිලය ‘උන්හා1’ මිසයිලය යනුවෙන් ද හැඳින්වෙයි. මිසයිල අත්හදා බැලීම සිදු කළේ උතුරු කොරියාවේ හැම්ග්යොංග් පළාතේ ‘මුසුඩාන්රී’ මධ්‍යස්ථානයේදීය. ඒ අනුව, උතුරු කොරියානුවන් ඔවුන්ගේ රටේ ඔවුන්ගේ මිසයිල අත්හදා බැලීම් ඇරැඹූ පළමු අවස්ථාව මෙය වෙයි.
පසුගිය 2016 වසරේ ජනවාරි 6 වැනිදා, උතුරු කොරියාවේ අසල්වැසියා වන චීනය භූමි කම්පාවකින් කැළැඹිණි. චීන සහ ඇමෙරිකානු භූ විද්‍යාඥයන් පැවැසුවේ එම භූමි කම්පාව රික්ටර් පරිමාණයේ ඒකක 5.1 ක් සටහන් කළ බවය. එම භූමි කම්පාව ස්වභාවිකව සිදු වූවක් නොවන බව පසුව තහවුරු විය.
එය උතුරු කොරියාව විසින් ජලකර (හයිඩ්‍රජන්) බෝම්බයක් අත්හදා බැලීමේදී හටගත් භූමි කම්පාවක් විය. උතුරු කොරියාව එම හයිඩ්‍රජන් බෝම්බය අත්හදා බැලුවේ ‘පුංග්ගේ-රී’ නමැති ඔවුන්ගේ න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදු කරන මධ්‍යස්ථානයේ භූ ගතවය. ඇමෙරිකාවෙන් එල්ල වන තර්ජන හමුවේ, ඊට මුහුණ දීමට තම ශක්තිය පෙන්වමින් හයිඩ්‍රජන් බෝම්බයක් සාර්ථකව අත්හදා බැලුවේ යැයි උතුරු කොරියාව පසුව නිවේදනය කළේය. උතුරු කොරියාව හයිඩ්‍රජන් බෝම්බයක් අත්හදා බැලූ පළමු අවස්ථා මෙයයි.
හයිඩ්‍රජන් බෝම්බය අත්හදා බලා මාසයක් ගත වෙද්දී, 2016 පෙබරවාරි 7 වැනිදා, උතුරු කොරියානුවන් ඔවුන්ගේ අභ්‍යවකාශ වැඩසටහන යටතේ චන්ද්‍රිකාවක් සාර්ථකව පෘථිවි කක්ෂයේ රැඳවීය. උතුරු කොරියානුවන් එම චන්ද්‍රිකාව පෘථිවි කක්ෂයට යැවීම සිදු කළේ ප්‍රබල රොකට්ටුවක ආධාරයෙනි. එම රොකට්ටුව ගුවන්ගත කිරීමෙන් තම රටට අනතුරක් විය
හැකි යැයි ජපාන අගමැති ෂෙන්සෝ අබේ එම අවස්ථාවේදී උතුරු කොරියාවට පැවැසීය. ඊට හේතුව එම රොකට්ටුව ජපාන ගුවන් සීමාව හරහා යෑමට නියමිතව තිබුණු නිසාය. රොකට්ටුව ජපන් ගුවන් සීමාවට පිවිසිය හොත් ඊට පහර දෙන බව ද ජපානය තර්ජනය කළේය. ජපානයේ තර්ජන නොතකා උතුරු කොරියාව රොකට්ටුව ගුවන්ගත කළේය. උතුරු කොරියාව පසුව නිවේදනය කළේ චන්ද්‍රිකාව සාර්ථකව පෘථිවි කක්ෂයේ රැඳවීමට තමන් සමත් වුණු බවය. තමන් තම චන්ද්‍රිකාව උඩු ගුවනට යැව්වේ කාටවත් අනතුරක් කිරීමට නොව, සාමකාමී අරමුණි ඇතිව යැයි උතුරු කොරියාව පැවැසුවද ජපානය හෝ ඇමෙරිකාව හෝ එය විශ්වාස කළේ නැත.
ඇමෙරිකාවේ සගයා වන උතුරු කොරියාවේ අසල්වැසියා දකුණු කොරියාවත් එම චන්ද්‍රිකාව ගුවන්ගත කිරීමට තරයේ විරෝධය දැක්වීය. උතුරු සහ දකුණු වශයෙන් කොරියාව බෙදී වෙන්වූයේ කොරියානු යුද්ධයෙන් පසුවය. එසේ බෙදී වෙන්වුවත් උතුරු කොරියාවේත් දකුණු
කොරියාවේත් වාසය කරන්නේ එකම ජාතියකි. චන්ද්‍රිකාව ගුවන්ගත කිරීම සම්බන්ධයෙන් උතුරු කොරියාවේ හිතවතා වන චීනය පවා විවේචන එල්ල කළේය. උතුරු කොරියාවට ඔවුන්ගේ මිසයිල, න්‍යෂ්ටික සහ අභ්‍යාවකාශ වැඩසටහන්වලදී සහාය දෙන්නේ චීනයයි. පසුගිය අගෝස්තු 29 වැනිදා, එක්සත් ජාතීන්ගේ
මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් කියා සිටියේ උතුරු කොරියාව ‘හිතුවක්කාර’ අන්දමින් දිගින් දිගටම සිදු කරන බැලැස්ටික මිසයිල අත්හදා බැලීම් ලොවට තර්ජනයක් බවත් එය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීමක් බවත්ය. ඒ අවස්ථාවේදී පවා ලෝකයට අභියෝග කරමින්,
උතුරු කොරියාව බැලැස්ටික මිසයිල අත්හදා බැලුවේය. එම මිසයිල කිලෝ මීටර් 2,700 ක දුරක් ගමන් කළ අතර පතිත වූයේ ජපානයට ඔබ්බෙන් පැසිෆික් සාගරයටය. උතුරු කොරියාව ජපානයට තර්ජනයක් වූයේ ඒ අනුවය.
පසුගිය සැප්තැම්බර් 3 වැනිදා, ජපාන දූපත් යළිත් භූමිකම්පාවකින් කැළැඹිණි. එම භූමි කම්පාව ද ස්වභාවික එකක් නොවන බවත්, උතුරු කොරියාව සිදු කළ තාප න්‍යෂ්ටික බෝම්බයක් (තවත් හයිඩ්‍රජන් බෝම්බයක්) අත්හදා බැලීමේ ප්‍රතිඵලයක් බවත් පසුව අනාවරණය විය. එම අත්හදා බැලීමේදී හටගත් භූමි කම්පාව රික්ටර් පරිමාණයේ ඒකක 6.3 ක් සටහන් කළේ යැයි ජපාන භූ විද්‍යාඥයෝ පැවැසූහ. කලින් කළ අත්හදා බැලීම්වලට වඩා 10 ගුණයකින් මෙම අත්හදා බැලීම ප්‍රබල විය. විශේෂඥයන් පැවැසුවේ උතුරු කොරියාව අත්හදා බැලුවේ කිලෝ ටොන් 250 ක බෝම්බයක් කියාය. ඒ බව නිර්ණය කර ගැනීමට හැකි වූයේ භූමි කම්පාවේ ප්‍රබලත්වය අනුවය. තම දෙවැනි හයිඩ්‍රජන් බෝම්බ අත්හදා බැලීම ද සාර්ථක වුණැයි උතුරු
කොරියානු රජය පැවැසීය.
උතුරු කොරියාව මුල්කොට ගනිමින්, කොරියානු අර්ධද්වීපයේ යුද්ධයක් නිර්මාණය වීමට තමා කිසිසේත් ඉඩ නොදෙන බව දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් ප්‍රතිඥා දී ඇත. “කිසිම අවස්ථාවක උතුරු කොරියාව මුල්කර ගනිමින්, කොරියානු අර්ධද්වීපයේ යළි යුද්ධයක් ඇති වෙන්නේ නැහැ. ඇතිවෙන්න මම ඉඩ තියන්නෙත් නැහැ.” යැයි දකුණු කොරියානු ජනාධිපති මූන් මාධ්‍ය හමුවේ අවධාරණය කළේය. මූන් ජේ ඉන් දකුණු කොරියාවේ ජනපති ධුරයට පත් වී දින 100 ක් පසු වී ඇත. දකුණු කොරියානු ජනාධිපති මූන්, ජනපති ධුරයට පත් වූයේ ද උතුරු කොරියාව සමඟ නොගැටී සාකච්ඡා මාර්ගයෙන් පවතින ගැටුම් විසඳා ගැනීමට උත්සාහ කරන බවට පොරොන්දුවක් දෙමිනි.
උතුරු කොරියාවේ ‘හිතුවක්කාරී’ මිසයිල අත්හදා බැලීම් සම්බන්ධයෙන් දකුණු කොරියාව නිරන්තරයෙන් විරෝධය පළ කරයි. කෙසේ නමුත් ජනපති මූන් පෙන්වා දී ඇත්තේ මීට මාස කීපයකට පෙර උතුරු කොරියාව මට්ටු කළ නොහැකි බවය. උතුරු කොරියාව පසුගිය දා ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක් කළේ ඇමෙරිකාවට අයත් පැසිෆික් සාගරයේ පිහිටි ‘ගුආම්’ නමැති කුඩා දූපතට පහර දෙන බවටය.
ගුආම් දූපත පිහිටා ඇත්තේ උතුරු කොරියාවේ සිට සැතපුම් 2,128 ක් දුරින් ඕස්ටේ්‍රලියාවට ඉහළිනි. එහි ඇමෙරිකන් හමුදා කඳවුරක් පිහිටා තිබේ. ‘ගුආම්’ දූපත පාලනය කරන්නේ ඇමෙරිකන් ආණ්ඩුකාරවරයකුය.
උතුරු කොරියාවේ බැලැස්ටික මිසයිල
කේ.එන්. 02
කේ.එන්. 02
කේ.එන්. 08/14
කි.මී.150
කි.මී.900
දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් වන උතුරු කොරියාවේ බැලැස්ටික මිසයිල
වැඩසටහන අද වනවිට ලෝකයේ ආරක්ෂාවට තර්ජනයක් වී ඇත. උතුරු කොරියාව දිනෙන් දින නව මාදිලියේ මිසයිල අත්හදා බැලීම සිදු කරයි. එසේ නිෂ්පාදනය කළ අන්තර් මහද්වීපික මිසයිල අතරින් වඩාත් කැපී පෙනෙන්නේ වසොං වර්ගයේ මිසයිලයි. මෙම මිසයිලවලට වේගයෙන් සහ පහසුවෙන්ම ඇමෙරිකාවට ළඟා විය හැකිය.
කි.මී. 300 කි.මී. 500 කි.මී. 800 කි.මී. 1500 කි.මී. 8000 වසොං 5 වසොං 6 වසොං 7 නො - ඩොංග් කි.මී. 10,000 ඉක්මවයි ටේපොඩොන් 2 (සබ්මැරීන ආධාරයෙන් විදීම සිදු කෙරේ) මුසුඩාන් බී.එම්. 25 කි.මී. 4,000
ලුසිත ජයමාන්න
ඒ.එෆ්.පී ඇසුරිනි
ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ
රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.
මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින
ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
උතුරු කොරියානු හිතුවක්කාරයාගේ මිසයිල අත්හදා බැලීම
Don Monday, 18 September 2017 09:56 AM
චීනේ සහ රුසියාවට කරන්න කොන්දක් නැති දේවල් ඔක්කොම කරගන්න හදන්නේ මේ අනුවණ, තකතීරු ඒකාධිපති පාලකයා ඉන්න රට මගින්. පව් ඒ රටේ සාමාන්‍ය මිනිස්සු එදා වේල හොයාගන්න දුක් විඳිනවා.ලෝකය ගැන දන්නේ නැහැ අන්තර්ජාල පහසුකම් නැහැ සාමාන්‍ය මිනිස්සුන්ට. විදේශ රටවලින් ඒ රටට එන සංචාරකයන්ට ලෝකය ගැන සඳහන් කිසිදු CD , DVD , පත්තර සඟරා ඒ රට තුලට ගෙනෙන්න දෙන්නේ නැහැ . පාලකයා පිස්සු කෙලිනවා.. කොහොමද වසර 50 කට කලින් එකම ස්ථානයේ සිටපු දකුණු සහ උතුරු කොරියාවේ දැන් වෙනස. දකුණු කොරියාව ඇමරිකාව සහ ජපානය සමග එකතු වීමෙන් අධිසංවර්ධිත රටක් බවට පත්වී හමාරයි. උතුරු කොරියාව චීනය සහ රුසියාව සමග එකතුවීමෙන් අගාධයට ගිහින් හමාරයි. පාලකයෙක් පිස්සු කෙලිද්දී මුළු මහත් ජනතාවක්ම දුක්විඳින බවට හොඳම උදාහරණය තමයි උතුරු කොරියාව.
kumar (galf) Monday, 18 September 2017 12:24 PM
කොමියුනිස්ට් අන්තවාදයෙන් මුසපත්වෙච්ච කෙනෙක් කරන රටක්..., මේ විදිහට තමා ස්ටාලින්ලා කළෙත්...
ධනුෂ්ක Monday, 18 September 2017 01:10 PM
මේ හැම දෙයක්ම මුලින්ම අත්හදා බැලුවේ අැමරිකාවයි. අනික් රටවල් කරනකොට හොඳ නෑ. ඔවුන් ඔවුන්ගේ පාලනය රැක ගන්න දැඩි පාලනයක් ගෙනයන එක අැත්ත. හැබැයි ලංකාවට වඩා හොඳතැනක ඔවුන් සිටිනවා. ඔය සම්බාධක ලංකාවට දැම්මොත් කොහොමද? දෛවයේ සරදම කියන්නේ. මීට අවුරුදු 80 කට විතර පෙර ජපානය කොරියාව යටත් කරගෙන එ් රටේ. තරුණියන් මිලියන ගානක්. හමුදා කඳවුරු තුල සමූහ දූෂණයට ලක් වුනා. ජපානය දැන් ඔවුන්ට බයේ වෙව්ලනවා. ඔයලා ඔය හිස් මුදුනේ තියාගෙන ඉන්න බටහිරයන් එදත් අදත් කලේ අනෙක රටවල් සූරා කාපු එකයි.
DalitWednesday, 20 September 2017 09:40 AM
පළමුවෙන්ම රොකට් අත්හධා බැලුවේ ජර්මනිය.
sdsdsdsd Monday, 18 September 2017 02:17 PM
කොන්ද කෙළින් තියෙන නායකයෙක් සිටින රටක්...
ලුම්බිණි Tuesday, 19 September 2017 04:47 AM
සමහරුන්ට හොඳ උනාට සමහරුන්මිට හොඳ කෙනෙක් නොවේ...
Dalit Wednesday, 20 September 2017 09:37 AM
කොරියවේ සෙල්ලම් වලින් අපිට එතරම් වැඩක් නැත. අපිට බලපාන්නේ අපි අල්ලපු රට වන භාරතයේ රොකට්. ඉන්දියානු රොකට් උ. කොරියානු රොකට් පරදවා ඇත. අග්නි රොකට් අමෙරිකාවේ හා රුසියානු රොකට් හා සමානය. ඔවුන් අදිබල ජෙට්, ස්ක්‍රෑම් ජෙට් රොකට් අත් හදා බලති. ඉන්දියාව නොබියවම අපේ රටට ඇඟිලි ගහන්නේ එම් යුද බලය නිසාය. ඔබාමා කාලයේ අමෙරිකාව ඉන්දියාවට පනවා තිබූ යුද උපකරන හා කාර්මික තහන්චි ඉවත් කළේය. මෙවැනිම ලිපිපෙලක් භාරත යුධ උපකරණ හා කාර්මික ඥානය ගැන පලකරන්න.