ඇමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ මෙක්සිකෝව සම්බන්ධ කරමින් නව වෙළෙඳ ගිවිසුමකට එළැඹීමට අද (16) ඇමෙරිකානු සෙනට් සභාවේ අනුමැතිය හිමිවිය.
මෙය ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ලැබූ තවත් වෙළෙඳ ජයග්‍රහණයකි.
ඇමෙරිකානු ජනාධිපතිවරයා මේ වනවිට දෝෂාභියෝග විභාගයකට මුහුණ දී සිටී.
‘යු.එස්.සී.එම්.ඒ’ ගිවිසුම යනුවෙන් මෙම ගිවිසුම් නම් කර තිබූ අතර ඇමෙරිකාව, කැනඩාව සහ මෙක්සිකෝව 2018 වසරේදී මෙම ගිවිසුමට අත්සන් තැබීය. සෙනට් සභාවේ අනුමැතිය හිමි වීමත් සමඟ නුදුරේදීම මෙම ගිවිසුම ක්‍රියාත්මක වීමට නියමිතය.
සෙනට් සභාවේදී ගිවිසුමට පක්ෂව ඡන්ද 89ක් ලැබුණු අතර විපක්ෂ ඡන්ද 10ක් ලැබිණි.
ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අනිවාර්යයෙන්ම මෙම ගිවිසුමට අත්සන් තබනු ඇතැයි ද පැවසේ.
මුල් ගිවිසුමට වඩා සෙනට් සභාවේදී අනුමැතිය ලැබුණු ගිවිසුමේ වෙනස් කිහිපයක් සිදු කර ඇත. ඇමෙරිකානු කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී පසුගිය මාසයේදී මෙම ගිවිසුමට අනුමැතිය හිමි වූ අතර එසේ අනුමැතිය හිමිවූයේ වෙනස්කම් කිහිපයක් සිදු කිරීමෙන් පසුවය.
මෙම නව ගිවිසුම 1994 වසරේදී අත්සන් තලබන උතුරු ඇමෙරිකානු නිදහස් වෙළෙඳ ගිවිසුම යාවත්කාලීන කරනු ඇති අතර එම ගිවිසුමෙන් ඉවත් වන බවට ඇමෙරිකානු ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකදීම තර්ජනය කළේය.
ඒ.එෆ්.පී.
055
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
උතුරු ඇමෙරිකානු වෙළෙඳ ගිවිසුමට සෙනට් මණ්ඩලයේ අනුමැතිය