ජෙරුසලමේදීය (ඒ.එෆ්.පී.)
තම ක්‍රීඩකයන්ට වීසා ලබා නොදීම සම්බන්ධයෙන් සෞදි අරාබියෙන් වන්දි ඉල්ලීමට කටයුතු කරන බව ඊශ්‍රායල චෙස් සම්මේලනය සඳහන් කරයි. සෞදි අරාබියේ පැවැත්වෙන චෙස් තරඟාවලියකට සහභාගීවීම සඳහා ඊශ්‍රායල ජාතික චෙස් ක්‍රීඩකයන් වීසා අයඳුම්පත් යොමු කර තිබෙන අතර එහිදි ඔවුන්ගේ අයදුම්පත් ප්‍රතික්ෂේප වී තිබේ.
‘වර්ල්ඩ් රැපිඩ් ඇන්ඩ් බිලිට්ස්’ චෙස් ශූරතා තරගාවලිය ලෙසින් සෞදි අරාබියේ සල්මන් රජුගේ නාමය ද ඇතුළත්ව එම තරඟාවලිය නම් කර තිබේ. එය සෞදි අරාබියේ පැවැත්වෙන පළමු ජාත්‍යන්තර චෙස් තරගාවලිය වේ. සාම්ප්‍රදායික දැඩි ඉස්ලාමීය නීති රීති සහිත රටක් ලෙස සැලෙකන සෞදි අරාබිය තමන්ගේ විවෘතභාවය ලොවට පෙන්වීමට ගන්නා ලද එක් ක්‍රියාමාර්ගයක් ලෙස මෙම චෙස් තරඟාවලිය හඳුන්වා දී තිබිණි.
ජාත්‍යන්තර චෙස් සම්මේලනයේ නීතිරීතිවලට අනුව කිසිදු ක්රීඩකයකුට තරගයට සහභාගී වීමේ අවස්ථාව අහිමි කළ නොහැකි වුවද තරගාවලියට සහභාගී වීම සඳහා ඉරානය, කටාරය සහ ඊශ්‍රායල ක්රීඩාකයන්ට සෞදි අරාබියට පැමිණීමට වීසා ලැබී නොමැති බව පැවසේ.
කෙසේ නමුත් ඊයේ (25) දිනය වන විට ඉරාන සහ කටාර් රාජ්‍යයේ ක්‍රීඩකයන්ට වීසා ලබාදීම සඳහා සෞදි බලධාරීන් සමඟ එකඟතාවකට පැමිණීමට ලෝක චෙස් සම්මේලනය සමත් වුවද ඊශ්‍රායල ක්‍රීඩකයන්ට වීසා ලබාදීමට සෞදි බලධාරීන් එකඟත්වය පළ කර නැතැයි වාර්තා විය.
සෞදි අරාබිය ඊශ්‍රායලය සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්තිය කිසිදු අවස්ථාවකදී වෙනස් නොකරන බව මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් සෞදි බලධාරියකු පවසා තිබේ.
ලෝක චෙස් සම්මේලනය නොමඟ යවනවා යැයි ඊශ්‍රායලය සෞදි අරාබියට චෝදනා එල්ල කර තිබූ අතර තරගාවලියට සහභාගී වීමට නොහැකි වීම නිසා තම ක්‍රීඩකයන් හත් දෙනාට වෘත්තීමය ලෙස සහ මූල්‍යමය ලෙස සිදු වූ හානියට වන්දි ගෙවිය යුතු යැයි ද ඊශ්‍රායලය සෞදි අරාබියට අවධාරණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් ලෝක චෙස් සම්මේලනය නිල වශයෙන් කිසිවක් ප්‍රකාශ කර නොතිබූ අතර චෙස් තරගාවලිය අද (26) ආරම්භ විය. සෞදි අරාබිය සහ ඊශ්‍රාලය නිල රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නොපවත්වයි.
055
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඊශ්‍රායල් චෙස් සම්මේලනය සෞදි අරාබියෙන් වන්දි ඉල්ලයි
saleeth Thursday, 28 December 2017 04:52 AM
ක්‍රීඩාව පැත්තෙන් බැලුවොත් ඕනෑම ක්‍රීඩකයෙකුටම ඕනෑම රටකට යාමට අවසර දියයුතුයි. නමුත් ඊශ්‍රායල් රජය කරන මිලේජ්ජ කුරිරු වැඩ වලට මොනවද කරන්න ඔනෙ කියන්න බලන්න.