ඊශ්‍රායල මහ මැතිවරණය අද (9) ආරම්භ වූ අතර මහ මැතිවරණයෙන් දක්ෂිණාංශික අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ජයග්‍රහණය කරනු ඇතැයි දැනටමත් අනාවැක පළ වී ඇත.
අගමැති බෙන්ජමින් නෙදන්යාහු මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් ඔහු අග්‍රාමාත්‍ය ධුරයට පත්වන පස්වැනි අවස්ථාව මෙය වනු ඇත.
ඊශ්‍රායල අගමැතිවරයාගේ ප්‍රධානතම ප්‍රතිවාදියා වී ඇත්තේ එරට හමුදාවේ හිටපු ජෙනරාල්වරයකු වන බෙනී ගාන්ට්ස් ය. පිරිසුදු ආණ්ඩුවක් ස්ථාපිත කරන බවටත් සමගිය සහ එකමුතුකම ඇති කරන බවටත් ඔහු පොරොන්දු දී ඇත.
මැතිවරණ ප්‍රචාරණ සමයේදී ප්‍රතිවාදී පක්ෂ අතර අන්තර්ජාලය ඔස්සේ දූෂණය, වංචාව, ආරක්ෂාව ආදී කරුණු රැසක් සම්බන්ධයෙන් දරුණු මත ගැටුම් ඇති විය.
ගාන්ට්ස් මහ මැතිවරණයට ඉදිරිපත් වී ඇත්තේ ‘නිල් සහ සුදු’ නමැති පක්ෂයකිනි. එම පක්ෂය මධ්‍යස්ථ මතධාරී පක්ෂයකි. එම පක්ෂය ඊශ්‍රායල හමුදාවේ හිටපු ජෙනරාල්වරු බොහෝමයක් සම්බන්ධ වී සිටිති.
නෙදන්යාහුගේ ක්‍රියාකලාපය ඔවුන් බොහෝ දෙනකුගේ විවේචනයට ලක්ව තිබෙන අතර ආරක්ෂාව සම්බන්ධයෙන් ඊශ්‍රායල අගමැතිවරයා අනුගමනය කරන ක්‍රියාමාර්ග ද ඔවුන්ගේ දෝෂදර්ශනයට ලක්ව තිබේ.
රොයිටර් ඇසුරිනි
055
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්
ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද
යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඊශ්‍රායල මහ මැතිවරණය ඇරඹේ