IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ඉස්ලාමීය සටන්කාමීන් මාලදිවයිනේ මාධ්‍යවේදී රිල්වාන් ඝාතනය කරලා

ඉස්ලාමීය සටන්කාමීන් මාලදිවයිනේ මාධ්‍යවේදී අහ්මද් රිල්වාන් ඝාතනය කර ඇතැයි ඝාතන සහ අතුරුදන් කිරීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති කොමිසමප්‍රකාශ කරයි. 

පසුගිය රජයේ සමයේ සිදු වූ ඝාතන සහ අතුරුදන් වීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මාලදිවයිනේ ජනාධිපතිවරයා එම කොමිසම පත් කරන ලදි. මාධ්‍යවේදී අහ්මද් රිල්වාන් බලහත්කාරයෙන් පැහැර ගෙන ගිය බව පැවැසුණි. 

මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන් විවේචනය කළ නිසා මාධ්‍යවේදී රිල්වාන් පැහැර ගෙන ගියේ යැයි ද කියැවුණි.  

රිල්වාන් පැහැර ගනු ලැබුවේ 2014 වසරේ අගෝස්තු මාසයේදීය. ඔහු පැහැර ගත්තේ අබ්දුල්ලා යමීන් බලයට පත්ව වසරකට පසුවය. අහ්මද් රිල්වාන් මාලදිවයිනේ ස්වාධීන මාධ්‍යවේදියකු වූ අතර ඔහු ආණ්ඩුවේ වංචා සහ දූෂණ මෙන්ම ඉස්ලාමීය සටන්කාමීන් සම්බන්ධයෙන් ද දිගින් දිගටම වාර්තා කළේය. 

ආණ්ඩුව විවේචනය කිරීමත් ඉස්ලාමීය අන්තවාදය ගැන ලිවීමත් නිසා රිල්වාන් ඉලක්කයක් බවට පත්වූ බව මාධ්‍යවේදීන් සහ මානව හිමිකම් සංවිධාන අවස්ථා ගණනාවකදී ප්‍රකාශ කළේය. 

රිල්වාන්ගේ ඝාතනයට සෘජුව සම්බන්ධ පිරිස්වලින් කොමිසමට සාක්ෂි ලැබුණු බව ඝාතන සහ බලහත්කාරයෙන් කරන ලද පැහැර ගැනීම් පිළිබඳ සෙවීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ සභාපති හුස්නු සවුද් පැවැසීය. 

“විදෙස් ජිහාද් සංවිධාන සමඟ සබඳතා පැවැත්වූ ඉස්ලාමීය අන්තවාදීන් පිරිසක් රිල්වාන් ඝාතනය කළා. ඔවුන් ඊට පෙර අවස්ථා කිහිපයකදීත් රිල්වාන්ට අනතුරු අඟවා තිබෙනවා” සවුද් කීය. මාලේ අගනුවර පැවැති පුවත්පත් සාකච්ඡාවකදී ඔහු එම කරුණු සඳහන් කළේය. 

පසුගිය වසරේ පැවැති ජනාධිපතිවරණයේදී අබ්දුල්ලා යමීන් පරාජයට පත්වූ අතර විපක්ෂයේ පොදු අපේක්ෂකයා වූ ඊබ්‍රහිම් මොහොමඞ් සෝලි ඉන් ජයගත්තේය. ජනාධිපති කොමිසම පත් කරන ලද්දේ ජනාධිපති සෝලිය. ඒ අනුව මෙම විමර්ශන කටයුතු සිදු කෙරුණි.

පැහැර ගැනීමෙන් පසුව මුහුදේදී රිල්වාන් ඝාතනය කර ඇතැයි ද ජනාධිපති කොමිසමේ සභාපති සවුද් පැවැසීය. විමර්ශනවලට බාධා එල්ල වන කියමින් ඔහු වැඩිදුර විස්තර කීම ප්‍රතික්ෂේප කළේය. 

අහ්මද් රිල්වාන් පැහැර ගැනීම සහ ඝාතනය කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන්ට එරෙහිව නඩු පැවැරීමට කිසිදු සාක්ෂියක් නැතැයි ද සවුද් කීවේය.  

මේ සම්බන්ධයෙන් අබ්දුල්ලා යමීන්ගෙන් සහ ඔහුගේ නීතිඥයාගෙන් අදහස් විමසීමට උත්සාහ කළ ද ඒවා අසාර්ථක විය. කෙසේ නමුත් ඝාතන සිදුවීම්වලට තමන්ගේ සම්බන්ධයෙන් නැතැයි හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන් අවස්ථා ගණනාවකදී ප්‍රකාශ කළේය. 

රිල්වාන්ගේ අතුරුදන් වීමෙන් අනතුරුව 2017 වසරේදී මාධ්‍යවේදී යමීන් රෂීඞ් ඝාතනයට ලක්විය. මාධ්‍යවේදීන්ට එරෙහිව කෙරෙන ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන් එම රජයට දිගින් දිගටම චෝදනා එල්ල විය. යමීන් රෂීඞ් ද ඉස්ලාමීය සටන්කාමීන් සහ රාජ්‍ය දූෂණ සම්බන්ධයෙන් දිගින් දිගටම සිය බ්ලෝග් ලිපි ලිවීය. 


රොයිටර් ඇසුරිනි 

055

 



අදහස් (0)

ඉස්ලාමීය සටන්කාමීන් මාලදිවයිනේ මාධ්‍යවේදී රිල්වාන් ඝාතනය කරලා

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 77 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 173 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 133 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1449 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 432 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


ඉරාන ජනාධිපතිට පුටින්ගෙන් ඇමතුමක්
2024 අප්‍රේල් මස 17 718 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1506 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1408 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site