ඉරානයේ මේ වනවිට කොරෝනා රෝගීන් 300ක් පමණ දිනකට මියයන බව සෞඛ්‍ය බලධාරීහු පවසති. ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ සෑම විනාඩි පහකටම එක් පුද්ගලයෙකු මරණයට පත්වන බවයි.
මේ වනවිට ඉරානයේ බොහෝ රෝහල්වල ධාරිතාවය ඉක්මවා ගොස් ඇති බැවින් තවදුරටත් රෝගීන් බාරගැනීම ගැටලවක් වී ඇති බව ද ඔවුහු පවසති.
මැදපෙරදිග රටවල් අතරින් කොරෝනා වසංගතයේ වැඩිම බලපෑමට ලක්වූ රට වන්නේ ඉරානයයි. සෞඛ්‍ය නීතීන් අනුගමනය කිරීමට ඉරාන වැසියන් අපොහොසත් වුවහොත් මෙය දිනකට මරණ 600ක් දක්වා ඉහල යෑමට ඉඩ ඇති බවත් ඔවුහු පෙන්වා දෙති.
මේ වනවිට ඉරානයේ කොරෝනා ආසාදිතයින් 568,896ක් වාර්තා වී ඇති අතර මරණ 32,616ක් සිදුවී තිබේ.
කෙසේ වුවද ඉරාන පාර්ලිමේන්තුවේ පර්යේෂණ මධ්‍යස්ථානය විසින් සිදුකරන ලද සමීක්ෂණයකින් හෙලිවී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කර ඇති වාර්තා වල සඳහන් ප්‍රමාණයට වඩා දෙගුණයක පමණ රෝගීන් සංඛ්‍යාවක් සිටින බවයි.
ඔක්තෝබර් 03 වැනිදා සිට ටෙහෙරානයේ පාසැල්, පල්ලි, සාප්පු, ආපනශාලා සහ වෙනත් ආයතන වසා දමා ඇත.
ඉරානයේ පළාත් 31න් 21කම කොරෝනා ව්‍යාප්තිය සම්බන්දව රතු නිවේදන නිකුත් කර තිබේ. සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ සමාජ දුරස්ථ භාවය තබාගැනීම වැනි සෞඛ්‍ය රීතීන් අනුගමන කිරීමට ඉරාන වැසියන් උනන්දු නොවන බවයි.
ඉරානයට මේ වන විට පනවා ඇති ඇමරිකානු සම්බාධක හේතුවෙන් වයිරස ව්‍යාප්තිය පාලනය කිරීම ගැටලු සහගත වී ඇතැයි ද ඉරාන බලධාරීහු චෝදනා කරති.
රොයිටර් පුවත් ඇසුරිණි
085
තුර්කියේ ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ලබන ඉරිදා (31) පැවැත්වීමට නියමිතය. දශක ගණනක් තිස්සේ තුර්කියේ බලයේ සිටින්නේ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ජා
වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැව
පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් ප
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඉරානයේ සෑම විනාඩි 5කටම එක් කොරෝනා මරණයක්