ඇමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව ඉරානයේ ප්‍රධාන පෙළේ බැංකු 18කට සම්බාධක පැනවූ අතර එයින් 16ක් ඉරානය මූල්‍ය තුළ ක්‍රියාත්මක වේ. මෙම බැංකු සියල්ලම අසාදු ලේඛන ගත කිරීමට ඇමෙරිකාව පියවර ගෙන ඇත.
මේ අතර තිබෙන එක් බැංකුවක් පාලනය කෙරෙන්නේ කලින් අසාදු ලේඛන ගත කළ බැංකුවකින් බවත් අදාළ බැංකු ඉරාන හමුදා සමඟ සම්බන්ධකම් පවත්වන බවත් ඇමෙරිකාවේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
“ඉරානය ආර්ථිකයේ විවිධ අංශ ඉරාන ආණ්ඩුවේ නීතිවිරෝධී කටයුතුවලට අරමුදල් සපයනවා” යැයි භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්විණි.
යුරෝපයේ රටවල් රැසක් ඇමෙරිකාව මෙලෙස ඉරානයේ බැංකුවලට සම්බාධක පැනවීමට ගත් තීරණයට විරෝධය පළ කර ඇත. මෙම සම්බාධක හේතුවෙන් අදාළ බැංකු සමඟ ගනුදෙනු කරන විදේශීය බැංකු හා සමාගම් දැඩි අපහසුතාවකට පත්වන බවත් එම විදේශීය බැංකු හා සමාගම්වලට ඇතැම් විට ඇමෙරිකාවේ දඬුවම්වලට යටත් වීමට සිදුවනු ඇති බවත් යුරෝපයේ රටවල් පෙන්වාදෙයි.
“අපි මේ ගත්තු ක්‍රියාමාර්ගවලින් ඉරාන ජනතාවට සහාය දෙන මානුෂීය ගනුදෙනුවලට අවස්ථාව ලැබෙනවා” යැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ භාණ්ඩාගාර ලේකම් ස්ටීවන් මනුචින් පැවැසීය.
කෙසේ නමුත් සම්බාධක පැනවීම සම්බන්ධයෙන් පාර්ශව රැසකින් ඇමෙරිකාවට චෝදනා එල්ල වී තිබේ. මෙම සම්බාධක හේතුවෙන් ඉරාන ජනතාවට අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ සහ අනෙකුත් මානුෂීය ආධාර ලබාදීමට බාධා එල්ල වී ඇතැයි ද එම පිරිස් පෙන්වාදෙති.
මෙම සම්බාධකවලින් මානුෂීය ගනුදෙනුවලට බාධා එල්ල වන්නේ නැති බවට ස්ටීවන් මනුචින් කළ ප්‍රකාශය ඉරාන විදේශ අමාත්‍ය ජවාඩ් සරීෆ්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්විය.
“කොවිඩ්-19 වසංගතය මධ්‍යයේ ඇමෙරිකානු රෙජීමයට අපේ ආර්ථිකයට පහරදෙන්න වුවමනා වෙලා. ඔවුන්ට අපට ආහාර සහ ඖෂධ ගන්න ඉතිරි වෙලා තියෙන මාර්ග සියල්ල පුපුරුවා හරින්න වුවමනා වෙලා. ඉරාන ජනතාව මේ කෲරත්වයට මුහුණ දෙනවා.
සමස්ත රටක් කුසගින්නේ තැබීමට කුමන්ත්‍රණ කිරීම මනුෂ්‍යත්වයට එරෙහිව කරන අද අපරාධයක්. අපේ සල්ලි අවහිර කළ වැරැදිකරුවන් සහ ඊට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව සාධාරණත්වය ඉටු වේවි” යැයි සරීෆ් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.
රොයිටර්
055
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඉරානයේ බැංකු 18කට ඇමෙරිකාවෙන් සම්බාධක