සිරියාවේ ඉලක්කවලට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන්නේ නම් ඊට එරෙහිව පියවර ගන්නේ යැයි ඉරානය ඊශ්‍රායලයට අනතුරු ඇඟවීය.
ඊශ්‍රායලය පසුගිය සති කිහිපයේදීම සිරියාවේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළේය. සිරියානු සිවිල් යුද්ධයේ පාර්ශවකරුවකු වී සිටින ඉරානය ජනාධිපති බෂාර් අල් අසාද්ට සහාය දක්වයි.
ඊට ප්‍රතිචාර දැක්වූ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු ඉරානය සිරියාවේ කටයුතුවලට මැදිහත් වීම නැවැත්වීම ඉතා වැදගත් යැයි පැවැසීය.
මැද පෙරදිග සහ සිරියාවේ ආරක්ෂාවට තිබෙන විශාලතම තර්ජනය ඉරානය යැයි ඊශ්‍රායලය චෝදනා කරයි. ඊශ්‍රායලය පසුගිය සති කිහිපයේදීම සිරියාවේ ඉරාන ඉලක්ක සහ ඉරානය සහාය දක්වන සටන්කාමීන්ගේ ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කළේය.
ලබන අප්‍රේල් මාසයේදී ඊශ්‍රායල මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබේ. එම නිසා ඊශ්‍රායලය තමන් සිරියාවේ ඉරාන ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කරන බව විවෘතම ප්‍රකාශ කරයි.
ඊශ්‍රායලය සිරියාවට එල්ල කරන ප්‍රහාර සිරියාවේ භෞමික අඛණ්ඩත්වය උල්ලංඝණය කරන බවත් කිසිසේත් එම ප්‍රහාර පිළිගත නොහැකි බවත් ඉරානයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් අල් ෂම්ඛානී පැවැසීය.
සිරියානු විදේශ අමාත්‍ය වලීඞ් අල් මෞලම් හමුවෙමින් අල් ෂම්ඛානී ඒ බව පැවැසීය.
හර්ෂණ තුෂාර සිල්වා
රොයිටර් ඇසුරිනි
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
පෘථිවිය කැරැකෙන වේගය එසේත් නැතිනම් භ්‍රමණය වන වේගය වැඩි වී, පෘථිවියේ වේලාව තත්පරයකින් අඩුවනු ඇතැයි ඇමෙරිකන් විද්‍යාඥයෝ පවසති.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඉරානයෙන් ඊශ්‍රායලයට අනතුරු ඇගවීමක්