වියානාහිදීය (රොයිටර්ස්)
ලබන වසරේ සිට දිනකට නිෂ්පාදනය කරන තෙල් බැරල සංඛ්‍යාව අඩු කිරීමට ඉරානය කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වේ.
ඉරානයේ ප්‍රතිවාදියා වන සෞදි අරාබිය සමඟ ඇති කරගන්නා ලද එකඟතාවයකට අනුව ඉරානය එලෙස තෙල් නිෂ්පාදනය සීමා කිරීමට එකඟතාව පළ කර තිබේ.
මේ අනුව ඉරානයේ එකඟතාව ඇතිව තෙල් අපනයනය කරන රටවල සංවිධානයට (ඔපෙක්) ලබන වසරේ සිට දිනකට නිෂ්පාදනය කරන තෙල් බැරල සංඛ්‍යාව මිලියන 0.8කින් අඩු කරනු ඇත.
මීට පෙර තෙල් නිෂ්පාදනය සීමා කිරීම සම්බන්ධයෙන් ගිවිසුමක් ඇති කරගැනීමේදී ප්‍රධාන බාධාව එල්ල වූයේ ඉරානයෙනි. කෙසේ නමුත් දැන් එවැනි අවහිරයක් නොමැති බැවින් රුසියාව ප්රමුඛ ඔපෙක් සංවිධානයේ නොවන රටවල් අතර පැවැත්වෙන සාකච්ඡාවේදී ද තෙල් නිෂ්පාදනය සීමා කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.
නිෂ්පාදනය අඩු කිරීමත් සැපයුම් අඩු කිරීමත් සමඟ ඉදිරියේදී තෙල් මිල ගණන් ඉහළ යනු ඇතැයි ද පැවසේ.
ඔපෙක් සංවිධානය රුසියාව ඇතුළු එම සංවිධානයේ සාමාජිකයන් නොවන රටවලින් ද තෙල් නිෂ්පාදනය සීමා කරන්නැයි ඉල්ලා සිටිනු ඇතැයි ද වාර්තා වේ. මේ අනුව ඔපෙක් සංවිධානයේ සාමාජිකයන් නොවන රටවලින් දිනකට නිෂ්පාදනය කරන තෙල් බැරල සංඛ්‍යාව මිලියන 0.4කින් සීමා කරන්නැයි යෝජනාවක් ඉදිරිපත් වනු ඇතැයි පැවසේ.
ඔපෙක් සංවිධානයේ සාමාජික රටවල් මේ දිනවල ඔස්ට්‍රේයාවේ වියානාහිදී තෙල් කර්මාන්තය පිළිබඳව සාකච්ඡා පවත්වන අතර රුසියාව ප්රමුඛ එම සංවිධානයේ සාමාජික නොවන තෙල් අපනයනය කරන රටවල් ද එම සාකච්ඡාවලට එක්ව සිටිති.
තෙල් සැපයුම අඩු නොකරන ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය සෞදි අරාබියෙන් ඉල්ලා ඇති හෙයින්, සෞදි අරාබිය දැඩි පීඩනයකට මුහුණ දී සිටි. ගෝලීය ආර්ථිකයට සහයෝගය දැක්වීම උදෙසා එසේ කරන්නැයි ඇමෙරිකා එක්සත් ජනපදය සෞදි අරාබියෙන් ඉල්ලා ඇත.
ඔපෙක් සංවිධානය තෙල් නිෂ්පාදනය හා සැපයුම අඩු කළහොත් තෙල් මිල ගණන් ඉහළ යන අතර එය ඉරානයට දක්වන සහයෝගයක් ද වනු ඇත.
055
පෘථිවිය කැරැකෙන වේගය එසේත් නැතිනම් භ්‍රමණය වන වේගය වැඩි වී, පෘථිවියේ වේලාව තත්පරයකින් අඩුවනු ඇතැයි ඇමෙරිකන් විද්‍යාඥයෝ පවසති.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඉරානය දිනකට නිෂ්පාදනය කරන තෙල් බැරල ගණන අඩු කිරීමට යයි