ගල්ෆ් කළාපයේදි තවත් විදෙස් නෞකාවක් අත්අඩංගුවට ගත් බව ඉරාන නාවික හමුදාව පවසයි.
එය අරාබි රටවල් වෙත හොර රහසේ ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ එකක් බවද ඔවුහු කියති.
නැවේ ඉන්ධන ලීටර් 700,000ක් තිබූ බවත් එහි සිටි නාවිකයින් හත්දෙනකු අත්අඩංගුවට ගත් බවත් ඉරානය වැඩිදුරටත් සඳහන් කරයි.
හොර රහසේ ඉන්ධන ප්‍රවාහනය කරන යාත්‍රාවක් ඉරානය අත්අඩංගුවට ගත් දෙවන අවස්ථාව මෙය වේ.
පසුගිය ජූලි 13වනදා ද ඉරාන වෙරළාරක්ෂක භටයෝ පැනමා ධජය යටතේ යාත්‍රාකළ නෞකාවක් අල්ලා ගත්හ.
ධීවර යාත්‍රාවක් හා ගැටුණු බව පවසමින් බ්‍රිතාන්‍ය ධජය යටතේ යාත්‍රා කළ නෞකාවක් ද පසුගිය මාසයේදී ඉරානය අත්අඩංගුවට ගන්න ලදී.
ඇමරිකාව ඉරානයේ ඉන්ධන ගනුදෙනු සම්බන්ධව පනවා තිබූ සම්බාධක තර කරනු ලැබූ අතර එයින් පසු මෙම සිද්ධිය වාර්තා වූ බව විචාරකයෝ සඳහන් කරති.
(බීබීසී ඇසුරිණි - 085)
තුර්කියේ ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ලබන ඉරිදා (31) පැවැත්වීමට නියමිතය. දශක ගණනක් තිස්සේ තුර්කියේ බලයේ සිටින්නේ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ජා
වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැව
පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් ප
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඉරානය තවත් නැවක් අල්ලා ගනී
sira Sunday, 04 August 2019 02:37 PM
කොමෙනිගේ ගෙදරට මිසයිල 10ක් විතර බැස්සුවා නම් වැඩේ ඉවරයිනේ...
kamaniSunday, 04 August 2019 03:10 PM
අමතකකරන්න එපා.. ඉරානය අපේ හිතවතෙක්. ඔහු ඔතන සිටිය යුතුමයි. එහෙම නැතිනම් ඇමෙරිකාව ඒ පැත්තේ යකා නටාවි...
ධනුෂ්කMonday, 05 August 2019 02:57 AM
අපරාදේ ඔබතුමා වගේ කෙනෙක් අැමරිකාවේ ජනාධිපති නොවුනේ. එහෙනම් බලන්න තිබුනා. මිසයිල බස්සන හැටි.
palitha Monday, 05 August 2019 05:23 AM
කමනි ගේ කතාව ඇත්ත, බටහිර රටවල් අපිව හූරන් කන්න බලන් හිටපු හැම වෙලාවේම ඉරානය අපිට නිතර උදව් කල රටක්. බටහිර රටවල් දේවල් දෙන්නේ ඊට වඩා දෙයක් අපෙන් නිතරම ගන්න බලන්