තෙහ්රාන්හිදීය (ඒ.එෆ්.පී)
ඉරානයේ පැවැත්වෙන විරෝධතා හේතුවෙන් මියගිය ගණන 10 දක්වා ඉහළ ගොස් ඇතැයි ද අත්අඩංගුවට පත් පිරිස 200 ඉක්මවා ගොස් ඇතැයි ද එරටින් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.
විවේචන කිරීමට නිදහස තිබෙන බව ද කලබල නොකරන්නැයි ද ඉරාන ජනාධිපතිවරයා මහජනතාවගෙන් ඉල්ලා තිබෙන අවස්ථාවක මෙම විරෝධතා ඇති වී තිබේ. දින කිහිපයක් තිස්සේ ඉරානයේ තුළ මෙලෙස විරෝධතා පැවැත්වෙයි. කලකෝලහාල කරන්නන්ට හා නීති කඩන්නන්ට ඉරාන ජනතාවගෙන් දඬුවම් හිමිවනු ඇතැයි ද ඉරාන ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.
වසර 2009 පසු මේ ආකාරයේ ආණ්ඩු විරෝධී ප්‍රබල විරෝධතාවක් පැවැත්වෙන් පළමු වරටයි. මෙම විරෝධතා ආණ්ඩුවේ ලිට්මස් පරීක්ෂාවක් යැයි ද දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. දින කිහිපයක් මුළුල්ලේ පැවැත්වෙන විරෝධතා සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේදීම ඉරාන ජනාධිපතිවරයා නිහඬ පිළිවෙතක් අනුගමනය කළේය.
දෙසැම්බර් 31 වැනිදා රාත්‍රියේද ද ඉරාන අගනුවර ද ඇතුළුව නගර කිහිපයක විරෝධතා පැවැත්විණි. විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා කඳුළු ගෑස් සහ ජල විදින යොදාගත් බව ද ඉරාන මාධ්‍ය වාර්තා කළේය. විරෝධතා හේතුවෙන් අන්තර්ජාල හා දුරකතන සබඳතා පහසුකම් සැපයීම සීමා කර ඇතැයි ඉරාන ආරංචි මාර්ග සඳහන් කරයි.
නිහඬතාව අවසන් කරමින් ඉරාන ජනාධිපති හසන් රොව්හානි විරෝධතා සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ පැවැසීය.
“ජනතාවට තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට නිදහස තියෙනවා. ඕනෑම කෙනෙක්ට විවේචන කරන්න පුළුවන්. හැබැයි ප්රචණ්ඩත්වය විරෝධතා හා විවේචනවලට වඩා වෙනස්. මහජන දේපළ විනාශ කිරීම විරෝධතා හා විවේචනවලට වඩා වෙනස්” යැයි කීය.
මේ අතර ඇමෙරිකා ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඉරානයේ පැවැත්වෙන විරෝධතා අනුමත කර තිබේ. “ජනතාවගේ මේ විශාල විරෝධතාවලින් ඔවුන්ගේ දැනුවත්කම හා අවබෝධය පෙනෙනවා. ඔවුන්ගේ මුදල් සහ වත්කම් ත්‍රස්තවාදය පෝෂණය කිරීම සඳහා සොරකම් කරනු ලැබුවා. ඉරාන ජනතාව අද ඊට විරෝධය ප්‍රකාශ කර තිබෙනවා” යැයි ට්විටර් සමාජ ජාලය ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
055
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඉරාන විරෝධතාවලින් 10ක් මරුට