IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ඉරාන නායකයාගෙන් බරපතළ අනතුරු ඇඟවීමක්

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනේ පියා ලෙස සැලකෙන මොසේන් ෆක්රිසාදේ ඝාතනය කළ සියලු දෙනාට ‘‘හරි වේලාවට’’ දඬුවම් දෙන බව ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී අවධාරණය කරයි.

ඉරානය රහසිගත අයුරින් න්‍යෂ්ටික ආයුධ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් මොසේන් ෆකිරිසාදේ එහි ප්‍රධාන විද්‍යාඥයා බවත් ඊශ්‍රායලය මීට පෙර අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කර තිබිණි.

ඉරාන බලධාරීන්ගෙන් මේ වනවිට ඊශ්‍රායලයට චෝදනා එල්ල වී තිබෙන අතර මේ ප්‍රහාරය පිටුපස සිටින්නේ ත්‍රස්තවාදීන් යැයි ඉරාන විදේශ අමාත්‍ය ජාවේද් සරීෆ් චෝදනා කළේය. ඊශ්‍රායලය ඒ පිටුපස සිටින බව හෙතෙම කීවද ඔහු ඒ සම්බන්ධයෙන් කිසිදු සවිස්තර විස්තරයක් ඉදිරිපත් නොකළේය.

ඉරානයේ න්‍යෂ්ටික උපායමාර්ගයේ මහ මොළකරු ලෙස සැලකෙන්නේ මොසේන් ෆක්රිසාදේ ය. ඉරාන අගනුවරට ආසන්න මහා මාර්ගයකදී පසුගිය සිකුරාදා (27) ඔහු ඝාතනයට ලක්වූ අතර එය හොඳින් සහ ඉතා පරෙස්සමෙන් සැලසුම් කරන ලද්දක් බව මේ වනවිට අනාවරණය වී තිබේ.

මීට පෙර 2010 වසරේ නොවැම්බර් මාසයේදී මොසේන් ෆක්රිසාදේ ඝාතනය කිරීමට උත්සාහ කර තිබිණි. මීට පෙර අවස්ථා කිහිපයකදී ද ඉරාන විද්‍යාඥයන් මේ ආකාරයෙන් ඝාතනයට ලක්ව ඇත.

මෙම ඝාතනයත් සමඟ මැද පෙරදිග කලාපයේ ගැටුම් උත්සන්න වේවි යන අවදානමක් ද හටගෙන තිබේ.

ඉරානයෙන්, ඊශ්‍රායලයට චෝදනා එල්ල වීමත් සමඟ ඊශ්‍රායලය රටවල් කිහිපයක පිහිටි සිය තානාපති කාර්යාවල ආරක්ෂාව දැඩි කිරීමට ක්‍රියාමාර්ග ගත් බව හීබෲ බසින් පළවන මාධ්‍ය වාර්තා කර තිබිණි.

‘‘මොසේන් ෆක්රිසාදේ යනු ඉරානයේ ප්‍රමුඛතම, විශිෂ්ට හා කීර්තිමත් න්‍යෂ්ටික සහ ආරක්ෂක විද්‍යාඥයා’’ යැයි ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනි නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

‘‘මේ ඝාතනය පිටුපස සිටින සියලු දෙනාට අනිවාර්යෙන්ම දඬුවම් දෙනවා. විශේෂයෙන්ම මේ ප්‍රහාරය නියෝග කළ සියලු දෙනාට දඬුවම් දෙනවා’’ යැයි ඉරාන උත්තරීතර නායකයා අවධාරණය කළේය. කෙසේ නමුත් ඔහු ඒ සම්බන්ධයෙන් වැඩි විස්තරයක් සඳහන් නොකළේය.

ඉරාන ආණ්ඩුවේ කොරෝනා වයිරස මර්දන කාර්යසාධක බලකාය අමතමින් ඉරාන ජනාධිපති හසන් රොව්හානී මෙම ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට චෝදනා කළේය. ෆක්රිසාදේ ඝාතනය කිරීමෙන් ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන නැවැත්විය නොහැකි බව ද ඉරාන ජනාධිපතිවරයා අවධාරණය කළේය. ඉරානය න්‍යෂ්ටික අවි ආයුධ නිෂ්පාදනය කරමින් සිටින බවට ට්‍රම්ප් පරිපාලනය ප්‍රමුඛ ඇමෙරිකාව සහ ඉරානය චෝදනා එල්ල කරයි. කෙසේ නමුත් තමන් ආයුධ නිපදවන්නේ නැති බවත් අවධානය යොමු කර ඇත්තේ න්‍යෂ්ටික බලශක්තිය කෙරෙහි පමණක් බවත් ඉරානය ප්‍රකාශ කරයි.

පසුගිය දශකයක කාලයේදී ඉරානයේ න්‍යෂ්කි විද්‍යාඥයන් පස්දෙනකු පමණ ඝාතනයට ලක්ව තිබෙන අතර ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ ඉරානයටයි. මොසේන් ෆක්රිසාදේ ඒ අතරින් ප්‍රමුඛතම විද්‍යාඥයා ලෙස සැලකේ.

 

ඒ.එෆ්.පී./රොයිටර්

 

055



අදහස් (1)

ඉරාන නායකයාගෙන් බරපතළ අනතුරු ඇඟවීමක්

කපිල Sunday, 29 November 2020 04:30 PM

ඔය ආධ්‍යාත්මික නායකයෝ න්‍යෂ්ඨික විද්‍යාඥයින්ට වඩා භයානකයි. අන්‍යාගමිකයෙන් මැරුවාම ස්වර්ගයට යනවා කියලා මිනිස්සුන්ගේ ඔලු කුරුවල් කරන්නේ ඒ අයයි. සැබෑ ලෙසම පහර එල්ල කළ යුත්තේ ඔවුන්ටයි...

:       1       3

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

හිස්බුල්ලා ඊශ්‍රායලට පහරදෙයි
2024 අප්‍රේල් මස 23 246 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 571 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ නායකයා ඉල්ලා අස්වෙයි
2024 අප්‍රේල් මස 22 4093 3

ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් ඇරොන් හලීවා ඉල්ලා අස්විය. හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෙසේ ඉල්ලා අස් වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්


චීනයේ නගර ගිලා බහිනවා
2024 අප්‍රේල් මස 22 432 0

චීනයේ ප්‍රධාන නගරවලින් අඩක් ගිලා බසිමින් පවතින බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. විදෙස් මාධ්‍ය මේ බව අනාවරණය කළේ ජගත් භූ විද්‍යාඥයන් ‘සයන්ස්’ විද්‍යා සඟ


ඉරාන ජනපති පාකිස්තානයට
2024 අප්‍රේල් මස 22 2595 0

ශ්‍රී ලංකා සංචාරට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණියේය. ඉරාන ජනාධිපති රයිසිට පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ


මැතිවරණයෙන් ජනපති මුයිසුගේ පක්ෂයට ජය
2024 අප්‍රේල් මස 22 78 0

මාලදිවයින පාර්ලිමේන්තු මැතිවරනයෙන්, දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුගේ ‘ජනතා ජාතික කොංග්‍රසය’ දේශපාලන පක්ෂය විශිෂ්ට ජයක් හ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 281 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1635 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1516 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site