IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඉම්රාන්ගේ පක්ෂයේ අපේක්ෂකයෙක් බෝම්බ ප්‍රහාරයකින් මරුට

දෙරා ඉස්මයිල් ඛාන්හිදීය (රොයිටර්)
 
අගමැති අපේක්ෂක සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන්ගේ පාකිස්තාන් තරීක් ඊ ඉන්ෆාස් පක්ෂයේ අපේක්ෂකයකු අද (22) මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ගොදුරු වීමෙන් ජීවිතක්ෂයට පත්විය.
 
මහ මැතිවරණයට දින කිහිපයක් තිබියදී එල්ල වූ මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් සිව්දෙනෙක් තුවාල ලැබූහ. 
 
වයඹ දිග පාකිස්තානයේ කයිබර් පක්තුන්ක්වාහි සිදු වූ මෙම ප්‍රහාරය පසුගිය සති කිහිපයේදී දේශපාලන රැස්වීම් ඉලක්ක කරගනිමින් එල්ල වූ ප්‍රහාරවල දිගුවකි. වඩාත් මිලේච්ඡ සහ දරුණුතම ප්‍රහාරය වූයේ මේ මස ආරම්භයේදී එල්ල වූ ප්‍රහාරයයි. එම ප්‍රහාරයෙන් 149ක් ජීවිතක්ෂයට පත්වූහ. 
 
අද (22) ප්‍රහාරය එල්ල වූයේ පාකිස්තාන් තරීක් ඊ ඉන්සාෆ් පක්ෂය එසේත් නැතිනම් ‘පාකිස්තාන සාධාරණ ව්‍යාපාරය’ පක්ෂයේ අපේක්ෂකයකු වන ඉක්රාමුල්ලා ගන්ධාපූර්ගේ රථය ඉලක්ක කරගනිමිනි. දේශපාලන රැළියකට සහභාගී වී යමින් සිටියදී ඔහු මෙලෙස මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට ගොදුරු විය. 
 
ගන්ධාපූර්ට මීට පෙර අවස්ථා කිහිපයකදීම මරණ තර්ජන එල්ල වී තිබුණු අතර ඔහුගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 11 දෙනකු යොදවා තිබිණි. කෙසේ නමුත් අද (22) පැවැති දේශපාලන රැස්වීම සම්බන්ධයෙන් ඔහු පොලිසිය දැනුවත් කර නැතැයි ද වාර්තා විය. කෙසේ නමුත් ඔහු සමඟ සිට පොලිස් නිලධාරීන් දෙදෙනකු ප්‍රහාරයෙන් මියගොස් ඇතැයි වාර්තා විය. 
 
පාකිස්තාන තලේබාන් සංවිධානය ප්‍රහාරයේ වගකීම බාරගෙන තිබූ අතර එම සංවිධානයේ ප්‍රකාශකයකු ඒ බව සඳහන් කරමින් ප්‍රකාශයක් ද නිකුත් කර තිබිණි.
ගන්ධාපූර්ගේ සහෝදරයා 2013 වසරේ පැවැති මහ මැතිවරණයට ඉදිරිපත් වී සිටි අතර ඔහුද නිවසට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්විය. 
 
055



අදහස් (0)

ඉම්රාන්ගේ පක්ෂයේ අපේක්ෂකයෙක් බෝම්බ ප්‍රහාරයකින් මරුට

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 10 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 8 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 5 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 279 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 117 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 8751 15

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1687 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site