IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඉන්දු ශාන්තිකර බලකාය අලුත්වැඩියා කළ නැගෙනහිර පළාතේ පාසල් 2ක් සිසු අයිතියට

ඇමෙරිකා එක්සත් ජනපද හමුදාවේ ඉන්දු ශාන්තිකර බලකාය විසින් අලුත්වැඩියා කරනු ලැබූ නැගෙනහිර පළාතේ පාසල් දෙකක් සිසු අයිතියට පත් කිරීම ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ දේශපාලන අංශ ප්‍රධානී ඇන්තනි රෙන්ෂුලි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 

ඒ අනුව නින්තවුර්හි සහ සුඩෙයික්කුඩායිහි පාසල් දෙකක ගොඩනැගිලි අලුත්වැඩියා කර ඇත. නැගෙනහිර පළාතේ දරුවන්ට අධ්‍යාපනික අවස්ථාව ලබාදීමේ අරමුණින් ඉන්දු--ශාන්තිකර බලකාය එම ගොඩනැගිලි අලුත්වැඩියා කර තිබේ. 

සංවර්ධන ව්‍යාපෘතිය යටතේ නින්තවුර්හි අල් මෂාර් උසස් කාන්තා විද්‍යාලයට නව පන්ති කාමර 12ක්, ලීටර 35,000ක වැසි ජලය රැස් කිරීමේ පද්ධතියක් සහ අමතර නාන කාමර 17ක් ඉදි කර ඇත. සිසුන් 1,170ක් පමණ එම විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන බව පැවසේ.

ස්වභාවික ආපදා අවස්ථාවකදී පළාතේ ජනතාවට රැඳී සිටීමට හැකි ස්ථානයක් සුඩෙයික්කුඩා පාසලේ අලුත්වැඩියා කරන ලද පන්ති කාමර ගොඩනැගිල්ලේ ඉහළ මහළේ ඉදිකර ඇති අතර ආබාධිත පුද්ගලයන්ට ද භාවිත කළ හැකි කාමර දහයකින් සමන්විත වැසිකිළි පද්ධතියක් ද මෙම ව්‍යාපෘතිය යටතේ ඉදිකරනු ලැබ තිබේ. 

මීට අමතරව ඉන්දු ශාන්තිකර බලකාය සුඩෙයික්කුඩා පාසලට නව පන්ති කාමර පහක් ඉදි කිරීමටත් ලීටර 35,000ක වැසි ජලය රැස් කිරීමේ පද්ධතියක් ඉදි කිරීමටත් අරමුදල් ලබා දී ඇත. 

අලුත්වැඩියා කරන ලද පාසල් ගොඩනැගිලි සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, කොළඹ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ මහජන කටයුතු නිලධාරී ඬේවිඞ් මැක්ග්යර් යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ. 

055

 

 



අදහස් (0)

ඉන්දු ශාන්තිකර බලකාය අලුත්වැඩියා කළ නැගෙනහිර පළාතේ පාසල් 2ක් සිසු අයිතියට

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

කන්නඩ නිළියට කරදර කරලා
2024 අප්‍රේල් මස 20 109 0

ජනප්‍රිය කන්නඩ චිත්‍රපට නිළියක වන හර්ෂිකා පූණාචා සහ ඇගේ සැමියා ට කිසියම් කිරිසක් කරදර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.


උතුරු කොරියා නායකයා වෙනුවෙන් ගීතයක්
2024 අප්‍රේල් මස 20 74 0

උතුරු කොරියාවේ පාසල් දරු දැරියන් එක් වී, උතුරු කොරියා නායක කිම් ජොන් උන් අගයමින් ගැයූ ගීයක්, නායක කිම් ජොන් උන්ගේ ‘නිල ගීතය’ බවට පත් වී ඇතැයි උතුරු කොරි


ඉරානයට පහර දුන්නේ ඇමෙරිකාව දැනුවත්ව
2024 අප්‍රේල් මස 20 79 0

ඉරානයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථම ඇමෙරිකාවට ඊශ්‍රායලය ඒ බව දැනුම් දුන් බව පැවැසෙයි. කෙසේ නමුත් තමන් ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාරයක් එල්


පාකිස්තානයට මහ වැසි: 87 ක් මරුට
2024 අප්‍රේල් මස 20 34 0

පාකිස්තානයේ පළාත් රැසකට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සහ අකුණු අනතුරු හේතුවෙන් 87 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 82 දෙනකු තුවාල ලබා ඇති බවත් පාකිස්තාන ජාතික


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 850 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 123 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1544 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site