IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඉන්දු ජපන් විදෙස් - ආරක්ෂක ඇමැති හමුවක්

විදෙස් සහ ආරක්ෂක අමාත්‍යවරුන්ගේ හමුවක් මේ මස අගදී පැවැත්වීමට ඉන්දියාව සහ ජපානය සූදානම් වන බව ජපාන මාධ්‍ය වාර්තා කරයි.

ජපාන විදේශ අමාත්‍ය මොටෙගි ටොෂිමිට්සු සහ එරට ආරක්ෂක අමාත්‍ය කිෂි නොබුවා, ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් සහ ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහභාගී වන හමුවකට සහභාගී වීමට සූදානම් යැයි ජපානයේ එන්.එච්.කේ පුවත් සේවය වාර්තා කරයි.

දෙරටේ ආරක්ෂක සහ විදේශ අමාත්‍යවරුන් මෙලෙස හමු වුවහොත් එවැනි හමුවක් පැවැත්වෙන දෙවැනි අවස්ථාව මෙය වේ. දෙරටේ විදේශ සහ ආරක්ෂක අමාත්‍යවරු 2019 වසරේ නොවැම්බර් 30 වැනිදා නවදිල්ලියේ දී මෙලෙස හමුවූහ.

මතභේදාත්මක නැගෙනහිර සහ දකුණු චීන මුහුදේ චීනය කරන ක්‍රියාකාරකම් මේ හමුවට ප්‍රධාන හේතුව වී ඇතැයි ඒෂියා නිකී පුවත් සේවය වාර්තා කරයි.

ජපාන අග්‍රාමාත්‍ය සුගා යොෂිහිඩේ ද ඉන්දියාවේ සංචාරයකට සූදානම් වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉදිරියේ දී පැවැත්වෙනු ඇතැයි කියන හමුවේදී දෙරටේ ආරක්ෂක සහ විදේශ අමාත්‍යවරුන් ආරක්ෂක සහයෝගීතාව සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ඇතැයි පැවසේ.

ස්වයං-ආරක්ෂක සේවාවලට අවසර දීම සඳහා ජපානය සහ ඉන්දියාව පසුගිය වසරේ දී ගිවිසුමකට අත්සන් කළේය. එම ගිවිසුමට අමතරව ඉන්දීය හමුදාව දෙරටේ ආරක්ෂක අංශවලට ආහාර සහ ඉන්ධන සැපයීමද සිදු කෙරේ.

ජපානය දිගින් දිගටම ඉන්දියාව සිය මිත්‍රයකු ලෙස සලකන බවත් ඉන්දු-ශාන්තිකර කලාපය නිදහස් සහ විවෘත කලාපයක් බවට පත් කිරීමට පියවර ගන්නා බවත් ජපාන රජය උපුටා දක්වමින් එන්.එච්.කේ. පුවත් සේවය වාර්තා කර තිබිණි. නිදහස් සහ විවෘත ඉන්දු ශාන්තිකර කලාපයක් සඳහා කැපවෙන බව ඉන්දියාව මීට පෙර අවස්ථා කිහිපයකදීම අවධාරණය කළේය.

"ක්වඩ් සන්ධානයේ" රටවල නායකයන්ගේ හමුවක් පසුගිය මාසයේ දී පැවැත්විණි. ඉන්දියාව, ජපානය ඔස්ට්‍රේලියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය මෙම සන්ධානයේ සාමාජිකයෝ වෙති. "නිදහස් සහ විවෘත" ඉන්දු ශාන්තිකර කලාපයක් පවත්වාගැනීමේ වැදගත්කම එම නායකයන්ගේ හමුවේදී ද සාකච්ඡාවට ලක් විය.

එන්.එච්.කේ.



අදහස් (0)

ඉන්දු ජපන් විදෙස් - ආරක්ෂක ඇමැති හමුවක්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 160 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 99 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 89 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 26 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 292 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 133 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site