ලෝක කුසලාන තරගාවලියේදී පාකිස්තානය සමඟ පැවැත්වෙන තරගය වර්ජනය කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අනුගමනය කරන්නේ ඉන්දීය රජය ගන්න තීන්දු තීරණ යැයි එම ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලි පැවැසීය.
එක්දින ලෝක කුසලාන තරගාවලියේදී ලබන මැයි මාසයේදී ආරම්භ වීමට නියමිතය. එම තරගාවලිය යටතේ ලබන ජූනි මාසයේදී ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගයක් පැවැත්වීමට නියමිතය.
මතභේදාත්මක කාශ්මීර ප්‍රදේශයේ පුල්වාමාහිදී ඉන්දීය හමුදා රථ පෙළකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ඉන්දීය හමුදා සාමාජිකයන් 40 දෙනකු මිය යෑමත් සමඟ ඉන්දියව සහ පාකිස්තානය අතර නොහොඳ නෝක්කාඩු නැවතත් උග්‍ර වී තිබේ.
කාශ්මීරයේදී ඉන්දීය හමුදා වෙත එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම “වික්ෂිපත්භාවයට” පත්වුණා යැයි ද විරාත් කෝලි කීය.
“ත්රස්තවාදයට උල්පන්දම්” දෙන කිසිදු රටක් සමඟ සබඳතා නොපවත්වන්නැයි ක්‍රිකට් ප්‍රජාවට අවධාරණය කරන බව කියමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ලිපියක් ද යොමු කර ඇත.
ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය ජූනි 16 වැනිදා පැවැත්වීමට නියමිත අතර එම තරගය වර්ජනය කරන්නැයි කෝපයට පත් ඉන්දීය ක්‍රිකට් ලෝලීහු ඉල්ලා සිටිති.
ආණ්ඩුව සමඟ සාකච්ඡා කර එම තරගය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කර ඇති අතර තමන් ඇතුළු කණ්ඩායම එම තීරණය ගරු කරන බව විරාත් කෝලි කීය.
“කාශ්මීරයේදී සිදුවීම සම්බන්ධයෙන් ඉන්දීය කණ්ඩායම ඇතුළු සියලු දෙනා කම්පාවටත් කනගාටුවටත් පත්වෙනවා” යැයි විශාකාපට්නම්හිදි ඕස්ටේ්රලියාවට එරෙහිව පැවැත්වෙන පන්දුවර විස්සයි20 තරගයට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් විරාත් කෝලි පැවැසීය.
“අපේ මතය හරිම සරලයි. රටට මොකක්ද කරන්න ඕනේ, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කරන්නේ මොකක්ද අපි ඒ මතයේ ඉන්නවා. එය තමයි අපේ මතයි. ඉන්දීය රජය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කරන්නේ කුමක් ද අපි එම තීරණයට ගරු කරමින් එය අනුගමනය කරනවා” යැයි ද කෝලි කීවේය.
දේශපාලන අර්බුද හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය 2013 වසරේ සිට දෙරට අතර ක්‍රිකට් තරගාවලියක් පවත්වා නැත.
ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය මැන්චෙස්ටර්හිදී පැවැත්වීමට නියමිතය. එම තරගය වර්ජනය කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් ඉන්දීය පිලේ හිටපු ක්‍රීඩකයන් මේ වනවිට විවිධ මත පළ කර ඇත. ඇතැම් ක්‍රීඩකයන් තරගය වර්ජනය කළ යුතු යැයි පවසා ඇති අතර ඇතැම් ක්‍රීඩකයන් එසේ නොකළ යුතු යැයි පවසා ඇත.
ලෝක කුසලාන තරග ඉතිහාසයේ ඉන්දියාව පාකිස්තානයට එරෙහිව අපරාජිත වාර්තාවක් පවත්වාගෙන ඇති බැවින් එම වාර්තාව දිගටම පවත්වා ගත යුතු බවත් තරගය අත්හැර නොදැමිය යුතු බවත් ලෝක පූජිත පිතිකරුවකු වන ඉන්දියාවේ සචින් තෙන්ඩුල්කාර් පවසා ඇත. එහෙත් රට ගන්නා ඕනෑම තීරණයකට තමන් සහයෝගය දෙන බව ඔහු ප්‍රකාශ කර ඇත.
රොයිටර් ඇසුරිනි
055
තුර්කියේ ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ලබන ඉරිදා (31) පැවැත්වීමට නියමිතය. දශක ගණනක් තිස්සේ තුර්කියේ බලයේ සිටින්නේ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ජා
වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැව
පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් ප
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඉන්දීය රජය ගන්න තීන්දුවට ගරු කරනවා - විරාත් කෝලි
de silva berlin Monday, 25 February 2019 09:12 AM
පළමුවෙන්ම මේ ක්‍රීඩකයන්ගේ විනය සහ රට ජාතිය ගැන ඇති ආදරය ගැන ප්‍රශංසා කරලා ඉන්න ඕනේ, එ්ක නිසා තමයි ඔවුන් තරඟ දිනන්නේ.., නමුත් මෙහිදී සිහිපත් කරන්න ඕනේ රටවල් අතර දේශපාලන ප්‍රශ්න ක්‍රිකට් ක්‍රීඩාවට ගෙන එන එක එච්චර හොඳ දෙයක් නොවේ. ක්‍රීඩාව කියන්නේ රටවල්, ජාතින් අතර සහයෝගිතාව වර්ධනය කරන පාලමක්..., ඉන්දියාව කියන්නෙත් අතීතයේදී ලංකාවේ කොටි ත්රස්තවාදීන්ට පුහුණුව සහ ඔවුන්ට රටතුළ නිදහසේ සංවිධානය වෙන්න බැරිය. ඔවුන්ට සහයෝගය දීපු රටක්...
Eiffel Monday, 25 February 2019 10:26 AM
කොටින්ට උඩ ගෙඩි දුන්නු ඉන්දියාවට අද මෙහෙම කියන්න වීමම දෛවයේ සරදමක්... එක අතකින් ගත්තම ඉන්දියාවෙයි, පාකිස්තානෙයි උන් පොඩි එවුන් වගේ.. කාට හරි බෝම්බයක් අටවලා උන් දෙගොල්ලන් මරාගන්නවා. බලබල හිනාවෙන්න පුළුවන්.. අර ඉස්ස්කෝලෙ යන ළමයින් කොටවලා උන් ගහගන්නවා බලන් ඉන්නවා වගේ.. දේශපාලනය ක්‍රීඩාවට ගේන එකනම් අනුමත කරන්න බෑ..