IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ඉන්දීය රජය කාශ්මීරයට ලබාදී තිබූ විශේෂ තත්ත්වය ඉවතට

ඉන්දීය රජය එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් එරට පාලනය යටතේ තිබෙන කාශ්මීර ප්‍රදේශයට ලබා දී තිබූ විශේෂ තත්ත්වය ඉවත් කිරීමට අද (5) පියවර ගත්තේය.

මෙම තත්ත්වයත් සමඟ මතභේදාත්මක කාශ්මීර ප්‍රදේශයේ නොසන්සුන් තත්ත්වයක් උද්ගතවීමේ අවදානමක් ද හටගෙන ඇත.  

ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 වගන්තියෙන් කාශ්මීරයට එම විශේෂ තත්ත්වය ලබා දී තිබිණි. ඒ අනුව මුස්ලිම් බහුතරයක් වෙසෙන කාශ්මීර ප්‍රාන්තයට විශේෂිත ස්වයං පාලනයක් ලබා දී තිබිණි.

ඉන්දීය පාලනය යටතේ පවතින කාශ්මීරයේ දීර්ඝ කාලයක් මුළුල්ලේ කැරැලි හා ගැටුම් පවතී.

අසල්වැසියන් මෙන්ම න්‍යෂ්ටික බලවත්හු වන ඉන්දියාව සහ පාකිස්තානය 1947 වසරේ සිට කාශ්මීරය වෙනුවෙන් දෙවරක් යුද වැදුණු අතර අවස්ථා කිහිපයකදීම ගැටුම් ඇති කරගත්හ.

කාශ්මීරයට ලබා දී තිබූ විශේෂ තත්ත්වය අවලංගු කිරීමට ඉන්දියාව ගත් ක්‍රියාමාර්ගය නීති විරෝධී යැයි ද ඊට එරෙහිව හැකි සෑම පියවරක්ම ගන්නේ යැයි ද පාකිස්තානය පවසයි.

“ඉන්දියාව භයානයක සෙල්ලමක් කරනවා. එයින් කලාපයේ සාමයට හා ස්ථාවරත්වයට දරුණු බලපෑමක් කරනවා” යැයි පාකිස්තාන විදේශ අමාත්‍ය ෂාහ් මෙහ්මූද් කුරේෂී මහතා පැවැසීය.

1947 වසරේදී ඉන්දීය උප මහද්වීපය බෙදා වෙන් කෙරුණු අතර මුස්ලිම් වැසියන් බහුතරයක් වෙසෙන ප්‍රදේශ පාකිස්තානයට හිමිවිය. මුස්ලිම් වැසියන් බහුතරයක් වෙසෙන ප්‍රදේශ හිමි වූවා සේ කාශ්මීරය ද පාකිස්තානයට හිමිවනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වූහ.

එහෙත් කුමර රාජ්‍යයේ පාලකයාට ජම්මු සහ කාශ්මීරය ස්වාධීන පාලනයක් සහිත ප්‍රදේශයක් බවට පත් කිරීමට අවශ්‍ය විය. පාකිස්තාන ගෝත්‍රිකයන්ගෙන් ජම්මු සහ කාශ්මීරය බේරාගැනීමට අවශ්‍ය නිසා ඔහු අවසානයේදී ඉන්දියාව හා එක්විය.

අවසානයේදී ඉන්දියාව සහ පාකිස්තානය අතර යුද්ධයක් ඇති වූ අතර එහි ප්‍රතිඵලයක් කාශ්මීරය බෙදා වෙන් කෙරුණි.

කාශ්මීරය එතැන් සිට ලොව වඩාත්ම හමුදාකරණය වූ කලාපයකක් ලෙස පවතී. එමෙන්ම කාශ්මීරය හේතුවෙන් සහ කාශ්මීරය මුල් කරගනිමින් දශක හයක් මුළුල්ලේ ඉන්දියාව සහ පාකිස්තානය අතර එදිරිවාදිකම් පවතී.

1949 වසරේදී ජම්මු සහ කාශ්මීරයට ස්වංපාලන අයිතිය ලබාදෙමින් ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට නව වගන්තියක් ඇතුළත් කරන ලදි. එය 370 වගන්තිය ලෙස හඳුන්වයි. එම වගන්තියට අනුව ජම්මු හා කාශ්මීරයට වෙනමම ව්‍යවස්ථාවක් පවත්වා ගත හැකි අතර වෙනම කොඩියක් ද භාවිත කළ හැකිය.

විදේශ සබඳතා, ආරක්ෂාව සහ සන්නිවේදනය හැර අනෙකුත් කටයුතුවලදීද ස්වාධීනව කටයුතු කිරීමට අදාළ වගන්තියෙන් ජම්මු සහ කාශ්මීරයට ඉඩ සැලැසී තිබේ. ඉන්දීය ආණ්ඩුව අද (5) අවලංගු කරන ලද්දේ ඉහත කී 370 වගන්තිය යි.

බී.බී.සී. ඇසුරිනි

055



අදහස් (0)

ඉන්දීය රජය කාශ්මීරයට ලබාදී තිබූ විශේෂ තත්ත්වය ඉවතට

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 601 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 109 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 261 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 152 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1504 2

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 452 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site