IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි අදියර ඇරඹේ

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි අදියර අද (18) ආරම්භ විය. 

ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි අදියර දකුණු ඉන්දියාව කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන අතර මිලියන 155ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිති. මහ මැතිවරණයේ දෙවැනි අදියරේදී ප්‍රාන්ත 12ක පාර්ලිමේන්තු ඡන්ද කොට්ඨාශ 95ක් සඳහා විමසීම පැවැත්වේ. ජම්මු සහ කාශ්මීර ප්‍රාන්තයේ ඇතැම් කොටස්වලද ඡන්ද විමසීම් පැවැත්වේ. 

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අගමැති දෙවැනි වරටත් අග්‍රාමාත්‍ය ධුරයට පත් වීම වැළැක්වීම සඳහා විපක්ෂයේ පක්ෂ දැඩි සටනක නිරත වී සිටී. ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි අදියරේදී තමිල්නාඩු සහ කර්නාටක ප්‍රාන්තවලව වැඩි අවධානයක් යොමු වී තිබේ. අගමැති මෝදිගේ භාරතීය ජනතා පක්ෂය බලයෙන් ඉවත් කිරීමට නම් ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයට සහ එම පක්ෂයේ මිත්‍ර පක්ෂවලට විශාල වැඩි සංඛ්‍යාවකින් ජයග්‍රහණය කිරීමට සිදුවනු ඇත. 

අවසන් වරට පැවැති මහ මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂය දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගත් ඉන්දියාවේ උතුරු දෙසට වන්නට පිහිටි ප්‍රාන්තවල දී අති විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කරගත්තේය. එම ප්‍රාන්තවල ආසනවලින් සියයට 70කට වැඩි සංඛ්‍යාවක් ජයග්‍රහණය කිරීමට ද භාරතීය ජනතා පක්ෂය සමත්විය. 

ඉන්දීය මහ මැතිවරණය අප්‍රේල් 11 වැනිදා ආරම්භ වූ අතර මැයි 19 වැනිදා අවසන් වීමට නියමිතය. ඡන්දය ගණන් කිරීම මැයි 23 වැනිදා සිදු කෙරෙන අතර එදිනම ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමට ද නියමිතය. 

තම ජාතිකවාදී හින්දු පදනමට ආමන්ත්‍රණය කරමින් භාරතීය ජනතා පක්ෂය ආක්‍රමණශීලි මැතිවරණ ව්‍යාපාරයක් දියත් කළේය. සුළු ජාතීන් පිනවන බවට ද භාරතීය ජනතා පක්ෂය තම ප්‍රතිවාදීන්ට චෝදනා කළේය. 

එවැනි බෙදීම් සහ ඒත් සමඟ පැවැත්වෙන මැතිවරණය ඉන්දියාවේ අනාගමික පදනමට තර්ජනයක් යැයි විචාරකයෝ පෙන්වාදෙති. 

රොයිටර් ඇසුරිනි

055



අදහස් (0)

ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි අදියර ඇරඹේ

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 50 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 846 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 379 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


ඉරාන ජනාධිපතිට පුටින්ගෙන් ඇමතුමක්
2024 අප්‍රේල් මස 17 500 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ


ඔලිම්පික් ගිනි සිළුව ප්‍රංශය බලා එයි
2024 අප්‍රේල් මස 17 527 0

ජූලි මස 26 වැනිදා සිට අගෝස්තු මස 11 වැනිදා දක්වා ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වීමට සැලසුම් කර තිබෙන 2024 ඔලිම්පික් උලෙළේ ගිනි සිළුව ප්‍රංශය බලා රැගෙන යෑමේ ස


ඩුබායි ගුවන්තොටුපොළ ජලයෙන් යටවෙයි
2024 අප්‍රේල් මස 17 5111 5

නොකඩවා ඇද හැලෙන මහ වැසි සහ තද සුළංවලින් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය බැටකයි. ඩුබායි නගරය මේ වනවිට ජලයෙන් යටවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 192 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1480 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1391 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site