කොරෝනා වයිරස වසංගතය මැද, ඉන්දියාවේ ප්‍රධාන ප්‍රාන්ත පහක ප්‍රාන්ත සභා මැතිවරණ අද (27) සිට ලබන අප්‍රේල් 29 තෙක් අදියර කීපයක් යටතේ පැවැත්වෙනු ඇත.
මැතිවරණ පැවැත්වෙන්නේ ඇසෑමය, කේරළය, පුඩුචෙරි, තමිල්නාඩු සහ බටහිර බෙංගාල යන ප්‍රාන්තවල ප්‍රාන්තසභා වෙනුවෙන් නියෝජිතයන් පත් කර ගැනීමටය.
මේ වනවිට යළිත් වරක්, ඉන්දියාවේ ‘කොවිඩ් 19’ කොරෝනා වයිරස ඇසාදිතයන් වැඩිවීමට පටන්ගෙන ඇති බවත් ගතවුණු පැය 24 ඇතුළත වාර්තා වූ ආසාදියන් ගණන 52,000 ඉක්මවූ බවත් සෞඛ්‍ය අංශ කියයි.
වයිරස ව්‍යාප්තිය වැඩි වී ඇති බැවින්, මැතිවරණ කටයුතු පැවැත්වෙන්නේ සෞඛ්‍ය නිර්දේශවලට අනුව යැයි ප්‍රාන්ත මැතිවරණ බලධාරීහු පවසති. අද (27) මැතිවරණ කටයුතු ආරම්භ වන්නේ ඇසෑම් ප්‍රාන්තයෙනි.
ඇසෑම් මැතිවරණයේ පළමු අදියර අද (27) ආරම්භ වුවත් දෙවැනි සහ තෙවැනි අදියර පැවැත්වෙනු ඇත්තේ අප්‍රේල් පළමු වැනිදාත් සය වැනිදාත්ය. බටහිර බෙංගාල ප්‍රාන්ත මැතිවරණයේ පළමු අදියර ද අද (27) පැවැත්වෙයි.
බෙංගාලයේ සෙසු මැතිවරණ පැවැත්වෙනු ඇත්තේ අප්‍රේල් 1, 6, 10, 17, 22, 26 සහ 29 යන දිනවලදීය. තමිල්නාඩු, පුඩුචෙරි සහ කේරළ යන ප්‍රාන්තවල ප්‍රාන්තසභා මැතිවරණ පැවැත්වෙන්නේ අප්‍රේල් 6 වැනිදාය. දේශපාලනික අර්බුද හේතුවෙන්, පුඩුචෙරි ප්‍රාන්තය මේ වනවිට ඉන්දීය ජනාධිපතිවරයා යටතේ පවතී.
පැවැත්වෙන මෙම ප්‍රාන්ත මැතිවරණවල ඡන්ද ගණන් කිරීම ලබන මැයි 2 වැනිදා සිදුවන බවත් එදිනම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇති බවත්, ඉන්දීය ප්‍රධාන මැතිවරණ කොමසාරිස් සුනිල් අරෝරා මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.
මෙම මැතිවරණ සියල්ල ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්රමුඛ භාරතීය ජනතා පක්ෂයේ ජනප්‍රියත්වය උරගා බැලීමක් යැයි ඉන්දීය දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
භාරතීය ජනතා පක්ෂය තනිව ඉදිරිපත් වන්න්නේ ඇසෑම් ප්‍රාන්තයේ පමණි. සෙසු සෑම ප්‍රාන්තයකම ප්‍රබල දේශපාලන පක්ෂ සමඟ භාරතීය ජනතා පක්ෂය සන්ධානගත වී සිටී.
තුර්කියේ ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ලබන ඉරිදා (31) පැවැත්වීමට නියමිතය. දශක ගණනක් තිස්සේ තුර්කියේ බලයේ සිටින්නේ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ජා
වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැව
පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් ප
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඉන්දීය ප්‍රාන්ත 5 ක මැතිවරණ ඇරැඹේ