ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති වී තිබෙන නොසන්සුන් තත්ත්වය තවදුරටත් උග්‍ර අතට හැරෙන්නට ඉඩ නොදී ඉක්මණින් විසඳාගන්නා ලෙස ඇමෙරිකා එක්සත් ජනපද පෙන්ටගනය අවධාරණය කර සිටී.
ඇමෙරිකාවේ වැඩ බලන ආරක්ෂක ලේකම් ප්රැටික් ෂැනහන් අර්බුදය විසඳීමට මැදිහත් වනු ඇතැයි පැවසෙන නමුත් ඔහු ඉන්දියාවේ හෝ පාකිස්තානයේ ආරක්ෂක අමාත්‍යවරුන් හා සාකච්ඡා කළ බවක් පෙන්ටගනය සඳහන් නොකළේය.
ප්රැටික් ෂැනහන් වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සාකච්ඡා කළ බව ද පෙන්ටගනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
ඉන්දියාව සහ පාකිස්තානය තවදුරටත් හමුදාමය ක්‍රියාමාර්ග ගැනීමෙන් වැළැකී සිටිය යුතු යැයි ද පෙන්ටගනය අවධාරණය කළේය.
“ඉන්දියාව සහ පාකිස්තානය තවදුරටත් හමුදාමය ක්‍රියාමාර්ග ගැනීම වැළැක්වීම සඳහාත් ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය සමථයකට පත් කිරීම සඳහාත් වැඩබලන ආරක්ෂක ලේකම් පැට්රික් ෂැනහන් අවධානය යොමු කර තිබෙනවා” යැයි පෙන්ටගනය නිකුත් කළ නිවේදනයේ දැක්විණි.
රොයිටර් ඇසුරිනි
055
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඉන්දීය-පකිස්තාන අර්බුදය විසඳා ගන්නැයි පෙන්ටගනය කියයි