IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ඉන්දීය ආරක්ෂක ඇමැති ප්‍රංශ ජනපති සමඟ සාකච්ඡා

ප්‍රංශයේ සංචාරයක නිරත වී සිටින ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ඉන්දියාව සහ ප්‍රංශය අතර ශක්තිමත් ආරක්ෂක සහ උපායමාර්ගික සබඳතාඇති කරගැනීම සම්බන්ධයෙන් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් සමඟ සාකච්ඡා පැවැත්වීය. 


ඉන්දීය ගුවන් හමුදාව ප්‍රංශයෙන් ‘රෆායලේ’ ප්‍රහාරක ගුවන් යානා මිලදී ගන්නා අතර එහි පළමු ගුවන් යානය ඉන්දියාවට බාර දීම වෙනුවෙන් පැවැති උත්සවයෙන් පසු ප්‍රංශ ජනාධිපතිවරයා හමුවෙමින් ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ඒ බව පැවැසීය. 


ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා සහ ජනාධිපති එමානුවෙන් මැක්රෝන් අතර හමුව ප්‍රංශයේ ‘එලීසේ’ මාලිගයේදී පැවැත්විණි. ප්‍රංශය ඉන්දියාවේ ‘වැදගත් උපායමාර්ගික සහකරුවකු’ යැයි ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං එහිදි කීවේය. 


“ප්‍රංශයත් සමඟ අපට බහුවිධ සබඳතා තිබෙනවා. එම සබඳතා දිගින් දිගටම ඉදිරියට යනවා. අප අතරේ සංවාද තිබෙනවා. දෙරට අතර පුළුල් ආරක්ෂක සංවාදයක් තිබෙනවා. අද පැවැති සාකච්ඡා එහි කොටසක්” යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් අජේ කුමාර් කීය.

 

ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සමඟ අමාත්‍ය මණ්ඩල දූත පිරිසක් ද ප්‍රංශයට ගොස් සිටින අතර ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාද එහි සාමාජිකයෙකි. 


මෙම සංචාරයේදී ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රංශයේ ත්‍රිවිධ හමුදා පිළිබඳ අමාත්‍ය ෆ්ලෝරන්ස් පාර්ලි ද මුණ ගැසුණි. 



ද හින්දු

 

055

 



අදහස් (0)

ඉන්දීය ආරක්ෂක ඇමැති ප්‍රංශ ජනපති සමඟ සාකච්ඡා

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

හිස්බුල්ලා ඊශ්‍රායලට පහරදෙයි
2024 අප්‍රේල් මස 23 322 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 671 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ නායකයා ඉල්ලා අස්වෙයි
2024 අප්‍රේල් මස 22 4146 3

ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් ඇරොන් හලීවා ඉල්ලා අස්විය. හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෙසේ ඉල්ලා අස් වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්


චීනයේ නගර ගිලා බහිනවා
2024 අප්‍රේල් මස 22 472 0

චීනයේ ප්‍රධාන නගරවලින් අඩක් ගිලා බසිමින් පවතින බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. විදෙස් මාධ්‍ය මේ බව අනාවරණය කළේ ජගත් භූ විද්‍යාඥයන් ‘සයන්ස්’ විද්‍යා සඟ


ඉරාන ජනපති පාකිස්තානයට
2024 අප්‍රේල් මස 22 2616 0

ශ්‍රී ලංකා සංචාරට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණියේය. ඉරාන ජනාධිපති රයිසිට පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ


මැතිවරණයෙන් ජනපති මුයිසුගේ පක්ෂයට ජය
2024 අප්‍රේල් මස 22 83 0

මාලදිවයින පාර්ලිමේන්තු මැතිවරනයෙන්, දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුගේ ‘ජනතා ජාතික කොංග්‍රසය’ දේශපාලන පක්ෂය විශිෂ්ට ජයක් හ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 287 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1647 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1518 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site