ඉන්දියාවේ දාලිත් කුලයට අයත් පිරිස් විසින් පවත්වනු ලැබූ විරෝධතාවයක දී ප්‍රචණ්ඩකාරී ගැටුම් හේතුවෙන් හත්දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
පහත් කුලවල ජනකොටස් ආරක්ෂා කිරීම සඳහා සැකසුණු නීතියක් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හේතුවෙන් යටපත් වන බව පවසමින් ඔවුහු මෙසේ විරෝධතාවයේ යෙදෙති.
ප්‍රාන්ත කිහිපයක දස දහස් ගණනන් ජනයා වීදී බැස විරෝධතාවයේ යෙදීම හේතුවෙන් දුම්රිය සේවා ඇතුළු ප්‍රවාහන සේවා බොහෝමයක් අඩපණව ඇති බවද පැවසේ.
වාහන කිහිපයකට ගිනිතබා ඇති බවද පොලිසිය පවසයි. සමහර ප්‍රදේශවල ඇඳිරිනීතිය පැනවීමට සිදුවී ඇති අතර විභාග කල්දමා ඇත.
ඉන්දියානු කුල ධූරාවලියේ පහත්ම කුලයක් ලෙස සැළකෙන දාලිත් කුලයේ මිලියන 200ක් පමණ ජනතාවක් ජීවත් වන අතර 2016 වර්ෂයේ පමණක් 40,000ක පමණ ප්රචණ්ඩ ක්‍රියා කුලය පදනම් කරගෙන සිදුවි ඇතැයි වාර්තා වී ඇත.
(බීබිසී පුවත් ඇසුරිණි - 085)
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඉන්දියාවේ විරෝධතා වලින් 7 ක් මරුට
ධනුෂ්ක Tuesday, 03 April 2018 02:18 PM
ලෝකේ අනික් රටවල ජන අනුපාත වලට සාපේක්ෂව ඉන්දියාව යනු ලෝකේ වැඩිම අාගම් සංඛ්‍යාවක් තියන හා වැඩිම දෙවියන් අදහන රට වේ. ඊට අමතරව. වැඩිම දිළින්ඳන් සිටින. අඩුම අධ්‍යාපන මට්ටමක් තිබෙන. අඩුම වැසිකිලි සංඛ්‍යාවක් තිබෙන. වැඩිම ගණිකාවන් සිටින.වැඩිම කාන්තා දූෂණ හා අපචාර සිදු වන ලෝකේ අංක එකේ රට වේ. මහ බබා මොනවට එ් විදියට මැව්වද මන්දා.
rasika Tuesday, 03 April 2018 07:45 PM
දැන් මේවා මානව හිමිකම් කඩකිරීම් නෙමෙයිද? උපන්න කුලය අනුව පාසල් යන්න බැහැ. අධ්‍යාපනය සීමා කරනවා, රැකියා අවස්ථා නැතිකරනවා. දැන් මේවා මානව හිමිකම් කවුන්සලේ කතා කරන්නේ නැද්ද? අර ලංකාවේ කොච්චර සාධාරණ සමාජයක්ද තියෙන්නේ. බෞද්ද පරිසරය තුල සැමට රැකවරණය ලැබෙනවා. ලංකාවේ හොද දේවල් කතා කරන්න ඕනේ. දකුණු ආසියාවේ තියෙන හොදම රට ලංකාව
LalithWednesday, 04 April 2018 12:16 PM
රසික, ඔයාගේ කතාව ඇත්ත. නමුත් දේසපලුවෝ රට කාලා තියෙන්නේ.