ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සහ ඒ අවට නගර හා ප්‍රදේශවල පිදුරු ගිනි තැබීම සම්පූර්ණයෙන් නවත්වන්නැයි එරට ශ්‍රේෂ්ඨාධිකරණය අද (5) නියෝග කළේය.
මේ සතියේ දෙවැනි දිනටත් නවදිල්ලි අගනුවර දහස් ගණනාවක් හුස්ම ගැනීමේ අපහසුතාවලින් පීඩාවට පත්ව සිටිති. ‘මෙගා නගරයක්’ වන ඉන්දියාවේ අගනුවර දෙවැනි සතියටත් විස දුමාරයෙන් වැසී තිබේ.
සෑම ශීත ඍතුවකදීම ඉන්දියාවේ අගනුවර විස දුමකින් වැසී යයි. වාහනවලින් නිකුත් වන විස දුමාරය, කර්මාන්තශාලාවලින් පිටවන දුම් සහ කෘෂිකාර්මික කටයුතු සඳහා අසල්වැසි ප්‍රාන්තවල කරන ගිනිතැබීම්වලින් නිකුත් වන දුම යනාදිය නිසා නවදිල්ලියේ වායූ දූෂණය ඉහළ ගොස් තිබේ.
පිදුරුවලට ගිනි තැබීමෙන් නිකුත්වන දුමාරය වාතය දූෂණය වීමට බලපාන ප්‍රධාන හේතුවකි. මේ සතියේ දෙවැනි දිනටත් නවදිල්ලි අගනුවර පාසල් වසා දමා ඇති අතර ඉදි කිරීම් කටයුතු ද නවතා දමා තිබේ.
නවදිල්ලි අගනුවර වැසියන්ගේ ඔවුන්ගේ ජීවිත කාලයෙන් වටිනාම කාලයක් නැති කරගනිමින් සිටින බවත් වායූ ජනතාව නිසා දහස් ගණනක් වාර්ෂිකව මරණයට පත්වන බව ප්‍රකාශ කළ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ශිෂ්ට සම්පන්න රටක එය සිදු නොවිය යුතු යැයි ද සඳහන් කළේය.
පරිසරවේදීන් ඇතුළු ක්‍රියාකාරීන් පිරිසක් ගොනුකළ පෙත්සමක් විභාගයට ගනිමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව දුන්නේය. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව නවදිල්ලිය, ඒ අවට නගර, ප්‍රදේශ සහ ප්‍රාන්තවල පිදුරු හා එම අමුද්‍රව්‍යවලට ගිනි තැබීම වහාම නැවැත්විය යුතුය. කවුරුන් හෝ එම නියෝගය පිළිනොගනිමින් කටයුතු කළහොත් සමස්ත පරිපාලනයම, ඉහළම නිලධාරියාගේ සිට පහළම නිලධාරියා දක්වාත්, පොලිසියත් ආදී සියලු දෙනාත් ඊට වගකිව යුතු බවත් සියලු දෙනාට එරෙහිව පියවර ගන්නා බවත් ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණයෙන් සඳහන් කළේය.
ඉන්දියාව තුළ විශේෂයෙන්ම නවදිල්ලිය අගනුවර අවට නගර, ප්‍රදේශ හා ප්‍රාන්තවල පිදුරු හා එම අමුද්‍රව්‍යවලට ගිනි තැබීම නීති විරෝධි වුවත් ඇතැම් ගොවීහු වෙනත් විකල්පයක් නැති බව පවසමින් ඒවාට ගිනි තබති.
නවදිල්ලියේ වායූ දූෂණය ‘වාතයේ ඝණ මීටරයකට මයික්රෝග්රෑම් 1,000ක්’ දක්වා ඉහළ ගොස් ඇති අතර ඒ අනුව එම අංශුවලට රුධිරයට එක්විය හැක බවත් විශේෂඥයෝ පවසති. නවදිල්ලියේ වායූ දූෂණය පිළිබඳ මෙවර කරන ලද ගණනය කිරීම් වසර තුනකට පසු වාර්තා වූ නරකම තත්ත්වය යැයි ඔවුහු පෙන්වාදෙති. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට අනුව දිනකට ඉහළ යා හැකි සහ ආරක්ෂිත සංඛ්‍යාව වාතයේ ඝණ මීටරයකට මයික්රෝග්රෑම් 25කි.
ගුවන් යානා හරවා ඇති අතර ගුවන් බොහෝමයක් අවලංගු කර හෝ ප්‍රමාද කර තිබේ. ස්වසන ආබාධවලින් පීඩා විඳින රෝගීහු දහස් ගණනකින් රෝහල් පිරී ගොස් ඇතැයි ද වාර්තා වේ. මීදුම් පටළයක් වැනි විස දුමාරය හේතුවෙන් අංශු වැනි යමක් ඊයේ වර්ෂාව මෙන් නවදිල්ලි නුවරට පතිත වී තිබෙන අතර මේවා පෙනහළුවලට හෝ රුධිර පද්ධතියට එක්වුවහොත් දීර්ඝකාලීනව මාරාන්තික බලපෑම් එල්ල කරනු ඇතැයි ද පැවසේ.
ඒ.එෆ්.පී
055
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඉන්දියාවේ පිදුරු ගිනි තැබීම නවත්වන්නැයි නියෝගයක්