නවදිල්ලිහිදීය (රොයිටර්)
මාස දහයකට පසු පළමු වරට ඉන්දියාවේ ඩීසල් පරිභෝජනය පහත වැටී ඇතැයි එරට රජයේ දත්ත සඳහන් කරයි.
එම දත්තවලට අනුව පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ ඩීසල් පරිභෝජනය හා සංසදනය කිරීමේදී මේ වසරේ සැප්තැම්බර් මාසයේ ඩීසල් පරිභෝජනය ද පහත වැටී ඇත.
කෙසේ නමුත් ගෙවී ගිය මාස හතරක කාලයේදී පෙට්‍රල් අලෙවිය වර්ධනය වී ඇත. එහෙත් එය වැඩි වී ඇත්තේ ද අඩු අගයකිනි. පෙට්‍රල් සඳහා සැලකිය යුතු ඉල්ලුමක් තිබුණ ද ඉහළ මිල ගණන් නිසා ඉල්ලුම අඩු වූ බව එම දත්ත පෙන්වාදෙයි.
ඉන්දියාව තුළ එලෙස පෙට්‍රල් සහ ඩීසල් අලෙවිය අඩු වීම නිසා මේ වසරේ සැප්තැම්බර් මාසයේ සමස්ත ඉන්ධන ඉල්ලුම සියයට 1.1කින් අඩු වී ඇත. එසේ වුවත් ද්‍රවීකාරක ඛනිජ ගෑස් සහ ජෙට් යානා සඳහා යොදාගන්නා ඉන්ධනවල අලෙවිය ඉහළ ගොස් තිබේ.
ඉන්දියාවේ ඉන්ධන පරිභෝජනය එක අතකින් බලන විට ලෝකයේ තෙල් ඉල්ලුමෙන් සැලකිය යුතු ප්‍රමාණයක් වන අතර ඉන්දියාව ඉරානයෙන් තෙල් මිලදී ගන්නා ප්‍රමුඛතම රටක් ද වේ.
පසුගිය මාසයේ ඉන්දියාවේ ඉන්ධන පරිභෝජනය ටොන් මිලියන 16.54ක් වූ අතර එය අගෝස්තු මාසය හා සැලකීමේදී සියයට 1.3ක පහත වැටීමක් යැයි එරට ඛනිජ තෙල් අමාත්‍යාංශයේ ඛනිජ තෙල් සැලැසුම් සහ විශ්ලේෂණ අංශයේ දත්ත පෙන්වාදෙයි.
ඉන්දියාවේ ඉන්ධන පරිභෝජනය අඩුවීම නිසා එරට කාර්මික අංශයේ නිෂ්පාදනය ද අඩු වී ඇත.
055
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි
ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ
රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.
මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින
ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඉන්දියාවේ ඩීසල් පරිභෝජනය පහත වැටේ