IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ඉන්දියාවේ උද්ධමනය ඉහළට

අඛණ්ඩව හයවැනි මසටත් ඉන්දියාවේ උද්ධමනය ඉහළ ගිය අතර 2016 වසරේ ජනවාරි මාසයෙන් පසුව මෙතරම් දීර්ඝ කාලයක් ඉන්දියාවේ උද්ධමනය අඛණ්ඩව ඉහළ ගිය පළමු අවස්ථාවද මෙය යැයි වාර්තා විය.

රොයිටර් පුවත් සේවය කරන ලද විමසීමකට අනුව මාස නවයකට පසු ඉහළම උද්ධමනයක් වාර්තා කළ අවස්ථාවද මෙය විය. ආහාර මිල ගණන් අඛණ්ඩව ඉහළ යෑම මෙලෙස උද්ධමනය ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ.

උද්ධමනය ඉහළ ගිය ද ඉන්දීය මහ බැංකුවේ සියයට 4ක මධ්‍යකාලීන ඉලක්කය හේතුවෙන් ලිහිල් ප්‍රතිපත්ති සඳහා ඉඩ සැලසෙනු ඇතැයි පැවසේ. 

ආර්ථික විද්‍යාඥයන් 30 දෙනකු සම්බන්ධ කරගනිමින් රොයිටර් පුවත් සේවය මෙම විමසීම කර තිබේ. ජූලි 31 වැනිදා සිට අගෝස්තු 6 වැනිදා දක්වා කාලයේදී මෙම විමසීම් කර තිබේ. ඒ අනුව ජූලි මාසයේදී උද්ධමනය සියයට 3.20ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර ජූනි මාසයේ උද්ධමනය සියයට 3.18ක් ලෙස සටහන්ව ඇත. 

ආහාර මිල ගණන් ඉහළ යෑමට අමතරව ඉන්ධන පිරිවැය ඉහළ යෑම ද උද්ධමනය ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ. ආහාර සහ ඉන්ධන යන ඉන්දියාවේ පාරිභෝගික මිල දර්ශකයේ ප්‍රධාන අංගය. පසුගිය මාස දෙකක කාලයේදී අපේක්ෂා කළ පරිදි මෝසම් වැසි නොලැබීම ආහාර මිල ගණන් ඉහළ යෑමට හේතු විය. 

රොයිටර් ඇසුරිනි 

055



අදහස් (2)

ඉන්දියාවේ උද්ධමනය ඉහළට

kris Thursday, 08 August 2019 03:43 AM

දැන් මේ පිළිබඳව බන්දුල ගුණවර්ධනට මොනවද කියන්න තියෙන්නේ?

:       0       2

sandy123Thursday, 08 August 2019 07:25 AM

ඉන්දියානු රුපියල් 500කින් මාසයක් ඉතා සතුටින් තුන් වේලක් පවුලක් කන හැටි කියලා දේවි...

:       0       2

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

හිස්බුල්ලා ඊශ්‍රායලට පහරදෙයි
2024 අප්‍රේල් මස 23 162 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 486 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ නායකයා ඉල්ලා අස්වෙයි
2024 අප්‍රේල් මස 22 3976 3

ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් ඇරොන් හලීවා ඉල්ලා අස්විය. හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෙසේ ඉල්ලා අස් වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්


චීනයේ නගර ගිලා බහිනවා
2024 අප්‍රේල් මස 22 391 0

චීනයේ ප්‍රධාන නගරවලින් අඩක් ගිලා බසිමින් පවතින බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. විදෙස් මාධ්‍ය මේ බව අනාවරණය කළේ ජගත් භූ විද්‍යාඥයන් ‘සයන්ස්’ විද්‍යා සඟ


ඉරාන ජනපති පාකිස්තානයට
2024 අප්‍රේල් මස 22 2563 0

ශ්‍රී ලංකා සංචාරට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණියේය. ඉරාන ජනාධිපති රයිසිට පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ


මැතිවරණයෙන් ජනපති මුයිසුගේ පක්ෂයට ජය
2024 අප්‍රේල් මස 22 74 0

මාලදිවයින පාර්ලිමේන්තු මැතිවරනයෙන්, දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුගේ ‘ජනතා ජාතික කොංග්‍රසය’ දේශපාලන පක්ෂය විශිෂ්ට ජයක් හ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 277 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1626 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1511 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site