ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (9) මිලියන 6.91ක් දක්වා ඉහළ ගියේය.
සිකුරාදා, එනම් අද (10) පෙරවරුවෙන් අවසන් පැය 24 ක කාලයේදී නව කොරෝනා වයිරස ආසාදිතයන් 70,496 දෙනකු වාර්තා වී ඇත.
ඉන්දියාවෙන් අවසන් පැය 24 දී නව කොරෝනා වයිරස ආසාදිත මරණ 964ක් වාර්තා වී ඇති අතර ඒ අනුව එරටින් වාර්තා වන සමස්ත වයිරස ආසාදිත මරණ ගණන 106,490ක් යැයි ද එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඉන්දියාවේ නව කොරෝනා වයිරස ආසාදිත මරණ ලක්ෂය ඉක්මවා ගියේ ඉකුත් සෙනසුරාදා ය. නව කොරෝනා වයිරස ආසාදිත මරණ ලක්ෂයක් වාර්තා වන තෙවැනි රට වන්නේ ද ඉන්දියාවයි. වැඩිම මරණ ගණනක් වාර්තා වන රටවල් අතර පළමු තැන ඇමෙරිකාව ද දෙවැනි තැන බ්‍රසීලය ද පසුවෙයි.
මේ කිසිදු රටකින් වයිරසයේ ව්‍යාප්තිය අඩු වන බවක් පෙනෙන්නට නැත.
මේ අතර බ්‍රහස්පතින්දා (8) පස්වරුවෙන් අවසන් වූ පැය 24 ක කාලයේදී ලොව නන්දෙසින් නව කොරෝනා වයිරස ආසාදිතයන් 338,779 දෙනකු හඳුනාගත් බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළේය.
එය දිනක් ඇතුළත ලොව රටවලින් වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන යැයි ද එම සංවිධානය නිවේදනය කළේය. ඒ අනුව එම පැය 24 කාලයේදී වැඩිම වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වී ඇත්තේ ඉන්දියාව, ඇමෙරිකා එක්සත් ජනපදය සහ බ්‍රසීලය යන රටවලිනි.
එම පැය 24 දී ඉන්දියාවෙන් නව කොරෝනා වයිරස ආසාදිතයන් 78,524 දෙනකු, බ්‍රසීලයෙන් ආසාදිතයන් 41,906 දෙනකු සහ ඇමෙරිකාවෙන් ආසාදිතයන් 38,904 දෙනකු හඳුනාගෙන ඇත.
එම පැය 24 දී ලොව නන්දෙසින් වයිරස ආසාදිත මරණ 5,514ක් වාර්තා වී තිබේ. ඒ අනුව නව කොරෝනා වයිරස ආසාදිත ගෝලීය මරණ සංඛ්‍යාව මිලියන 1.05ක් දක්වා ඉහළ ගොස් තිබේ.
රොයිටර්
055
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි
ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ
රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.
මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින
ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඉන්දියාවේ ආසාදිතයන් මිලියන 6.91ක් දක්වා ඉහළට