නවදිල්ලිහිදීය (ඒගඑෆ්ගපී)
ඊශ්‍රායලයෙන් ගොඩබිම සිට ගුවනට විදිය හැකි මිසයිල 131 ක් මිලදී ගැනීමට සූදානම් බව යැයි ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
ඊශ්‍රායල රජයට අනුබද්ධිත රෆායල් ඇඞ්වාන්ස්ඩ් ඩිෆෙන්ස් සිස්ටම්ස් සමාගමෙන් ඉන්දියාව මෙම මිලදී ගැනීමට නියමිතය. මෙම සම්පූර්ණ ගිවිසුමේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 70ක් යැයි ද ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
ඉන්දියාවට මිලදී ගැනීමට නියමිතව ඇත්තේබරාක්’ නැමැති මතුපිටක සිට ගුවනට විදිය හැකි මිසයිලය. එම මිසයිල ගුවනින් එල්ල විය හැකි තර්ජන වැළැක්වීමට යොදාගනී. ගුවන් යානා රැගෙන යා හැකි ඉන්දියාවට අයත් පළමු යුද නෞකාව මේ වනවිට නිෂ්පාදනය කරමින් තිබෙන අතර මෙම මිසයිල එම නෞකාවට යොදාගැනීමට නියමිත බව පැවසේ.
මේ මස මැදදී ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්රමුඛ එරට රජයේ ප්‍රධානීන් සහ ව්‍යාපාරික කණ්ඩායමක් ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතය. ඊශ්‍රායලය ඉන්දියාවේ ප්‍රමුඛතම ආරක්ෂක උපකරණ, ආයුධ සැපයුම්කරුවා වන අතර සාමාන්‍යයෙන් ඉන්දියාවට වසරකට ඩොලර් බිලියනයකට ආසන්න වටිනාකමකින් යුතු යුද උපකරණ ඊශ්‍රායලයෙන් මිලදී ගනී.
වසර කිහිපයක් සඳහා මතුපිට සිට ගුවනට විදින මධ්‍ය දුර මිසයිල, සන්නිවේදන තාක්ෂණ උපකරණ ආදිය වෙනුවෙන් ඉන්දියාව පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී ඊශ්‍රායලය සමඟ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 2ක වටිනාකමකින් යුත් ගිවිසුමකට අත්සන් තබන ලදි. ඉන්දියාව මෙලෙස මිසයිල 131ක් මිලදී ගන්නේ එම ගිවිසුම යටතේ ද නව ගිවිසුමක් යටතේ ද යන්න පිළිබඳව නිශ්චිතව තොරතුරු අනාවරණය නොවිණි.
(055)
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඉන්දියාව ඊශ්‍රායලයෙන් මිසයිල මිලට ගනී
amia Friday, 05 January 2018 04:11 AM
ලංකාවට තර්ජනක් මේ මිසයිල මිලට ගැනිම.