ඉතාලියේ බන්ධනාගාරවල ඇති වූ කැරලි කෝලාහලවලින් මියගිය සංඛ්‍යාව අද (10) වනවිට 12 ක් දක්වා ඉහළ ගොස් ඇති බව බලධාරීහු පවසති.
කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා ගෙන ඇති පියවර වලට විරෝධය පල කරමින් රැඳවියන් කලබල කරන බව පැවසේ.
ඉතාලියේ බන්ධනාගාර වල අධික තදබදයක් පවතින අතර පවුලේ සාමාජිකයන් හමුවීම සීමා කිරීම වැනි පියවර හේතුවෙන් රැඳවියෝ කෝපයට පත්ව සිටිති.
විරෝධය පල කිරීම සඳහා, ගිනි තැබීම්, ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා ගැනීම් සහ බන්ධනාගාර වලින් පැන යාම වැනි ක්‍රියා රැඳවියන් ආරම්භ කර ඇති බව බන්ධනාගාර පාලකයෝ පවසති.
ප්‍රචණ්ඩකාරී විරෝධතා පාලනය කර ඇති බව අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි නමුත් බන්ධනාගාර 10 ක තවමත් විරෝධතා සිදුවෙමින් පවතින බව සඳහන් වේ.
ඉරිදා සහ සඳුදා මොඩෙනා බන්ධනාගාරයේ රැඳවියන් හත් දෙනෙක් මිය ගිය අතර අඟහරුවාදා තවත් දෙදෙනෙකු මියගොස් තිබේ.
රෝමයට ඊසාන දෙසින් පිහිටි රීටි හි බන්ධනාගාරයක තවත් තිදෙනෙක් මියගොස් සිටියහ.
මරණ වලින් වැඩි ප්‍රමාණයක් සිදුවී ඇත්තේ රැඳවියන් සායනවලින් සොරකම් කරන ලද ඖෂධ අධික ලෙස පානය කිරීම නිසා බව බලධාරීහු පවසති.
දකුණු ෆොග්ජියා හි බන්ධනාගාරයකින් සිරකරුවන් පනස් දෙනෙකු සඳුදා පැන ගිය අතර අඟහරුවාදා උදෑසන වන විට නැවත අත්අඩංගුවට ගෙන ඇත්තේ 22 දෙනෙකු පමණක් බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.
යුරෝපයේ රටවල් අතරින් ඉතාලියට දැඩි ලෙස බලපෑම් ඇතිකර තිබෙන වෛරසය පැතිරීම නැවැත්වීම සඳහා පවුලේ සාමාජිකයන් සමඟ රැඳවියන්ගේ සම්බන්ධතා සීමා කිරීමෙන් පසුව විරෝධතා සහ කෝලාහල ආරම්භ විය.
ඉතාලි බන්ධනාගාර සාමාන්‍යයෙන් රැඳවියන්ගෙන් පිරී ඇති අතර එමඟින් රැඳවියන් සහ කාර්ය මණ්ඩලය බෝවන රෝගයට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
උතුරු කොරියාව කෙටි දුර බලැස්ටික් මිසයිල කීපයක් දකුණු කොරියාව දෙසට එල්ල කළේය. මිසයිල ප්‍රහාරයෙන් කිසිවකුටවත් අනතුරක් සිදු වූයේ නැත.
ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණය ලබන අප්‍රේල් 19 වැනිදා පැවැත්වෙන බව එරට මැතිවරණ කොමිසම නිවේදනය කර තිබේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි භූතානය බලා යෑමට නියමිතය. ඒ, නිල සංචාරයක් සඳහාය. මෝදි භූතානය බලා යනු ඇත්තේ, භූතාන රජුගේ විශේෂ ඇරැයුමක් පිළිගනිමිනි.
ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාර හේතුවෙන්, ගාසා තීරයේ ජීවත් වන පලස්තීන දරුවන් 13,000 ක් මියගොස් ඇති බවත්, මේ වනවිට ත
ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර, ධවල මන්දිරය ආසන්නයේ වෙඩි තැබීමක් සිදුවිය. එයින් පුද්ගලයන් දෙදෙනකු මියගොස් තවත් පස් දෙනකු තුවාල ලැබූ බව පැවැසෙයි.
අයිස්ලන්තයේ ගිනි කන්දක් සක්‍රිය වී පුපුරා යෑමට පටන් ගෙන ඇති බැවින්, අයිස්ලන්තයේ දකුණු දිග ප්‍රදේශවලට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඉතාලියේ බන්ධනාගාරවල ඇතිවූ ගැටුම් වලින් 12 ක් මරුට
DHARMASENA SUMITHRA? Wednesday, 11 March 2020 07:34 AM
මේ අවස්ථාවේ ඇතිවන මානසික විප්ලවයයි.